Pages

Wednesday, November 30, 2011

බඩුම තමයි.


දෙයියනේ කියලා කුපාඩි කතාවක් කුපාඩි වැඩක් කොරන් ලියන් ගියපු බ්ලොගියේ අති උත්තම පජාත චාටර් කුජීත නට්ටං කුට්ටං ස්වයිරීභාවය කෙලෙසෙන්නයි යන්නේ. හම්මියෝ.... මතක් වෙනකොටත් ඇගේ හීගඩු පිපෙනවා  ඕයි.... අද ඉදං නෝටියා කුපාඩි කතා ලියලා ඉවරයි. ලිව්වොත් නෝටියාගේ කණට බුදු සරණයි.


අනේ අම්මියෝ................................!!!!!!


අන්න මගේ නෝටිච්චිත් බ්ලොගියක් පටන් ගත්තා. කාලා වරෙන්කෝ ඉතිං. දැං ඉතිං නෝටියාගේ සායම යවයිද මංදා අපේ උන්දෑ.


හොදයි හොදයි... මොනවා උනත් ඉතිං මගේ වෙන්ට බාරි නොවැ. ඔන්න එහෙනම් මගේ නෝටිච්චියේ... 
හුටස් වැරදුණා...!!
නෝටිච්චි නෙමෙයි.. සුදු මැණිකේ... ඔයාව බ්ලොග් ලෝකෙට කෑදරයෙන්... @!#$$@#%


චික් වැරදුණා...!!


මගේ සුදු මැණිකේ හෙවත් නෝටිච්චිව බ්ලොග් ලෝකෙට සාදරයෙන් පිළිගන්නවා... 


ඔන්න ඔය පහල තියෙන්නේ නෝටිච්චිගේ අඩවිියේ සබැදියක්ලලූ...
සුදු මැණිකෙගේ සංකල්පනා
සුදු මැණිකෙගේ සංකල්පනා හෙවත් නෝටිච්චිගේ ඉසව්ව


හෙහ්...!
ඔය කිවට නෝටියාගේ කුපාඩිකම අඩුවෙයි...  ඕං බලන්නකෝ වැඩ..

Tuesday, November 29, 2011

හාදුව | Kiss


අද නෝටියාට හාදුව හෙවත් කිස් එක ගැන කතා කරන්නට සිතුනිය. හාදුව වනාහි හාදුවක්ය. මිනිසාගේ ජීවන චක්කරය අනුව කාලෙන් කාලෙට හා දෙනු ලබන පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව හාදුව වෙනස් වෙනවාය.


ඇචිචා ඇචිචි කාලේ ලැබෙන්නේ උම්මාය.. උම්මා මුලටම දෙන්නේ අම්මාය. ඒ ඉපදුන ගමන්මය. ඊලගට තාත්තාය. ඊට පස්සේ නෑදැ සනුහරේය.


කාලයත් සමග ඇට්ටර වියෙදි දෙන්නේ හාදු නෙවෙයිය. හාදුව කිස් එකට හැරෙනවාය. කිස් ගැන කියන්න ගියොත් ඇඩෙනවාය.

කිස් වර්ගයක් ඇත්තේය. ඒක ටිකක් පොස්ය. මොකක් හරි වැදගත් අවස්ථාවක දී දෙනවාය. උදාහරනයක් විදියට වෙඩිමකදි කපල් එකට විශ් කර මනමාලිගේ මූණ දෙපැත්ත ලෙවකනවාය. වීයා...ය. ඒවා පොස් කිස්ය.


තවත් පොස් කිස් ජාතියක් ඇත. නම නං දන්නේ නැත. පිරිමි සතා දණ ගසා ගැහැණු සතාගේ දකුණු අත ලෙවකනවය.ඉතින් ගෑණු සතාගේ අතේ කෙලය. 


කවුද මංදා ගායිකාවක් තොල් පෙති විතරක් ප‍්‍රථම හාදුවෙන් තෙමන්න කියනකොට තවත් සමහරු ෆ්ලයිං කිස් දුන්නේය. තවත් සමහරු නලලට දෙනවාය..


පෙම්වතුන් විවිධාකාරයෙන් කිස් දෙනවාය.විහාර මහාදේවි එකේ ගස් අස්සේ ඉදන් සමහරු දෙනවාය. තවද බස් එකේ පෙම් මුල්ලේ ඉදන් තවත් සමහරු දෙවාය.(තව අහන්න එපාලූය.නෝටි එව්වා දන්නේ නැතිලූය.නෝටි තාම පොඩි එකාලූය) ලව් කරන කාලේ කිස් අන්ලිමිටඞ්ය...ඒත් කසාද බැන්දාට පස්සේ ලිමිටඞ් වෙනවාලූය... නෝටි ඒ ගැන දන්නේ නැතිලූය.


කිස් ගැන ලියන්න ගත්තාට ඒ ගැන වැඩිය ලියන්න බැරිලුය.ඒ ගැන ගොඩක් කියන්න ගියොත් නෝටිගේද රෙදි ගැලවි පෝස්ට් එක වනචර වෙනවය. ඒ නිසා කිස් ගැන ලිවිල්ල මෙතනින් නතර කරන එක හොදයිලූය.

Monday, November 28, 2011

ජීවිතේ කවියක්...









මේක නම් මූණුපොතෙන් අහුලා ගත්තේ...
ඇත්තටම ලස්සන කවියක්...
කියවලා අදහසත් දාලාම යන්ටකෝ...

Thursday, November 24, 2011

මාරයාගේ හෝරාව - ස්තූතියි


ඒ අතීතය

නෝටියා වෙච්ච මම හැමදාම එක එක විකාර ලියනවා. ලියනවා වගේම කියවනවා. අද නෝටිට ගොඩක් හිතට වැදුන ලිපියක් කියවන්න පුලූවන් උනා. ඒ අපි කවුරුත් දන්න මාරයාගේ අපේත් කතාවක් ඇත කියන පෝස්ට් එක. නෝටියාගේ තියන ලෙඩක් තමයි බ්ලොග් කියෙව්වට එව්වට කමෙන්ට් කරන්නැති එක. එහෙම කරන්නේ හිතලා මතලා නෙමෙයි. හුගක් වෙලාවට ඒ ලිපි කියෙව්වාම එන හැගීම වචන වලට හරවන්න බැරි නිසා.

ඒත් අර මම කලින් කිව්ව මාර අයියාගේ අපෙත් කතාවක් ඇත කියන පෝස්ට් එක කියෙව්වායින් පස්සේ නෝටිටත් ගොඩාරියක් දේවල් මතක් උනා. නෝටි මාර අයියාටත් ස්තූති කරන ගමන්ම නෝටිත් අතීතයක් ගැන ලියනවා. ඒ හුදෙක්ම නෝටිගේ අතීතාවර්ජනයට විතරයි. මොකද කියවන අයට බෝරින් වෙයිද දන්නැ.

නෝටි මේ ලෝකෙට එන්නේ මීට අවුරුදු 24 මාස 09 කට කලින් පෙබරවාරි 10 වෙනිදා දවසක. ඒත් නෝටිට මතක තියෙන්නේ නෝටිට මොන්ටිසෝරි යන කාලේ වගේ මතකයන් විතරයි. ඒ කාලේ නෝටිලාට ගෙයක් තිබුනේ නෑ. නෝටි හිටියේ අත්තම්මලෑ ගෙදර. ගෙදර කිව්වත් ඇත්තටම ගෙදර නෙමෙයි.  ඒ ගෙදර එක කාමරේක. නෝටියි නෝටිගේ අම්මි තාත්ති.... අපි තුන්දෙනාම හිටියේ ඒ පුංචි කාමරේ. අපි තුන්දෙනා විතරක් නෙමෙයි.... අල්මාරිය... කණ්නාඩිමේසේ... ටවල් රැුක්... පුංචි ටේබල් එකක්... ඇයි අපි තුන්දෙනා නිදා ගත්තු ඩබල් ඇද... මේ ඔක්කෝම තිබුනේ මේ කාමරේ... ඉතින් අපිට කාමරේ ඇතුලේ හැරෙන්න වත් ඉඩක් තිබුනේ නැ. අපිට ඒ කාමරේට කොටු වෙන්න උනා. අපිට ඒ කාමරේට කොටු වෙන්න උනේ නැන්නදම්මා ලේලි වලි නිසා. වලි කිව්වට ඒවා වලි නෙමෙයි. ඒක පාර්ශවික වලි. මොකද අත්තම්මා අම්මිට පලූ යන්න බනිනවා. අම්මි කට පියන් ඉන්නවා. ඒත් අම්මි ඒ හැම දෙයක්ම ඉවසන් ඉන්නවා. නොටිට තේරුමක් නෑ... නෝටි පොඩි එකා. නෝටි කරන්නේ අඩන එක. මොන තරම් වලි තිබුණත් නෝටිව බලා ගත්තේ අත්තම්මා දවල් කාලේ. මොකද නෝටිගේ අම්මි වැඩට යන නිසා. සෞඛ්‍ය දෙපාර්ථමේන්තුවේ. මාතර. අම්මි උදේ පාන්දර 3ට විතර යන්නේ. ඉතින් මාව බලා ගන්නේ අත්තම්මලා. (අම්මි කලූතරට මාරුවක් අරන් ආවම නම් අම්මිට ටිකක් නිදහස තිබූණා...)

කොහොම හරි නෝටිගේ අම්මිට ගොඩාක් වෙනස්කම් කලා අත්තම්මලා. ඒත් ඒ හැම දෙයක්ම අම්මි ඉවසන් හිටියා මම නිසා. අම්මිට ඒවා ඉවසන් ඉන්න ලොකු හයියකුත් තිබුණා. මොකද කියනවා නම් අම්මි උස්මහත් උනේ දෙමාපියන් නැතිව. නෝටිගේ අම්මිගේ අම්මිලා නැති වෙලා තියෙන්නේ අම්මිලා පුංචි කාලේදිම.අම්මියි මාමියි හැදුනේ පුංචි අම්මලා ලග. ඉතින් අපේ අම්මිට ඉවසිම කියන එක  ඕනවාටත් වඩා තියනවා. අර මම කලින් කිව්ව නැන්දම්මා ලේලි ගැටුම් නිසා අම්මි ගොඩක් දුක් වින්දා. මමත් ගොඩක් දුක් වින්දා. සමහර දවස් වලට අම්මි කන්න කෑම පවා තිබිලා නෑ. ඔය ගොඩාක් හේතු නිසා තාත්ති රට ඉදන් ආවාම අපි වෙනම පුංචි කුස්සි කැල්ලක් හැදුවා.එදායින් පස්සේ අම්මි හැමදාම වැඩට ගිහින් ඇවිත් උයලා අපි දෙන්නා කාලා අර පුංචි කාමරේට වෙලා නිදා ගන්නවා.

අපේ තාත්තිට කවදාවත් පුලූවන් කමක් තිබුන්නෑ නැන්දම්මා ලේලි ගැටුමට මැදිහත් වෙන්න. ඒ හේතුව නම් නෝටිට තාම තේරෙන්නෑ. තාත්ති වැඩිමලා 6 දෙනෙකුගේ පවුලේ. තාත්තී රට ඉදන් ආවාම අපි පුංචි ඉඩමක් ගත්තා පර්චස් 9ක. ඒක අරන්දාලා තාත්ති ආයෙම රට ගියා. අම්මි කලේ අවුරුදු 4 ලෝන් එක ගත්ත එක ඩිපාට්මන්ට් එකෙන්. ඒ ලෝන් එක ඇරන් තමයි අපිට තියන එකම භෞතික වතකමේ අපි දැන් ඉන්න ගේ හදන්න පටන් ගත්තේ. නෝටිව කාමරේකට විතරක් හිර කරලා තියන්න බැරි නිසා තමයි අපි අපේ අලූත් ගෙයි යට තට්ටුව විතරක් ඉන්න පුලූවන් විදියට හදාගෙන පදිංචියට ආවේ. එතකොට නෝටි ඉස්කෝලේ 6 වසර විතර ඇති. නෝටිට ගොඩාක් ලොකු නිදහසක් දැනුනේ අපේ අලූත් ගෙදර පදිංචියට ආවට පස්සේ තමයි. ඇත්තම කිවොත් අතපය දිහ ඇරලා නිදා ගත්තේ ඊට පස්සේ. තාත්ති ලංකාවට එන්නත් කලින්ම අපි අලූත් ගෙදර පදිංචියට ආවේ ඒ නිදහස නෝටිට ලබා දෙන්න නෝටිගේ අම්මිට  ඕනි උන නිසා.

කෝමහරි නෝටි අම්මි තාත්ති නිසා හොදට ඉගන ගත්තා. උසස් පෙලත් පාස් වෙලා අයි ටි වලින් ෆැකල්ටි සිලෙක්ට් උනා. කැම්පස් ඉන්න කාලේ තාත්ති කරපු බිස්නස් එකේ පාඩු වෙන්න පටන් ගත්තේ නොහිතපු විදියට. සෑහෙන්න දියුණුවකට ආව අපේ පවුලට ඒක ලොකු පහරක් උනා. මිලියන ගානක පාඩුවක් උනා 2007. ඒ පාඩු පියවන්න ගොඩාක් වෙහෙසෙන්න උනා. ඒ හේතුව නිසා තාත්ති ආයේම රට ගියා. මේ වෙනකොටත් තාත්ති ලංකාවෙන් පිට. මේ හැම දෙයක්ම වෙනකොට නෑදෑයෝ කියන කට්ටිය අපිව දාලා ගියා. අපි තනි උනා. තාත්තිගේ පවුලේ 6ක් ඉදලත් අපි තනි උනා. ඒ වෙලාවේ අපේ තනියට හිටියේ නැන්දි විතරයි.තාත්තිගේ නංගි. එයා අම්ිමිට ඉස්සර මොන තරම් වෙනස්කම් කලත් එයා අපිට ගොඩක් හිතවත් උනා. එයා බැංකු මැනේජර් කෙනෙක් උනා කියලා කවදාවත් ලොකුකම් පෙන්නුවේ නෑ... අපිට පිහිට උනා. ඇත්තටම නෝටිට නෝටිගේ දෙවනි අම්මි තමයි නැන්දි. නෝටිගේ ලොකු හීනයක් තමයි කවදා හරි එයාලට බැරි වෙච්ච දවසක... ඒ කියන්නේ නැන්දියි මාමියි ගොඩක් වයසට ගිය දවසට නෝටිගේ අම්මි තාත්ති වගේ ඒ දෙන්නාවත් බලා ගන්න එක. මම හොස්ටල් එකේ ඉන්නකොට අම්මිගේ තනියට නැන්දි තමයි ඇවිත් හිටියේ ගෙදර. සති අන්තේ මම ගෙදර ආවාම නැන්දි යනවා අත්තම්මලාගේ ගෙදර.

අද නැන්දි ඉන්නේ අපිත් එක්ක.අපේම ගෙදර. නැන්දි ගිය අවුරුද්දේ තමයි මැරි කලේ. එදා ඉදන් එයා අපේ ගෙදර තමයි පදිංචියි. මේ වෙනකොට අපේ පවුල තමයි අම්මි තාත්ති මාමි නැන්දි මම. අපේ පුංචි පවුල. මේවා ලියනකොට නෝටිගේ ඇස් තෙත් වෙනවා වගේ තේරෙන්නේ ඇයිද කියලා නෝටිට තේරෙන්නෑ.

මොන ප‍්‍රශ්නේ තිබුණත් නෝටිගේ අම්මි තාත්ති වගේම විශේෂයෙන්ම නැන්දි නෝටිට උගන්වන්න ගොඩක් දුක් වින්දා. ඒ තුන්දෙනා ගොඩක් දුක් වින්දා. නෝටිගේ ඇගේ දුවන හැම ලේ බිංදුවක්ම අම්මිට තාත්තිට නැන්දිට ණයයි. හැම ලේ බිංදුවක්ම. නෝටිට පුලූවන් කම ලැබුණා එයාලාගේ බලාපොරොත්තුව වෙච්ච නෝටිට හොද අධ්‍යාපණයක් ලබා දීමේ හීනේ හැබෑ කරන්න පුලූවන් වෙච්ච එක ගැන. ඒත් නෝටිට ඒක මදි එයාලාගේ ණය ගෙවන්න. ආත්ම 100ක් ඉපදුනත් මදි.

නෝටි හැම වෙලාවෙම පතන එක දෙයක් තියනවා... ඒ තමයි නෝටිගේ අම්මි (සීතා) තාත්ති (සුනිල්) හැම ආත්මෙකම නෝටිගේ වෙලාම ඉපදෙන්න කියලා වගේම නැන්දි (දමයන්ති)... නැන්දිත් මගේම නැන්දි වෙලාම ඉපදෙන්න කියලා. ඒ වගේම ඒ ආත්මගත පැුතුමට ලගදී තවත් කෙනෙක් එකතු උනානේ. ඒ තමයි නෝටිච්චි (රුවන්ති)...

ඔන්න ඔය විදියට නෝටිට අතීතය ගැන අකුරු කෙරුණා. ගොඩක් කෙටියෙන්. ඒ වගේම නෝටිගේ අම්මි තාත්ති නැන්දි ඒ වගේම නෝටිච්චි ගැනත් වෙන වෙනම ලියනවා.

අවසාන වශයෙන් මාරයා අයියේ... උඹ නිසා මේ මොහොතේ නෝටිට ඒ දුක් වින්ද අතීතේ මතක් උනා. ඇත්තටම උඹට ගොඩක් ස්තූතියි බන්.

Tuesday, November 22, 2011

කෙල්ලො

නෝටිට ටිකක් ඇදගෙන නාන්න සිතුනිය. අද ටොපික් එක කෙල්ලෝය. හී ගඩු පිපෙන ටොපික් එකක්ය. ඇඩෙනවාය. කදුලූ පිහිදාගෙන මම ලියයිය. උඹලා කියවයිය.


කෙල්ලෝ වනාහි පාරේ යන බස් වැනිය...
(වනාහි යනු වැනෙනවා නොවේය. මොකද කෙල්ලෝ වනන්නේ නැත පද්දනවාය. නෝටියා නැවතත් පාරේ බැස යා යුතු බැවින පද්දන්නේ පස්ස කියලා කියන්නේ නැතය.)


එය නෝටි කියපු කතාවක් නොවෙයිය. අතිතේ පඩිවරු කියපු කතාවක්ය. එහෙත් නෝටිට මෙයිට වඩා පුලූල් විග‍්‍රහයක් දිය හැකිය. එය මෙසේය.

  • කෙල්ලන් පාරේ යන බස් වැනිය. ලංකාවේ බස් වර්ග කිපයක් තියෙයිය. ප‍්‍රයිවට් සහ සිටිබීය. ප‍්‍රයිවටි නං ගොඩක් ඇත්තේය. සීටිබි සාපේක්ෂව ටිකකි.
  • නෝමල් එක. අවුලක් නැතිව ගිය හැකිය. නිතරම දකින් ඇත්තේය
  • අනිත් එක සෙමි ලක්සරි එව්වාය. මේවාත් ගොඩක් ඇත්තේය. අවුලක් ඇත්තේමත් නැත නැත්තේමත් නැත. ඔපය විතරක්ය. දෙයක් ඇත්තේ නැතිය
  • අනිත් එක ඒසීය. කියලා වැඩක් ඇත්තේම නැත්තේය. සෝබනය පමණක්මය. උඩින් ඔපේය... ඒත් යටින් හපේය...පොකැට්ටුවට කෙළම වෙනවය. දන්නෝ දනීය...
  • අනිත් එක සීටීබී බස් ය.. වැඩිය නැත. කියන්නට දෙයක් නැත්තේය... නැත්නම් කියන්නට ඇති දේ කියන්නට නොහැකිය...

වර්ග කිරිම එතනින් ඉවරයිය. තවත් කියන්න ගියොත් නෝටි ඉවරයිය.


කෙල්ලන්ට මොනවාද 64ක් තියනවා කියලා කව්දෝ කියනවා නෝටිට ඇසී ඇත. මොනවාද කියා නෝටියා දන්නේ නැත්තේය. නමුත් මොකෙක් හරි 64 පරිස්සං වෙන්න  ඕනි කියා කියනවාද අසා ඇත්තේය. ඒවා මොනවාද කියලා නොදැන කොහොම පරිස්සං වෙන්නද කියා නෝටි දන්නේ නැතිය.


මොනවා උනත් කෙල්ලන්ගෙන් පරිස්සං විය යුතුය කියලා නෝටිට නෝටිගේ මිතුරෙක්ද කීය. දවසක් ඒකා දෙකක් දාගෙන එනකොට සිගරට් එකක් පත්තු කරන්න ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ඇදපු එකෙක්ගෙන් ගිණිපෙට්ටියක් ඉල්ලා ඇත. ඌට ලැබී ඇත්තේ කනේ පාරක්ය. මගුලකි ඉල්ලා ඇත්තේ කෙල්ලකගෙන්ය. නෝටිට මෙතනදී සාධාරන තරකයක් ඇතිවෙයිය. කෙල්ලොත් කලිසං ෂර්ට් අදිනකොට කොල්ලෝ අදින්න  ඕන අහවල් එක විතරක්ද කියලය.
(අහවල් එක (අහවල් එක ජොකා යයි නොපවසමි.එසේ කලහොත් මෙය 18+ වේය.) ඇද සපත්තු මේස් දමා ටයි එක පමණක් ඇදි බුවෙකු කාරයකින් බහින දර්ශනක් සිතූ කල්හි නෝටිට ඇඩුණීය.) 
ඇදුං ගැන කියන්න ගියොත් තව මේක 18++ වෙයිය.


තවත් කියන්න ගියොත් නෝටි ඉවරෙටම ඉවරයිය.


සමහර කෙල්ලෝ උදේට යනකොට යන්නේ පාට පෙට්ටියේ ඇති පාට සේරම මූනේ උලාගෙනය. ආසාවේ බැරිය. හවස එයින් එකෙක්ව දැක්කොත් බඩ කපන් මැරෙන්න සිතෙයිය.
තවද සමහර කෙල්ලොන්ගේ එව්වා දිගය.තව සමහරුගේ කොටය. තවත් සමහරුන්ගේ කොල්ලොන්ගේ වගේය. නෝටියාට නම් කියන්නේ කොන්ඬේ කෙල්ලෙකට ආභරණයක් කියලය.


තවත් කෙල්ලෝ ගැන ලිව නොහැකිය. ලියලා ඉවර කල නොහැකිය. එසේම තව දුරටත් ලිවොත් මේක ඇඩල්ස් ඔන්ලි වෙනවය. මොනවා උනත් කොල්ලෙක්ට කෙල්ලෙක් නැතිව බැරිය. 
කෙල්ලෙක් නැති ජිවිතේ ලූණු නැති පරිප්පුව වගේය. පරිප්පුව ලූණු නැතිව කෑ නොහැකිය. ලූණු වැඩි උනද කෑ නොහැකිය. ලූණු ගානට තිබුනොත් පමණක් කෑ හැක. 
කැවද එය පරිප්පුවකි..!!


දැන් මේක ලිව්වා ඇතිය. නෝටිගේ පැතුම නං මේ ලිපිය නෝටිච්චිගේ ඇස නොගැටේවා කියලය. දැක්කොත් නෝටියාට සොරි ඩොට් කොම් ය.



චූ බර ගැනද නෝටිට මෙසේ  සිතුණිය.

Sunday, November 20, 2011

ෆැකල්ටි ලයිෆ් (කා සහ රස කතා)


අද කතාවත් කා ගැන කතාවක් තමයි  ඕං.ඒ වගේම මේක ජොක්කු කතාවක්. මේ විදියට ගියොත් කා ගැන කතා සීරිස් එකක්ම ලියවෙයි වගේ. මොනා කරන්නද අප්පා. ඔන්න ඔහේ ලියලා දාමු. රස කතා නොවෑ..........

ඔන්න දවසක් කා දවසක් මුල්ම ලෙක්චර් එකේ ඉන්න ගමන් නිකං ඇඹරෙවා පස්ස කඩි කනවා වගේ. ඉතිං ෂේප් එකේ ඇහුවා මොකෝ බන් සීන් එක කියලා..ඒපාර මූ කියනවා... නෑ බන් කවදාවත් නැතිව ඇදන් ඉන්න ජොකා අම්බානට හිරයිනේ බං... කියලා....

ඔන්න එදා හවස ලෙක්චර්ස් ඉවර වෙලා බෝඩිමට ඇවිල්ලා ඇදුම් මාරු කරනවා.  ඕං එකපාරට කා කෑ ගහනවා....

මේකා මගේ ජොකෙක් නෙමෙයි යකෝ....

ඔන්න වැඩි වෙලාවක් ගියේ නෑ (අපිත් එක්ක බෝඩිමේ හිටියා කෑස් කියලා බුවෙක්...) කැස් කොස්සත් අරං කා පස්සේ එලවනවා....

තෝ කාගෙන් අහලද ප.... මගේ අලූත් ජොකා ඇන්දේ.....
කියලා.

මෙන්න තවත්  කතාවක්..!
ඔන්න දවසක් උදේ... ටොයිලට් පෝලිමේ ඉන්නවා කට්ටිය. කා ටොයිලට් එකට ගියාම එන්නෑ ආයේ හත් අවුරුද්දක් යනකං. මේකට හොද ටොපියක් දෙන්න  ඕනි කියලා හිතලා මම කලේ වතුර බාල්දියක් පුරවන් ඇවිල්ලා ටොයිලට් එකේ උඩ තියන කවුලූවෙන් වතුර එක ගහපු එක... මේන් මේකා ටොයිලට් එකේ ඉදන් කෑ ගහනවා.....

මොන ප.......යද යකෝ දාලා ඉවර වෙන්න කලිං හේදුවේ....!!

Saturday, November 19, 2011

සොදුරු අතීතයේ (රැග් එක & ෆැකල්ටි ලයිෆ් එක)

ෆැකල්ටියේ නෝටිට හිටිය හොදම බොක්කක් තමයි කා. මෑන්ස් ගැන කියනවා නම් කියන්න කතන්දර තියනවා අම්බානකට. මෑන්ස්ට නෝටිගේ මෙව්වා එක ඇස නොගැටේවා කියලා හිතලා ලියනවා කා ගේ කතන්දර ටිකක්...


ඔන්න දවසක් නෝටි, කා ඇන්ඞ් නෝටිගේ බෝඞ්න් සෙට් එක සෙට් උනා කියමුකෝ හීනියට අඩියක් පුඩියක් ගහලා ආතල් එකක් ගන්න. කෝමින් කෝම හරි හීනියට හවස 6ට විතර පටාන් ගත්ත වැඬේ ? 11.30 විතර වෙනකම් තිබුණා...  ඕං ඉතිං අපි පස්දෙනාගේ සොමිය කෝටියයි. කට තෙමා ගත්තට පස්සේ අපේ චූන් අපිට චූන් තමයි. එකෙක් දෙන්නෙක් කබරෙකුත් දාලා වැඩි උන්ව ඇදන් වලටත් දාලා නිදා ගත්තා. ඔන්න ඊලග දවසේ උදේ ලෙකචර්ස් යනකොටත් අපේ කාට නිකං ඩෝප් ඩෝප් වගේ.  ඕං ඉතිං සෙට් එකම හුගක් දවසකට පස්සේ පිටිපස්සේම වාඩි උනා. ඔන්න ලෙක්චර් එකත් යනවා. අපිත් ඉන්නවා. ඔය අතරේ තමයි කා ට චූ බරක් එන්නේ. මෙන්න එක සැරේම මේකා නැගිටලා යනවා. ප්‍රොපාත් නිකං අන්දුං. මේකා ගිහිල්ලා ප්‍රොපාට කියනවා....

එක්ස්සියුස් මී ඩොක්.... ඉස්මනට සූ සූට්ටක් දාලා එන්නම්......... කියලා..


හම්බේ හිනා කාලා පන නෑ. කා  ඕක ඩොකාට කියනකොට ඩොකාගේ එෆ් එම් මයික් එක  ඕන් එකේ තිබිලා තියෙන්නේ...




කතා අංක 2
මේ සීන් එක උනේ අපේ ජුන්නොන්ගේ රැග් එක දෙන කාලේ. ඒ කියන්නේ උංගේ රැුග් එක පටන් ගත්ත 3 වෙනි දවස. උදේ වරුවේ අපේ රැුග තිබ්බේ කැන්ටිං ඒරියා එකේ.  ඕං ඉතිං රැග යනවා මමයි කායි තෙල් බැම්ම ලග ඉදන් සිකුරුටි ජොබ කරනවා.  ඕං ඔය අතරේ එනවා කිව්ව වෙලාවට පරක්කු වෙලා කෙල්ලෝ දෙන්නෙක්. ආයේ ඉතිං ඒ වෙලාවට උන් දෙන්නාට වෙන දේ අහන්න දෙයක් නෑනේ. කතා කලා උන් දෙන්නට.
උන් දෙන්නත් ගැහි ගැහී අහන එව්වට උත්තර දෙනවා. ඔය අතරේ මෙන්න බොලේ අපේ අරින්න රත්තරන් තුමා එනවා (AR)


කාලා වරෙන්කෝ.... ඔන්න අපේ කා ට පහල වෙනවා ගණදෙව් නුවණ. ඌ අර ජන්නියෝ දෙන්නට කියනවා...


තොපි දෙන්නා AR යනකං අපි දෙන්නගේ කෙල්ලෝ දෙන්නා වගේ හිටපන් නැත්තම් තොපි දෙන්නව %#@$%#$@%


ඕං ඉතිං මගේ ළගින් කෙල්ලෙක් ඉන්දේදී අනික් කෙල්ල කා එක්ක කතාව. මමත් අනිත් කෙල්ල එක්ක තෙල් බැම්ම උඩ ඉදන් ඒකි අතේ තියන පොතක් පෙරලන් පොත බලනවා වගේ හිටියා.  ඕං ඒ. ආර් අපිව පහු කරන් ගිය. අරුං දෙන්න ලගින් යනකොට කියන් යනවා...


මේ ළමයි කැම්පස් ආවත් දන්නෑනේ උදේ අව්වේ විටමින් ඞී (Vitamin D) තියනවා කියලා....


අනේ නිදකිං... මුං දෙන්නා තෙල් බැම්ම උඩ වාඩි වෙලා කුඬේ ඉහලගෙන. ඒ ජුන්නිට දාපු කාඞ් එකත් විටමින් ඞී.
(විටම්න් නගෝ උඹ මේක දැක්කොත් තරහා අවසර ඈ...)

Wednesday, November 16, 2011

චූ බර.

නොටියා අද චු කියන්නේ චූ කතාවක්ය. කතාව නෝටි කියලා චී.... මේකා නෝටි කතා කියනවා කියන්න එපාය. මොකද මේකා නෝටියාමය. නෝටියාගේ අම්මි නම් කියන්නේ මේකා මකලා වත් සැදිය නොහැක කියලාය. නොටිව්විට නම් නෝටියා මුලූ ලෝකයක්ය. මගුලකි කතාව පිට යනවාය. ඔන්න ට‍්‍රැක් එකට ආවේය...

චූ බර වනාහි බරකි. වෙලාවකට චූ බර කොයි තරම් ලොකු බරක්ද යන වග කියනවා නම් අලියෙක් වත් මේ බර තරම් බර නැතැයි සිතේ. ඒතරම් මේ බර සොදුරුය. වෂිකෘතය. පිවිතුරුය. අලංකෘතය.

නිවසේදි හෝ රැකියා ස්ථානයේදි මේ බර සැදුනොත් අවුලක් නැත. ටොයිලට් එකට ගොසින් සැහැල්ලූ කර ගත හැකිය. ගමේ ගොඬේ පාරේ පාරක සැදුනොත් වෙනම කෙලියකි. ඒ උනාට එය එතරම් කෙලියක් නොවේ. මන්ද යත් කවුරුවත් පාරේතොටේ පෙනෙන්නට නැත්නම් තාප්පෙකට නැත්නම් පදුරක් අස්සට හෝ කල හැක. ඒත් කවුරුන් හෝ දුටුවහොත් නම් අහවල් එක අපේ නෙමෙයි වගේ අවශ්‍ය කාරිය අහවර කර ඒමට සිදුවනවාය.

අනෙක් කෙලිය වනුයේ චූ බර බසයකදී සැදුනොත් වෙන කෙලියයි. එයද මලම කෙලියකි. කෙසේහෝ ඉවසා සිටිය යුතුමය. බැරි උනද කල හැක්කක් නොමැතිය. කල හැක්කේ බසයෙන් බැස චු කිරිම පමණි. බසයෙන් බැස චු කර නැවත එම බසයේම යනවාට වඩා ඉවසා සිටිම යෙහෙකිය.

එසේ චු බර ඉවසා හිද බර සැහැල්ලූ කරගැනීමට ඇති ස්ථානය පොදු වසකලයයි.  කොලූකුරුට්ටන් විසින් ඇලපිල්ල සහ ඉස්පිල්ල මකා දමා එහි නියම නම ලබා දී ඇත්තේය. ඇත්තටම පොදු වැසිකිලි වනාහි වස කළමය. රස නහර පිනා යන සුගන්ධය ඇග කුල්මත් කරනවාය. ආසාවේ බැරුවාය. කෙසේහෝ ඉවසාගෙන පොදු වැසිකිලියට චූ දැමිය හැකිය. එහෙත් එළියට එනකොට අනිත් බරත් සෑදෙනවාය. ඒ මදිවට එළියට එනකොට රුපියල් 10ක්ද දිය යුතුය. හරියට උන්ගේ අහවල් එක අරං චූ කලා වගේය. පිරිසිදුව තියනවා නම් 20ක් උවද දුන්නට දුක නැතිය.

එලෙස බලන විට චූ බර ගැන කුමක් කියන්නද කියා නෝටිට සිතා ගත නොහැකිය. කොල්ලෙක්ට නම් කෙසේ හෝ බර නිදහස් කල හැකිය. කෙල්ලෙක්ට මේ බර උත්සන්නව සෑදුනොත් කුමක් වෙයිද කියා නෝටි නොදනී... එය සොයන්නටද නෝටි උත්සාහ ගන්නේ නැතිය.ඒ නෝටි තව ටික කලක් ජිවත් වීමට ආසා කරන නිසාය. 

දැන් මෙය ලිවිම නතර කලොත් හොදයි කියලා නෝටිට හිතෙයිය. තවත් ලියන්නට ගියොත් 18++ වනවාට සැක නැත්තේය. එහෙනම් නෝටි දැන් මේකට තියන්නේ පුල්ස්ටොප් එකය. චූ එපිසෝඞ් එකට බැලූ ඔබට ඉස්තූතියිය.

Monday, November 14, 2011

දුකෙන් කේන්තියෙන්


ඔන්න අදත් නෝටියා මොනවා හරි කුරුටුගාලා යන්නයි ආවේ. මොනවා හරි කුරුටුගානවා කිවට නෝටියා ඉන්නේ දුකෙන් වගේම කේන්තියෙන්. 


මගේ නෝටිච්චි බොඞ් වෙලා ඉන්නේ NTS ලගම තියන ගෙදරකනේ. නෝටිච්චි අද හවස බෝඩින් ප්ලේස් එකට ඇවිත් වොෂ් එකක් දාගෙන එනකොට බිම වතුර වගයක් වැටිලා තිබිලා නෝටිච්චි ලිස්සලා වැටිලා. ඉතිං නෝටිච්චි නෝටියාට කෝල් කරලා අඩ අඩ කියනවා....


නෝටි මම වැටුණා. අත තුවාල උනා කියලා...


මගේ නෝටිච්චි චුට්ටක් තුවාල උනා නම් අඩන කෙනෙක් නෙමෙයි. මගේ ඇස් වලටත් කදුලූ ආවේ ඒකිගේ වේදනාව මටත් දැනුනු නිසාද...? අනේ මට දැන් මගේ නෝටිච්චි ලග ඉන්න තිබුණා නම්. එහෙනම් නෝටිච්චිට අඩන්න දෙන්නෑ මම.


නෝටියාට කේන්ති යන්න හේතුව තමයි.... අර බිම වතුර හලපු එකීට ඒ හැලිච්ච වතුර ටික පිහිදලා දාන්න බැරි උනාද. ඒ වතුර ටික පිහිදලා දැම්මා නම් මගේ නෝටිච්චි වැටිලා තුවාල වෙන්නෑනේ. අනේ ඇත්තට මේ වතුර හලපු එකීව නෝටියාට අහු උනෝත් නම්..........


ඔය අතරේ නෝටියාට මෙහෙම දේකුත් හිතෙනවා. නෝටිච්චි අඩනවා කියලා තේරුණාම මේ තරම් හිත රිදුනා නමි නෝටිච්චි මගේ ඉස්සරා ඇඩුවෝත් නෝටියාට මොනවා වෙයිද කියලා දෙයියෝ තමයි දන්නේ. ඔන්න ඉතිං නෝටියා තිරණේ කලා නෝටියා ලංකාවෙන් යන දවසේ නෝටිච්චි එයාර්පෝට් එකට එක්කන් යන්නෑ කියලා. නෝටිච්චි අඩන්න ගත්තොත් නෝටිටත් යන්න වෙන්නේ අඩ අඩ....



නුඹ දැක මගෙ සිත බැදුණා කිසිවිට නොසැලෙන ලෙස සුදු මැණීකේ
නුඹත් සරී මට පණත් සරි කිසි වෙනසක් නෑ මයෙ මැණිකේ
රජ සැප කුමටද උඹ නැති දා... රජ බිසවකි මට නුඹ සොදිනා..
නවම් මහේ සුභ නැකැත් බලා කරකාර බදින්නට සිතුනා...



ඔන්න ගිය සතියේ නෝටිච්චිගේ දෙවනි අක්කණ්ඞ්ගේ බෝඩිමට හොරු පැනලා. හොද වෙලාවට එයාලා බොඞ්මේ ඉදලා නෑ. ඉතිං නොටිච්චි ඊයේ මමත් එක්කම චූටි අක්කගේ හොස්පිට්ල් එකට ගිහින් පිරිත්නුලක් දීලා ආවා...
ඔය අතරේ නෝටියාට නම් හිතුනේ ඔය කෙල්ලෝ හතරක් ඉන්න බෝඩිමට පනින්න තරම් ඒ හොරා මෝඩයෙක් උනානේ.වැරදිලා වත් ඒකා පනින වෙලාවේ වැරදිලා වත් එක කෙල්ලෙක් බෝඩිමේ හිටියා නම්


පව්......................... අසරණ සොරා.............!! 



Sunday, November 13, 2011

නෝටි දිනලා...


මචං නෝටි.... මේ උඹ කලබල නොවි ඔහොම්ම කෙල්ලොන්ගේ පැත්තේ දෙවනි තුන්වෙනි පේලියේ දෙවනියට ඉන්න කෙල්ල දිහා ෂේප් එකේ බලපන්....

ඈහ් ඒ මොන ඉල්ව්වකටද බන්. මෙන්නෙ මෙහේ වරෙන් මේ ප‍්‍රශ්ණවලට උත්තර ලියන්න.

උත්තර කොයි වෙලාවේ නම් ලියන්න බැරිද බන්.පොඞ්ඩක් බලපන්. ඒක් උඹේ දිහැවේ දැන් ගොඩක් වෙලා ඉදන් බලන් ඉන්නවා...

යාලූවනේ කලබල වෙන්න එපා මේ මොන මංගල්ලයක්ද කියාලා. මේ නෝටියා ලියන්න හදන්නේ නෝටියාට වැරදුන තැනක් ගැන. ඒ කිව්වේ අප්පරිය වෙච්ච අතීතයක් ගැන. මගේ නෝටිච්චියේ උඹ දුක් වෙන්න එපා පරණ දේවල් මතක් කරලා නෝටියා ආයේ දුක් වෙයි කියලා. මේ කතාව නෝටියා ලියන්නේ ඒ අද්දැකිම් වලින් තව කවුරුහරි දෙයක් ඉගෙන ගනීවි කියලා. නෝටියා උඹට පණ වගේ ආදරේ බව උඹ දන්නවා නේද?

කෝ කවුද බන්.

අර ඉන්නේ  යකෝ ස්කූල් යුනිෆෝම් එකෙන්.... අර කණ්නාඩි දාපු කෙල්ලට එහා පැත්තේ....

අඬේ ඔව් නේන්නම්. බාලිකාවේ කෙල්ලෙක් නේද බං.  ඕකුංව විස්වාස කරන්න බෑ රොටියෝ.

මේ දේ උනේ අපේ කම්බයින්ඞ් මැත්ස් ක්ලාස් එකේදි. ඒලෙවල් කාලේ නෝටියාගේ සෙට් එක උනේ
රොටියා... 
කිඹුලා... 
පොල්කිච්චා.... 
කයිතං.... 
නොටි... (මේ මං)
අපි සෙට් එක 5හේ කල්ලිය කියලා තමයි රෙජිස්ටර් වෙලා තිබුණේ. අපේ මැත්ස් ක්ලාස් එක ග්රූප් ක්ලාස් එකක්. මැඩම් කෙනෙක් තමයි ක්ලාස් එක කලේ.
(සමන් මැඩම් කියලා කියමුකෝ....)
මැඩම්ගේ අපි ආසම කරපු දෙයක් තමයි අපිට ගොඩක් හිතවත් ඒ වගේම ළමයින්ට කතා කලේ අපි අපි අතරේ තියන කාඞ් වලින්.

මම කිව්වනේ අපේ සෙට් එක 5හේ කල්ලිය කියලා රෙජිස්ටර් වෙලා තිබුණේ කියලා.ඉතිං ක්ලාස් එකේ ළමයි 20ක් වගේ හිිටිය නිසා අපි සෙට් එක මැඩම්ට නෝටි වෙනවත් වැඩියි. ක්ලාස් එක දෙවනත් කලේ මේ 5හේ කල්ලිය තමයි. ඒ උනාට කවදාවත් අපි සෙට් එක චා වෙලා නෑ. සමන් මැඩම් අපේ සෙට් එකට වැඩි අවධානයක් යොමු කරන එකත් ඉබේම උණු දෙයක්. අනිත් ළමයින්ට වඩා මැඩම් අපිට ආදරේ කරුණාව පෙන්නුවා.

ඔන්න ඔය කියන දවසේ තමයි අපේ කම්බයින් ක්ලාස් එකේ මුල්ම ටෙස්ට් එක තියලා ලකුණු දුන්නේ... නෝටියාට ඒ දවස නම් කවදාවත් අමතක වෙන්නැ. මොකද දන්නවද අපේ 5හේ කල්ලිය තමයි වැඩිම ලකුණු අරන් මැඩම්ගෙන් පෑන් ගත්තේ.
(සමන් මැඩම් අපේ හැම ටෙස්ට් එකකම වැඩිම ළකුණු ගන්න ස්ථාන 5ට පෑන් දෙනවා. හැම මාසෙකම තියන ටෙස්ට් වලින් පෑන් ගන්න තමයි අපි හැමෝම වලිකන්නේ....)

නෝටි - 91
පොල්කිච්චා  - 91
රොටියා - 89
කයිතං - 85
කිඹුලා - 81

ඔන්න ඔය විදියට අපි 5හේ කල්ලිය පෑන් අරගත්තා සමන් මැඩම්ගෙන්. මැඩම් එදා කියපු කතාව තමයි...

මගේ දරුවනේ.... කවදාවත් ජීවිතේ පසුබහින්න හොදනැ. එහෙමයි කියලා අනුන්ට ඉරිසියා කරන්න හොද නෑ. හැමෝම උත්සාහ කරන්න  ඕනි ජීවිතේ සාර්ථකත්වයට යන්න. මම මගේ දරුවෝ හැමෝටම කියන්නේ ඒක තමයි.
ඒ වගේම අද වැඩි ළකුණු ගත්ත 5දෙනා ඔලූව උදුම්මාගන්න නරකයි දිණුම් කියලා. අර මම කලිං කියපු දේ කිවේ එයාලටත් එක්කම තමයි. ඒ වගේම තව තවත් ඔයාලා සේරම මහන්සි වෙන්න  ඕනි. 


ළකුණු දිලා ඉවර වෙලා මැඩම් ක්ලාස් එකට පොඞ් විවේකයක් දුන්නානේ... ඔන්න ඉතිං අපි පුරුදු විදියට සෙට් එකත් එක්ක එළියට බැස්සා මොනවා හරි කොටා බාලා එන්න.

මචං නෝටි.... අද දවස තමයි හොදම දවස. උඹ අර කෙල්ලට වදනක් දාලා බලපන්.

ඔය කොරලා තියෙන්නේ ලෙසටම.අපරාදේ කියන්න බැ රොටියා ලස්සනට රොයිටර් සේවාව දියත් කරලා තියනවා. නෝටිත් ඉතිං බබානේ.... නෝටිත් ඉතිං ඇහුවා කිඹුලගෙන්....

මොන කෙල්ලටද බන්....


අනේ මේ උඹ මගෙන් මොනවත් නාහා ඉදින්. උඹ බබා.... අර උඹ දිහා බලන කෙල්ල... අනූපමා.....

අම්මදබොල ඒකි අනුපමාද.... යකෝ මුංව තියන් වටින්නැනේ. ඒ ටිකට මුලූ පැටිකිරියම සොයාගෙන වගේ...

ඒකිගේ නම අනූපමාද බන්.

හ්ම්.... ඒකි අපේ ගෙවල් පැත්තේ ඉන්නේ.... මොකද කියන්නේ අපි වදනක් දාලා බලමුද....

එපා බන්....  ඕන නෑ.... අපි ඉස්සර වෙලා විභාගේ ගොඩ දාගෙන ඉමුකෝ....

නිද්දකිං විතරක්.... චාටර්නේ බං.... දෙන දෙයියෝ ටොකු ඇණ දෙනවා මේකා බකංනිළං බඩ උලං ඉන්නවා....
ඒ කයිතංගේ කට. මේකා කතා කරන වචන 100ක් ගත්තොත් 70ක්ම චාටර්නේ බං තමයි...

මොන.... මොනවා කිව්වත් මුංගෙන් බේරෙන්න බෑ. ආයෙමත් ඔය ගැන කතාවක් එන්න කලිං මාලූ නැති අල පාං ටිකක් බඩට ඔබාගෙන සෙට් එක ක්ලාස් එකට දක්කං එන්න නෝටිට පුලූවන් උනා.

ඔය විදියට අපි 5හේ කල්ලිය අවුරුද්දයි මාස 3ක් හැලහැප්පීමි මැද්දේ අපේ ගමන සාර්ථකව ආවා. ඒ වෙනකොට 5හේ කල්ලියේ හිටියේ සෑහෙන්න බ‍්‍රයිට් කේස් ටිකක්. නෝටි ඒ වෙනකොට සමන් මැඩම්ගෙන් පෑන් 11 අරං තිබූනේ... අපි සෙට් එකම සැහෙන්න හොද මට්ටමක හිටියා...

එදා තමයි නෝටිගේ පැන් 11 පෑන් 12ට වැඩි උන දවස. ඒ කියන්නේ අපි ඒලෙවල් ලියපු අවුරුද්දේ මාර්තු මාසේ දෙවනි සදුදා. පුරුදු විදියටම ටෙස්ට් එකේ රිසල්ට් දිලා මැඩම් බ්‍රේක් එකක් දුන්නා බඩවල් පුරවා ගන්න.
අපි සෙට් එක ක්ලාස් එකෙන් එළියට යන්න හදවත් එක්කම වගේ

පොල්කී... (මේ කාලේ වෙනකොට පොල්කිච්චාට අපි ආදරේට කිව්වේ පොල්කී කියලා)

අප්පට සිරි. ක්ලාස් එකේ ඉන්න ඉටිකිරිස් කෙල්ලෙක් පොල්කිට කතා කරනවා. ඔය ඇති ඉතිං අපිට  ඕකගේ කරේ යන්න ගෝනි නැතිව. ඔන්න ඉතිං පොල්කිත් ඒ කෙල්ල එක්ක විනාඩියක් දෙකක් කතා කර කර ඉදලා අපි ළගට එනවා යමං කියාගෙන.

දැං ඉතිං අපි සෙට් එක පොල්කිව හුරේ බයිට් කරනවා. මූත් සද්දේ වහලා කඬේට යනකම් ගියා.ඔන්න මේකා කට ඇරියේ කෑම කන්න වාඩි උනාට පස්සේ.

මචංලා.... අර වෙලාවේ මං එකක් කතා කල කෙල්ල තමයි මංසලා.මංසලා කියන්නේ අනූපමාගේ හොදම යාලූවෙක්. මංසලා කියනවා අනූපමා නෝටි ගැන ගොඩක් ආදරේන් ඉන්නවලූ.ඒත් නෝටි ඒකිව ගනන් ගන්නැති නිසා ඒකි ඉන්නේ සෑහෙන්න අප්සෙට් එකේලූ. මේ විදියට ගියොත් ඒකි ක්ලාස් එන එකත් නවත්තයිලූ. නොටිට අනූපමාව මීටි වෙලා එයාගේ පොඞ්ඩක් හිත හැදෙන්න කතා කරන්නලූ....


දැන් මොකද උඹ කියන්නේ නෝටි...

අප්පදබොල ඇදිලා තියෙන්නේ කෝටියේ වාසනාව. මිත්තර සමාගමේ යෝජනා චෝදනා නැවකට. හැමෝන්ගේම අදහස් අනුව නෝටි තිරනේ කලා ගිහිල්ලා අනූපමාට කතා කරන්න.  ඕං ඉතිං පොල්කි ගේ මාර්ගයෙන් මංසලාට කිවිවා අනූපමාව මිට් වෙන්න එන්නම් කියලා.

එදා සෙනසුරාදා දවසක්. එදා තමයි නෝටි අනූපමාව මීට් වෙන්න කන්දේ පල්ලියට එන්න කියපු දවස.ඔන්න ඉතිං නොටි කල්ලිය පල්ලියට බැස්සයි කියමුකෝ අනුපමා එන්න කියපු වෙලාවට පැය භාගයක් විතර පරක්කු වෙලා. ඒකි තනියම ඇවිත් හිටියේ. අපි සෙට් එකේ නිවාඩු පාඩුවේ ඉන්න පල්ලියේ එහාපැත්තේ තියන අරලිය යාය ප්ලේස් එක. අපේ උන්ටික අනුපමා එක්ක කතා කරන්න වාන්ස් එක දීලා ෂේප් උනා විතරයි අනූපමා කතා කරන්න පටං ගත්තා.

නෝටි.... මම දන්නැ මම මේ ආව ගමන හරි දෙයක්ද කියලා.ඒත් මම මේ ආවේ මට තවත් ඉවසන් ඉන්න බැරි නිසා නෝටි. ඔයා හොදටම දන්නවා නෝටි මම ඔයාට ආදරේ කරනවා කියලා. මම ඒක ඔයාට ගොඩක් අගවලා තියනවා. ඒත් ඒ හැම වෙලාවකම ඔයා හැසිරුනේ මොකවත් නොදන්න බබෙක් වගේ නෝටි. මට තවත් මේක හංගං ඉන්න බෑ නෝටි... මම ඔයාට ආදරෙයි...

ඔන්න ඔය වගේ දෙයක් තමයි අනූපමාගේ කටින් පිට උනේ... නෝටිට උනේ අහන් ඉන්න විතරයි. ඇත්තම කිව්වොත් නෝටි කලේ අහන් ඉන්න එක විතරයි. අහ්න ඉන්න ගමන් නෝටිගේ හිත ගොඩාක් දේවල් කල්පනා කරන්න ගත්තා. නොටිගේ හිත නෝටිට කිව්වා මේකි මේතරම් ඩිරෙක්ට උඹට ආදරේ කියලා කියන්න පුලූවන් උනේ මේකි උඹට ආදරේ නිසා. ඒක නිසා ඒකිට ආදරේ කරපන් කියලා. ඔය වගේ සිතිවිලි එක්ක. පැයක් විතර යන්න ඇති. නොට් වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටේ ඒ තීරනේට ඇවිල්ලා...

අපි යමු අනූ... දැන් ලේටි වෙනවානේ....

නෝටි අනුගේ අතින් අල්ලගෙන මගේ සෙට් එක ඉන්න දිහාවට එන්න පිටත් උනා. මායි අනුයි අතින් අල්ලන් එනඑද දැක්ක අපේ සෙට්එක බල්ටි නොගැහුවා විතරයි. ඔන්න ඔහොමයි ඒක සිද්ධ උනේ.

ඔය විදියට දින සති මාස ගෙවිලා ගියා. ඒ වගේම නෝටි අනූ ආදර කතාවත් ලස්නට ගෙතිලා ගියා. ඒ වගේම අපි ඒ ලෙවලූත් ලියලා කැම්පස් සිලෙක්ට් උනා අපි 5හේ කල්ලියම. ඒත් අනූට කැම්පස් එන්න ලකුණු මදි උනා. ඔන්න ඔතනදි තමයි ගෑනු ජාතිය කියන දේ නෝටිට තිත්ත උනේ... අනූ කැමති උනේ නෑ නෝට් කැම්පස් යනවට. ඒත් දෙයියනේ නෝටි කොහොමද නෝටිගේ අම්මිගේ තාත්තිගේ බලාපොරොත්තු බිදලා දාන්නේ... නෝටි ඒවා අනුට තේරුම් කරලා දුන්නාම අකමැත්තෙන් උනත් කැමති උනා නෝටි කැමිපස් යනවාට.

ඔය අතරේ නෝටි අනූගේ ගොඩක් ලොකු වෙනස්කම් වෙනවා දැක්කා. නෝටිට බොරුවට චෝදනා කරන්න ගත්තා නෝටි ෆැකල්ටියේත් කෙල්ලෙක් එක්ක යාලූයි කියලා.නෝටිත් එක්ක ගොඩාක් රණ්ඩු වෙන්න පටන් ගත්තා. ඔය විදියට මාසයක් විතර නෝට් මිඞ් වැකේෂන් එකට ගෙදර ආවාම 5හේ කල්ලිය සෙට් උනා. එතකොට තමයි ඒ නිවුස් එක නෝටිට දැනගන්න ලැබුනේ.

ලබන සදුදා අනු එයාගේ කසින්ව මැරි කරනවා...

දෙයියනේ නෝටි එදා ගොඩාරියක් ඇඩුවා. ගොඩාක්... හැබැයි ඒ ඇඩුවේ අනූව නැති උන නිසා නෙමෙයි. චංචාකාර කෙල්ලෙක්ට ආදරේ කල මෝඩකමට. නෝටිට නෝටි ගැනම දැනුන පිළිකුළ නිසා. එදා ඉදන් නෝටිට කෙල්ලෝ කියන ජාතිය අරහං...

ඔන්න  ඕකයි ඒ කලූ පැල්ලම. නෝටි ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම කාලයා ගොඩක් දේවල් නෝටිට කියලා දුන්නා. කාලෙත් එක්කම නෝටිට ගොඩක් ආදරේ කරන අහිංසකියෙක්ව නෝටිට නපුරු උන දෛවයි විසින්ම ලබලා දුන්නා. ඉතිං නෝටි දැන් සතුටින්. ඒ කියන්නේ නෝටි දිනලා...

Saturday, November 12, 2011

නොසන්ඩාල ගින්න


ඔන්න නෝටියා උදේ පාන්දරම පෝස්ට් එකක් දාන්නයි හදන්නේ. මොකක් ගැනද දන්නවද.......? 
මේකයි කතන්දරේ. නෝටියාගේ සුට්ටි එක්සෑම් එකකට නෝටියා මේ දවස් වල පාඩම් කරනවා.ඉතින් ඊයේ ඉදන්ම නෝටියා තාම අවධියෙන්. කැම්පස් අවුව් වෙලා වැඩි කාලයක් නැති නිසා නොනිදා පාඩම් කොරන එක නම් අවුලක් උනේ නෑ...  එකම අවුල උනේ නෝට්ච්චිත් අවධියෙන් මම පාඩම් කරන අතර නෝටිච්චි එයාගේ NTS එකේ පාඩම් වැඩ. ඒ අතරේ ඉතින් විනාඩියක් දෙකක් කෝල් කරන්නැතිව ඉන්නෙත් නෑ...


කතාව ටිකක් ට‍්‍රැක් එක පැනගෙන පැනගෙන යන්න හදනවා වගේ... ඔන්න ආයේමත් ට‍්‍රැක් එකට....


ඉතින් නෝටියා පාඩම් කර කර ඉන්නකොට නෝටියාට එනවා කොහේදෝ ඉදන් නොසන්ඩාල බඩගින්නක්.ඉතිං හද්දෙයියනේ මේ උදේ පාන්දර මොනවැයි වළදන්නේ... අම්මිලාව අවධිකරවන්න බෑනේ...  ඕං නෝටියා කුස්සියට ගෙහුං බැලූවාම තියනවා සුපිරි කෑමක්.... මොනවා වෙන්න ඇති කියලාද හිතන්නේ....


ඊයේ ? උයපු බත් ඉතිරි එව්වා.... හීල් බත්...
තව අයිස් පෙට්ටියේ පොල් සම්බෝල වගේකුත් තිබුණා...


ඔය මැදැ බඩගින්න නිවා ගන්න.


හීල් බතුයි... පොල් සම්බෝලයි... ලූණු දෙහි කෑල්ලකුයි... අමු මිරිස් කරල් දෙකයි... 


කියලා වැඩක් නෑ අප්පා..... රාජ භෝජන පරාදයි... මොකුත් නෑ කුඩා බඩවැල් කෙලින් වෙන්න කැවා. මම හිතන්නේ නෝටියා මේ හීල් බත් ජුංඩක් කෑවේ අවුරුදු ගානකට පස්සේ... ඉතිං රස නැතිව තියේවිය.


කාලා නැත්නම් කාලා බලන්න. ආයෙත් කන්න ආසා හිතෙනවා ෂුවර්

Friday, November 11, 2011

මංඤ්ඤං episode




ඒයි උඹ ඔය කොහේද යන්නේ.


ඈහ්... මේ... මමද....


ඔව් ඔව් උඹ තමයි. නිද්දකිං විතරක් කණමදයා වගේ බීගෙන...


මම්ම යනවා අන්නතයට... උම්බත් එනවද යන්න...?


අනේ මට නං බෑ... උඹට  ඕන මළදානෙක පලයං. අපේ ගෑනි මම ගෙදර එනකං බලං ඉන්නවා...


පුහ් ආච්චිගේ ෂෙද්ද... යක්කෝ ගේනු විෂ්වාෂ කොරන්න එපා...


හරි හරි ඒක මම බලා ගන්නං... ඒක නෙවෙයි මොක්කද උඹ ඔය ඉනේ ගහගෙන ඉන්නේ...


ආ...හ්... ඒකද..? ෂා... ෂුමිහිරි පානේ.. ගල් බාගයක්... උම්බහැටත් දෙන්නැයි ටිකක්...


කෝ... කෝ.... ගනිං බලන්න....


ඉංදා...ගහපන් ඇති තරං.....


ක්ර්ර්ර්....තු ...හ්...


ඔන්න එහෙනං අප්පි ගියාවේ...


හෝව් හෝව් පොඞ්ඩක් ඉද්දපං... මාත් එනවා උම්බත් එක්ක අන්තඃපුරේට යන්න...


නිද්දකිං අන්තඃපුරේ නෙමෙයි හකරෝ අනන්තෙට අනන්තෙට


ඕන කෙහෙම්මළක යමං....


අපි ෂන්තෝෂෙන් ඉන්නේ...... දුක්ක ෂෝකය නේ දන්නේ.... අයියා මල්ලී වාගේ.... අයියා මල්ලී..............





මෙන්න මේකත් බලලා යන්නකෝ

Chinese Telephone Centre


Chinese Telephone Centre







Hi there.. 
First of all I would like to tell you, my naughtychchi was sent to me this article. Anyway I like to publish again this via my blog. Have a fun gals and gays, oops…! Sorry, sorry GUYS

That’s a Story…

Caller : Hello… Can I speak ANNIE WAN?

Operator : Ya. You can speak to ME

C : No.no... I want to speak to ANNI WAN!

O : Ya. I can understand you want speak to ANYONE, so you can speak to me. Who’s this?

C : I’m SAM WAN, and I need to call ANNIE WAN. it’s urgent.

O : I know you’re SOMEONE and  you need to talk ANYONE. But what’s this urgent matter?

C : Well. Just tell my Sis ANNIE WAN that our brother NOE WAN was faced in an accident. NOE WAN go injured and now NOE WAN was sent to the hospital Right now. AVERY WAN is on his way to the hospital

O : Look..! If NO ONE was injured and NO ONE was set to the hospital, then the accident isn’t an urgent matter! You may find this hilarious but I don’t have time for this

C : Oops… You’re rude. Who’re you..?

O : I’m SAW REE

C : Ya… you should be SORRY. Anyway… now give me your name

O : That’s what I Said. I’m SAW REE

C : Oh… God

Hah!  J
How is that my friends? Is it so funny known?
(Specially, I need to tell you. That’s only narrative. I never mind to insult any person. Okay)

See you again
Cheers!
Naughty

  

මායි නෝටිච්චියි.....


ඔන්න කම්මැලිකම පැත්තකින් තියලා මමයි නෝට්ච්චීයි අද පොඞී ටුවර් එකක් ගියා.... චික් කැත විදියට හිතන්න එපා බොලවි.. අපි වල් ටුවර් එකක් නෙමෙයි ගියේ මේ පෝය දවසේ. බෝම වැදගත් ටුවර් එකක්. නෝටියා ඇව්ල්ලා සැදැහැවත් බෞද්ධ පිංවන්තයානේ... (අම්මියෝ....ඒ ගැන මොනවට කතා කරනවද?) ඉතිං නෝටිච්චිත් එක්ක ගියා කැළණි විහාරේ වන්දනාමාන කොරගෙන එන්න කියලා. අර කතාවකුත් තියනවනේ....


උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණීයේ....


කියලා. කෝම කෝම හරි උදේ 10ට විතර ටවුන් හෝල් එකෙන් කැළණී එන්න බස් එකක නැග්ගයිත් කියමුකෝ... නිද්දකිං ඔක්කෝමත් හරි මේ බස් යන විදිය තමයි දිරවන්නේම නැත්තේ නෝටියට. ඒ උනාට නෝටි ආවේ නෝටිච්චි එක්කනේ.... ඉතිං මොන කම්මැලිකමක්ද?


ඔන්න කැළණි විහාරෙටත් ආවයි කියමුකෝ... මගේ අම්මියෝ..... සූ ගාලා සෙනග. අනේ ඉතිං අපේ මොකෝ.... දෙයියනේ කියලා නෝටිච්චියි නෝටියි හිතේ හැටියට වන්දනාමාන කර ගත්තා. ඊට පස්සේ නෝටිච්චට  ඕන උනානේ නෝටි පැටියා වෙනුවෙන බාරයක් වෙන්න. නෝටියා ලබන මාසේ වෙනකොට ලංකාවෙන් යන නිසා නෝටිච්චි යන යන හැම තැනම භාර හාර වෙනවානේ නෝටියා වෙනුවෙන්. ඉතිං නෝටියා ගේ හිත හැම මොහොතෙම ආදරෙන් පිරෙන එක අහන්නත් දෙයක්ද අප්පා නෝට්ච්චී වෙනුවෙන්. ඉතිං දෙයියනේ මේකි නැතිව යන්න වෙනවා නේද කියලා මතක් වෙනකොට තමයි නෝටිට ඇස් වලට කදුලූ එන්නේ.... ඒ වෙලාවට හිත හදා ගන්නේ ගිහිල්ලා මාස කිපයකින් නෝටිච්චිවත් ගන්නවා නේද කියලා හිතලා තමයි.


ඔය අතරේ තියන අනිත් කේස් එක තමයි නෝටියා නෝටිච්චීව මැරි කරලා යනවද නැත්නම් ගිහිල්ලා නිවාඩු ඇවිල්ලා නෝටිච්චිව මැරි කරලා  නෝට්ච්චිත් එක්කම යනවද කියන එක. අනේ මංදා මොනවා කරන්නද කියලා. නෝටියාට නෝටිච්චි නැතිව ඉන්නත් බෑ... ඒත් මේ ඉක්මනට එන්ගේජ් වෙන එකත් අමාරුයි. අම්මිලාට කිව්වාම නං ෂුවර් එකට කියන්නේ නිවාඩු ආවාම වෙඩින් එක ගමු කියලා....


ඔන්න ඉතිං ඔව්වා මෙව්වා අරවා මේවා දහසක් දේවල් කතා කරගෙන නෝටිච්චිවත් බෝඩිමට දාලා නෝටියා ගෙදර ආවා 7.00 විතර වෙනකොට. නෝටිච්චි එක්ක දවසම ඉදලා නෝටිච්චිම දාලා එනකොට නම් හරිම තනිකමක් දැනෙන්නේ... ඇත්තටම නෝටියා ගේ අසබට පස්සේ නෝටියාට ගොඩක්ම ආදරේ කරන කෙනා නෝටිච්චි කියලා නෝටිට දැනෙනවා....


හුවැ....යි..... ඔන්න ආයෙත් අර පරන පුරුද්ද එනවා... මෙතනින් එහාට තව ලියන්න කම්මැලියි අප්පා... දැන් ලිවා ඇති ඇති වගේ.... ඔන්න එහෙනම් මේ පෝය දවසේ නෝටියා කියනවා හැමෝන්ටම....


ත‍්‍රිවිධ රත්නයේ සරණයි....

Wednesday, November 9, 2011

හුවෑ.....................හ්.......




අද ඉදන් දවස් දෙක තුනක් යනකන් නෝටිට නිවාඩුයි... ගෙදරට වෙලා ඉන්න පට්ට කම්මැලියි අප්පා....


හුවෑ.....................හ්.......!!!!!


අම්බෝ කම්මැලියෝ.... මට ඉන්ට බෑ  ඕ.......යි....!!
කව්රු හරි කියපල්ලාකෝ කම්මැලි කම යන්න කොරන්න දෙයක්.


හම්ඹේ...... හුවෑ...................යි....!!!!!


කව්රු හරි කරන්න දෙයක් කින්න... මම යනවා ටිකක් නිදා ගන්න..




************************************
හම්බුණ එක
************************************

Tuesday, November 8, 2011

රැග් එක. (දුන්න එක)


ඔන්න නෝටියා රැග් එක ගැන දෙවනි පෝස්ට් එකයි ලියන්න හදන්නේ... නෝටියාට දකින්න හම්බුණා බ්ලොග් අවකාසේ බොහෝ දෙනෙක් තමන්ට ලැබුණු රැග් එකේ මතක සටහන් ගොඩාරියක් ලියලා තියනවා... නෝටිට හිතෙනවා තමන්ගේ රැග් එක වගේම සුන්දර දෙයක් තමයි අපු ජුනියර් බැජ් එකට දෙන රැග් එක. කව්රුවත් ඒක ලියලා තියනවා දැක්කේ නැති නිසා නෝටි හිතුවා ඒ ගැන පොඞ්ඩක් ලියන්න.

ඇත්තම කිව්වොත් ජුනියර් බැජ් එකට දෙන රැග් එකට දැන් ඉන්න බැජ් එක රෙඩි වෙන්නේ මාස ගානක් කලින් ඉදලා. ඇයි හත් දෙයියනේ අලූතෙන් එන උන්ට වෙල්කම් පාටි එතකොට ෆ්‍රෙෂර්ස් නයිට් එව්වා මෙවිවා කරන්න කොයින හත් ඉලව්වේ සල්ලි.... ඔන්න ඉතිං එව්වා සම්පාදනේ කරන්න ස්ටිකර් බහිනවා... නැත්නම් කැටයක් බහිනවා.... ආතල් එක වගේම කන්න වෙන කට්ටත් කෝටියයි.

ඔන්න ඉතිං ජුන්නො ටිකත් ආවයි කියමුකෝ.... උන් පිළිගන්න දවසට කලින් දවසේ...  කට්ට කාගෙන  එළි වෙනකල් නයිට ඇදලා උන්ව පිළිගන්න ඒරියා එක රි-ක්රියේට් කරනවා... මුකුත් නෑ සුපිරියටම කරනවා. ඊට පස්සේ ආයෙමත් උදේ 6 විතර වෙනකොට හැදපැළදගෙන එනවා ෆැකල්ටියට. ඔන්න වල්කම් පාටි එක දෙනවා අලූත් උන්ට...  ඕක අවසානේ ආව දෙමව්පියන්වත් කොහේට හරි ෂේප් කොරවලා දානවා අලූත් උන්ට තෙලක් රිදෙන්න...

ඔන්න පහුවෙනිදා... ජුන්නොන්ට 7 වෙනකොට ෆැකල්ටියට එන්න කිව්ව නිසා සින්නෝ පරක්කු වෙලා ගිහින් පජාත වෙන්න බැරි නිසා සින්නොන්ට අඩුම තරමේ 6.30 වෙනකොට වත් ෆැකල්ටියේ ඉන්න  ඕත... එතකොට අලූතෙන් එන උන්ට කෑම බිම හරියට සකස් වෙනවද කියලා බලන්න  ඕන. එතකොට අලූත් උන්ගේ මොනවා හරි ප‍්‍රශ්ණ අපහසුතා තියන් උන් ඉන්නවාද කියලා අදුන ගන්න  ඕන.

ඔව් ඔව් කොක්කක් නැති උන් කොක්කක් සෙට් කරගන්න  ඕනි
ඇයි හත් ඉල්වේ ඔය දේවල් සේරම අතරේ අපේ ඇකඩම්ක්. එව්වත් මිස් නොකර කරගන්න එපාය.තව මෙකි නොකි වැඩ ගොඩයි....

ඇත්තටම හිතලා බැලූවොත් රැග් එක කන උන් නෙමෙයි රැග් වෙන්නේ රැග් එක දෙන උන් ටික.





ඊලගට බලමු මොකක් බලාගෙනද මේ රැග් එක දෙන්නේ කියලා....

ඔන්න  ඕනිම කෙනෙක් රැග් එකට මුලටම මූණ දෙන දවසේ රැග් එක හදුන්වලා දෙන්නේ නවක සිසුන් හදුනා ගැනීමේ වැඩ පිළිවෙල කියලානේ. ඔය වැඩ පිළීවෙලේ මූලික අරමුණ විදියට හදුන්වන්නේ තමන්ගේ බැජ් එකේ ඉන්න උනගේ ගැන අදුනා ගැනිම. තව එකක් තමයි ෆැකල්ටියේ තියන උප සංස්කෘතියට අනුව හැඩ ගැස්සවීම සහ බැජ් ෆිට් එක වර්ධනය කිරිම. 
ඔන්න ඔය විදියේ දේවල් තමයි කියන්නේ.... ඒත් ඔය දේවල් අතරේ හැංගිලා තියන තවත් දෙයක් තියනවා කියලා තමයි නෝටිට හිතෙන්නේ... (මෙව්වා කිවා කියලා නෝටියාව උස්සන්න සුදු වෑන් එවයිද දන්නෑ) ඒ තමයි ජූනියර් සීනියර් ඩිෆරන්ට් එක සෑදිම.

අම්මියෝ.... දැන් ඒ ගැන ලිවා ඇති වගේ.තව ලිවොත් සොයන් ඇවිල්ලා නෝටියාව  රැග් කොරාවි.

ඔන්න දැන් නෝටියා කියන් හදන්නේ රැග් එක දෙනකොට නෝටියාට උන අපහසුතා ගැන.



  • මුලම එක තමයි.... වෙනදට වඩා ටිකක් උදෙන් නැගිටින්න වෙච්ච එක
  • ජුන්නොන්ට කෑගහන එක (ඇයි හත් ඉලව්වේ මුංට කැගැහුවා වගේ නෙමෙයි රැුග ඉවර වෙලා මුංගේ මූණු බලලා කතා කරන්නත් එපාය)
  • ඇයි හත් ඉලව්වේ කැගැහුවා වගේ නෙමෙයි පහුවෙනිදය එන උගුරේ රිදිල්ල.
  • සමහර කෙල්ලො ඇඩුවනේ... ඒකත් නෝටියට බලන් ඉන්න බැරි දෙයක් උනා. ඒත් ඉතිං ඒක ඒ වෙලාවේ පෙන්නන්නැතිව රාක්ෂ වේෂයෙන් තමයි හිටියේ. (ඔය අතරේ ඇඩුව කොල්ලොත් හිටියා උන්ව දකිනකොට නම් හැමෝන්ටම පනින්නේ මල් පොකුරු පොකුරු)


දැන් ඒ ටිකත් ඇති වගේ... දැන් ලියන්න  ඕනි නෝටිට තියන රස කතා දෙකතුනක්....

ඔන්න මුලම එක.... ඔන්න දවසක් ජුන්නොන්ගේ උදේ කෑම කන අතරේ එක කෙල්ලෙක් එනවා නෝටි ලගට. ඒ වෙලාවේ නොටි හිටියේ බැජාලා 2ක්ටයි බැජියෙක්ටයි සුට්ටං කුප්පියක් දාන ගමං ප‍්‍රැක්ටිකල් අසයින්මන්ට් එකකට. ඔන්න ඉතිං අර ආව ජුන්නි නොටිගේ පිටිපස්සේ ඉන්වා කැම පිගානකුත් උස්සගෙන. නෝටිත් ඉතිං නෝමල් එකේ ඇහුවා ඇයි මෙතනට වෙලා මොකද කරන්නේ කියලා ‍(සර කලේම නෑ)

ඔන්න ඒකි කයනවා.... උදේ පාන්දර ජේෂ්ඨ උත්තමයා නොකා ඉන්න එකට දුක හිතුනා ඒකයි කවන්න ආවේ කියලා...(අපේ එවුන්ම තමයි පුරුදු කරලා එවලා තියෙන්නේ) අඬේ කට කපලා එකයි ෂතුට.
හොදම දේ උනේ එදා දවල්. ඔය සින් එක නිසා නෝටි හිතා ගන්තා ලන්ච් ටයිම් එකේදි මේකිව පොඞ්ඩක් මඩවන්න  ඕනි කියලා.
ඔන්න ඉතිං ලන්ච් ටයිම් එකේ මගේ එළ බොක්කක් වෙච්ච කා එක්ක ගියා අර ජුන්නිව මැඩවිමේ මිෂන් එකට. ඔන්න ඒකි කැම කනවා.ඉතිං නෝටියත් කා එක්ක එතනට ගිහින් අර ජුන්නිට කිවා...

අඬේ කෙල්ල උඹ මට උදේ කැම කවන්න ආවනේ.... මම තාම දවල්ටත් කාලා නෑ. උඹ මට දැන් කවනවද කියලා.... (නෝටියායි කා යි හිතුවේ මේකි ලැජ්ජාබර වෙලා ගල්ටික් වෙයි කියලා) මෙන්න එතකොට ඒකි කියාපි....


උදේ ජේෂ්ඨ උත්තමයට කවන්න ආවේ අපේ නංගි... (කෙලා තාප්පෙට මේකි නිවුන්නු)



ඔන්න තව එකක්....

ඔන්න තවත් දවසක් නෝටියා ගෙදර ඉදන් ෆැකල්ටියට එනවා... ඔන්න මගින් බස් එකට අපේ ජුන්ඩෙක් නැග්ගා. මේකා මාව දැක්කා විතයි...

සුභ උදෑසන්ක් වේවා ජේෂ්ඨ උත්තමයාණෙනි....

රස වෑහෙන ඬේන්ටි ටොපියක් (බස් එකෙන් එළියේ හිටපු උන්ටත් ඇහුණද මංදා)

තවත් දවසක.... නෝටියා ජුන්නියෙක්ව අල්ලං බයිට් කොරන්නයි ලැස්තිය... (ඔන්න ඉතිං පුරුදු විදියටම නෝටියා හිටියේ කා එක්ක)  කෙල්ලට කතා කලාම ඒකිත් ළගට ආවා...

ඔන්න ඉතිං නෝටියත් පැණි හිනාවක් දාලා ඇහුවා
උඹේ නම මොකක්ද...?
ම්හු... කෙල්ල මායි කා යි දිහා බලන් ඉන්නවා නෝ කතා නෝ සිනා... ඔන්න ඒ ගමන කා ටිකක් සද්දේ දාලා ඇහුවා
අනේ ඔයාගේ නම කියන්නකෝ... කියලා අලීම ආදරෙන් ඇහුවා... (අනේ මොනවටද මගේ කට...*
ඒත් නෝ කතා නෝ සිනා....
ඔන්න ඉතින් නෝටිගේ පුෂ්පෙ විකසිත උනා....
ඈ බොල බීප්...... බීප්..... බීප්..... බීප්... බී....ප්........
මෙන්න බොලේ ඒ ගමන ඒකි ඇස්වල කදුලූත් පුරවන් කියනවා....

අන්නා.... සිංගල තෙරියුමා අන්නා... එන්නෛ මන්නිද්දු කොල්ලවුම්... නාන් ඉරුක්කිරේන් යාල්පානම්  (අයියා සිංහල දන්නෑ අයියා.මට සමා වෙන්න.මම යාපනේ)
(හුටා කෙලා කෙල්ල ජැෆ්නා)

ඇත්තටම ඒ වෙලාවේ නෝටියාටයි කා ටයි පොලව පලාගෙන යන්න හිතුනා වගේම ඇත්තටම එකසිය ගානට දුකත් හිතුනා.... ඊට පස්සේ කවදාවත් ඒ ගර්ල්ව බයිට් කලේ නෑ අපි දෙන්නා.
රැග් එක ඉවර උනාමත් මමයි කායි ඒ නංගිට ගොඩක් උදව් කලා පුලූ පුලූවන් විදියට සෙහෝදරියෙක්ට වගේ. සමහර වෙලාවට මමයි කායි අපි ගෙදර ගිහිල්ලා එනකොට මොනවා හරි කැමක් ගේනවා නම් ඒ නංගිටත් එක්ක ගේන්න තරම් පුරුද්දක් ඇති උනා. මොකද ඒ නංගි ගෙදර යන්නේ  මාස 4කට 5කට විතර පස්සේ. හැබැයි ඒක අපේ උන් දැනන් හිටියේ නම් නෑ අපේ රූම් පාට්නර්ස්ලා හැර. ඒකි මාවයි කා වයි සැලකුවේ එයාගේම අයියලා දෙන්නෙක් වගේ. අපේ ගොයින් ඩවුන් පාටි එක ඉවර වෙන මොහොතේ ඒකි ඇවිල්ලා නෝටියාටයි කා ටයි දණ ගහලා වැන්දේ නොහිතපු විදියට. ඇත්තටම නෝටියා ඒ වෙලාවේ ඇඩුවා.

රස කතා ඇති.නෝටිගේ හිත ආයෙමත් සහෝදර පේ‍්‍රමයෙන් පිරුණා. නෝටි දැන් යනවා තංගච්චිට කෝල් එකක් ගන්න.


නොටි අද උදේ පරණ ගොනෙක් ගැන කතාවක් පබ්ලිස් කොලා... දැක්කේ නැත්නම් බලලා එන්ට

පරණ ගොනාව

ඈතට පලයං
දෑහැට නොපෙනෙන්නම පලයං
නුඹේ ඔය බොරුකාර ආත්මයත්, 
ආදරයත් අරං
ඈතටම පලයං..
මොකටද තවත් ළං වෙන්නේ
විනාස වෙලා ගිය හිත තවත් පොඩි කරලා දාන්නද
ආයෙත් හීන ලොකෙකට අරං ගිහිල්ලා පස්සට පයින් ගහන්නද
නැත්තම් වෙන ගොං නාම්බෙක් සෙට් උනේ නැද්ද
පුහ්....
වැඩක් නෑ... 
උඹට කරන්න පුලූවන් ඇටිකෙහෙලක් නෑ
තැලිච්ච හිතේ තලන්න මොකවත් නෑ
අනික....
උඹේ වංචාකාර කදුලූ වලට 
දැං හිත උණු වෙන්නෙත් නෑ
ඒ ගොනා වික්කා....


?පරණ ගොනාව මස් කඬේට දක්කපු
    නෝටියා මං....  J

Monday, November 7, 2011

එකෝමත් එක කාලෙක (රැග් සිසන්)

ඔන්න යාලූවනේ නොටිත් හිතුවා නෝටිගේ සොදුරු අතීතේ (රැග් සීසන් එකේ) අමතක නොවෙන සිදුවීම් කිපයක් ගැන මතක් කර ගන්න. නෝටිලාට නං රැුග මාස දෙකහමාරකට ආසන්න කාලයක් තිබුණා. මුලදි මුලදි නම් පරාන බයෙන් තමයි ගියේ.. ඒත් සති දෙක තුනක් යනකොට ෆුල් ආතල්. (දන්නෝ දනිති රගේ)


ඔන්න මුල දවසේ වෙල්කම් පාටි එකක් කියලා එකක් දිලා අපේ අයියලා අක්කලා ටික අපිව පිලිගත්තේ අලී....ම ආදරෙන්. කිරිබත් එහෙම කන්නත් දුන්නා.ඊට පස්සේ අම්මලා තාත්තලා එළියට යවලා ඔන්න දැම්මා පුංචි තෙලක්.


ඊලගට එන දවසේ හරියටම උදේ 7 වෙනකොට කැන්ටිමට එන්න  ඕනි කියලා ආදරෙන් චූ යන සයිස් එකට පොඩි සද්දෙකුත් දාලා තමයි ගියේ.
ආ....තව ජුංඩෙන් අමතක වෙනවා. අපි ඊලග දවසේ එන්න  ඕනි කොල්ලෝ කලිසමට ෂර්ටි එක යට කරලා අර පොල් ගස් දෙකක් තියන රබර් සෙරෙප්පු දාලා. කෙල්ලෝ එන්න  ඕනි චීත්ත ගවුම ඇදලා කොන්ඬේ කරල් දෙකට ගොතලා පොල් ගස් තියන රබර් සෙරෙප්පු දාලා.


ඔන්න අපි ඇකඩමික් පටන් ගන්න කලිං තියන ඉන්ටෙන්සිව් එකට ගියා.( මාත් එකක් ඉස්කෝලේ හිටපු යාලූවෙකුත් මගේ ෆැකල්ටියටම සිලෙක්ටි උන නිසා මෑන්ස් එක්කමයි ගියේ.) හරියටම 7 වෙනකොට ගියා.ෂා ලස්සනේ බෑ කට්ටිය නිකං ජපන් ඉම්පෝටඞ් වගේ. කෙල්ලෝ චීත්ත ගවුම් ඇදලා.... කොල්ලෝ ෂර්ට් කලිසං යට කරලා ඇදලා.... ආසාවේ බැ. 


අම්මියෝ.... එදා උදේ තමයි උදේ.... අඹසරණයි. අපි කෙලින්ම අයි.ටි. පහල බාලාංශේ බුරු බුරියෝ උනා. සින්නෝ ජේෂ්ඨ උත්තමයෝ උනා... සුපර් සින්නෝ අති ජේෂ්ඨ උත්තමයෝ උනා.


ඔන්න දැන් රස කතා.....


ඔන්න මුල්ම අමතක නොවෙන සීන් එක.


නෝටිට කාඞ් එක දැමිම. එදා තමයි එදා. ඔන්න එක ජේෂ්ඨ උත්තමයෙක් කිව්වා අඩෝ බූරුවා ඉස්සරාට ඇවිත් දාපං උඹේ ඇඩි එක කියලා. (ඇඞ් එක කියලා කිව්වේ මම ගැන විස්තර.ඉස්කෝලේ... උ.පෙ රිසල්ට් අනං මනං තමයි) ඔන්න ඉතිං කිව්වා. කියලා ඉවර උනා විතරයි....


අඩෝව් උඹ ...............  ද? නිකං ගැම්මට කිව්වා නේද? උඹ හිතන්නේ උඹ පොර කියලද....? ‍@#$^&@#$^%#@%#$%^


ෂා දැනුන සනිපේ. 


ඔන්න ඊට පස්සේ කිවා කියපන් කියලා සිංදුවක්. ඔන්න සිංදුව කියන් පටන් ගත්තා විතරයි කෙල්ලොන්ට කිව්වා ලයිටි ගහපන් කියලා. කොල්ලෝ දෙන්නෙක්ව ගත්තා නටපං කියලා. කෙල්ලෝ කැරකි කැරකි ලයිට් ගහන එකටයි අරුං දෙන්නගේ ඩාන්ස් එකටයි සිංදුව කියන අතර දි බක්ස් ගාලා හිනා ගියේ නැතැයි.


ඊට පස්සේ උන දේ............????????????????????


ඔන්න හොදට චාටර් කරවලා කාඞ් එකකුත් දාලා පල ගිහින් ලැගපිය කියලා කිව්වා. ඒත් සැරින් සැරේ අරුං දෙන්නාගේ ඩාන්ස් එක මතක් වෙනකොට ආව හිනාව නවත්ත ගත්තේ හෙන ගේමක් දීලා.
(කාඞ් එක නම් අහන්න එපා)


ඔන්න තව දවසක්....
නොටියා දවල්ට කාලා ඉවර උනා විතරයි. ජේෂ්ඨ උත්තමයෙක් ඇවිත් දෙහි ඇට දෙකක් දිලා කියපි හෙන තඞ් ජේෂ්ඨ උත්තමයෙක් පෙන්නලා...


අන්න අර අතන ඉන්න ජේෂ්ඨ උත්තමයාට මේක ඇට දෙක පෙන්නලා කියපං මේන්න මං කාගෙද මංදා වැටිච්ච ඇ... දෙකක් ඇහිලූවා කියලා. 


ඉතින් පල.


ඔන්න ඉතිං නොටිත් ගිහිං අර දෙහි ඇට දෙකත් පෙන්නලා කිව්වා....
මේං කාගෙද මංදා ඇ..... දෙකක් ඇහිලූවා....
කියලා කට ගන්න හම්බුන්නැ.... 


ඈ බොල %@#$^&@#$^%#@%#$%^


අනේ නෝටියා.....................................


ඔන්න තව දවසක් ජේෂඨ උත්තමයෙක් කතා කරනවා ලගට.


ජේ. උ. : අඩො උඹට කවි කියන් පුලූවන්ද?


මම : දන්නෑ ජේෂ්ඨ උත්තමයානෙනි
(කොහොම මොනවා කිව්වත් පරිප්පුව ෂුවර් නිසා නෝටියාට දන්නේම නැතිව නෑ කියලා කියවුණා)


ජේ. උ: දන්නෑ.. හිටපිය මම කවියක් දෙන්නම් ඒක විනාඩි පහෙන් පාඩම් කරලා ඉස්සරහට ගිහිල්ලා කියපිය.


ඔන්න කවියත් දුන්නා. ඔන්න පාඩං කරන් ගිහින් කියන්න ලැස්තිය.ඉන්න උන්ගෙන් අවසර අරන් එහෙම කියන්න පටාං ගත්තා.... මේකයි කවිය. ඒත් ඉතිං මේ වගේ වැදගත් සෙනග ඉන්න බ්ලොග් අවකාසේ කොහොමැයි දාන්නේ.වර්ෂන් නම්බ වන් දාන්නම්


හිටියත් ලදුන් සලූ පිළීයෙන් සැරසීලා
ඔක්කෝම එකයි උන් බැලූවම සිතාලා
මේ වග නොදන අපේ අයියලා මලෑලා
අඩ අඩ සිටි එක ලදක්ම පතාලා


කියලා ඉවර උනා විතරයි... %@#$^&@#$^%#@%#$%^
අනේ නෝටියා.....................................


(ඔන්න කට්ටිය කට වහගෙන හිනා වෙනවා.වර්ෂන් නම්බ ටූ මතක් වෙලා වගේ...අනේ අපි නං දන්නෑ ඔව්වා)


ඔන්න කෙල්ලෝ කට්ටිය නෝටියාව උල තියන්න හදන්න නම් එපා මේකා 18+ එව්වා දානවා කියලා. මේ කවිය 18+ නෙමෙයි බොල.


මේක දිග වැඞී උනා වගේ ඉතිරිය තව පෝස්ටි එකකින් දාන්නම්..

ලව් ඉලව්



මුලින්ම කියන්  ඕනි මේක මගේ අයිඩියාවක් නං නෙමෙයි. මේක ඇවිල්ලා මගේ මිත්තරයෙක් වෙච්ච කා කියපු කතාවක්. මම මතක තියන විදියට මෑන්ස් ගේ වචන වලිංම කියන්නං. සිද්ධිය උනේ මේ අවුරුද්දේ (2011) අපේ ග‍්‍රැජුවිෂන් එකට කලින් අපේ බෝඞ්න් සෙට් එක තියපු සුට්ටං පාටියකදී....


ඇඩෝව්... උඹලා දන්නවාද උම්ඹලා නැට්ට කඩන් ලව් කරන කෙල්ලෝ උම්බලාට ෂිරාවටම ලව් කොරනවද කියලා. ඈහ්... උන් කියාවි බොලාට....
මම පණටත් වඩා ආ....ද...රෙයි කියලා...


පුහ් ආච්චිගේ රෙද්ද. උම්බලාට බලා ගන්න පුලූවං ඒක් එහෙමද නැද්ද කියලා. හෙබ්බැයි ඊට කලින් උම්බලා ලයිෆ් ඉන්සූරන්ස් එකක් දාගනිල්ලා බොලාට.


දැං මේකයි කොරන්න තීන්නේ... 


හොයා ගනිං හොද දෙපැත්ත කැපෙන පිහියක්. දැං දෙන්නත් එක්ක හොස්පිට්ල් එකක් කිට්ටුව තියන නිදහස් තැනකට සෙට් වෙන්න  ඕනි. අනිවා හොස්පිට්ල් එකක් ලග තියෙන්න  ඕනි. 


හරි...........


දැං වැඬේ ෂෙට්. දැං කෙල්ලට කියෆන් උම්බ මට ෂිරා ලව් නං මේ පිහියෙන් ඇණ ගනිං කියලා.


කෙල්ල ඒකිට පිහියෙන් ඇණ ගත්තොත් උම්බට ඒකි ෂිරා ලව්.ඒ නිෂා ඉක්මනට හොෂ්පිටල් ඇඞ්ම්ට් කොරහන්. එත් ඒකි ළගට ලං උනොත්  උඹේ මදර්බෝඞ් එකට කෙලවෙනවා බුදු ෂුවර්.ඒ නිෂා අතේ දුරින් ඈ.... 


ඒකි උම්බට ෂිරා ලව් නැත්තං උම්බට බඩු බනිෂ්. ඉගහට දුවපන් උලමෝ...

Sunday, November 6, 2011

දෝනියි තාත්තීයි තනිඋනා



දැන් ඉතිං මොනවා කරන්නද නිරාෂා. දැන් ඉතිං පරක්කු වැඩියි...

ඔයාට එදා සුපුන් එක්ක යන්න කලියෙන් ගොඩක් දේවල් හිතන්න තිබුණා. මම ගැන නෙමෙයි අපේ පුංචි කෙලි පොඞ්ඩ ගැන හිතන්න තිබුණා. ඒකි අම්මෙක් නැතිව ජිවිතේ ගොඩනංවා ගන්නේ  කොහොමද කියලා ඔයාට හිතන්න තිබුණා. කවදා හරි ඒකි ලොකු ළමයෙක් වෙච්ච දවසට... කව්ද කෙලිව බලා ගන්නේ....

ඔයාට අමතක වෙන්න ඇති අපි ඉස්කෝලේ යන කාලේ කොයි තරම් නං ආදරෙන් හිටියද. ගෙවල් වලින් අපේ සම්බන්දෙ දැනගෙන මොන තරම් නම් ප‍්‍රශ්ණ ආවත් අපි කොයි තරම් නං ආදරෙන්ද හිටියේ. අන්තිමට ඒ හැම බාධකයක්ම දිනලා දෙමාපියන් සේරගේම ආශිර්වාදේ මැද්දේ එක වහලක් යටට උනේ මොන තරම් නං බලාපොරොත්තු කන්දරාවක් හිතේ පුරවගෙනද....

කෙලි පැටික්කී අපේ ලෝකෙට ආවායින් පස්සේ අපේ ලෝකෙ සතුට කොයි තරම් නං වැඩි උනාද. ඒ අහිංසක මූන දිහා බලාගෙන ඔයා කොහොමද ඒ අහිංසකීව දාලා පැදුරටත් හොරෙන් ගියේ. අපේ පුංචි කුරුලූ කුඩුවේ මොන අඩුවක් සම්පූර්ණ කර ගන්නද ඔයා යන්න ගියේ...

කමක් නෑ... කමක් නෑ ඔයා හොදයි නම්. දෝනිට දෝනිගේ තාත්ති ඉන්නවා.... එතකොට අත්තම්මා ඉන්නවා... එතකොට සීයත් ඉන්නවා... දෝනිට අම්මියෙක් ගේ අඩුව වහන්න බැරි උනාට ගොඩාක් ආදරෙන් දෝනිව ගුණයහපත් නෝනා කෙනෙක් කරන්න තාත්තිටයි සීයටයි අත්තම්මටයි පුලූවන්...

ඒ වගේම තවත් දෙයක්.... 
දෝනිගේ තාත්ති වත් .... දෝනි වත්.... දෝනිවයි තාත්තිවයි දාලා ගිය අම්මිට කවදාවත් ම වෛර කරන්නෑ....ඒත් දෝනි අම්මි ලගට එන්න කැමති වෙන එකක් නෑ කවමදාවත්...


ප/ලි
මේ ලිපිය සම්පූර්ණයෙන්ම නිර්මාණයක් ම පමණයි... ඒත් මේ වගේ සිද්ධින් මේ සමාජයේ කොතෙකුත් නම් වෙනවා ඇත්ද? ඒ වගේ තනිවෙච්චි කෙනෙක්ගේ සිතේ මොන වගේ හැගීම් සමුදායක් ඇත්ද? නෝටිට හිතෙන විදියට ඒ හැගිම් වචන වලට පෙරලූනේ මෙහෙමයි. කොයි තරම් සාර්ථකයිද කියලා දන්නෑ. මොකද මේ වගේ අද්දැකිමක් නෝටි ලබලා නැති නිසා. මොනවා උනත් සාර්ථක අසාර්ථකභාවය ගැන නිර්ණය ඔයාලාට භාරයි...


************************

************************

Related Posts Plugin for WordPress, Blogger...