Pages

Tuesday, November 8, 2011

පරණ ගොනාව

ඈතට පලයං
දෑහැට නොපෙනෙන්නම පලයං
නුඹේ ඔය බොරුකාර ආත්මයත්, 
ආදරයත් අරං
ඈතටම පලයං..
මොකටද තවත් ළං වෙන්නේ
විනාස වෙලා ගිය හිත තවත් පොඩි කරලා දාන්නද
ආයෙත් හීන ලොකෙකට අරං ගිහිල්ලා පස්සට පයින් ගහන්නද
නැත්තම් වෙන ගොං නාම්බෙක් සෙට් උනේ නැද්ද
පුහ්....
වැඩක් නෑ... 
උඹට කරන්න පුලූවන් ඇටිකෙහෙලක් නෑ
තැලිච්ච හිතේ තලන්න මොකවත් නෑ
අනික....
උඹේ වංචාකාර කදුලූ වලට 
දැං හිත උණු වෙන්නෙත් නෑ
ඒ ගොනා වික්කා....


?පරණ ගොනාව මස් කඬේට දක්කපු
    නෝටියා මං....  J

8 comments:

  1. කාටද මේ කියන්නෙ.. නෝටිච්චිට වෙන්න බෑ.. පරණ මතකයක් වගේ..

    ReplyDelete
  2. @ Roshan Herath
    හෆොයි නෑ.... නෝටිච්චිට නෙමෙයි... කිව්වත් වගේ අවුරුදු ගානකට කලින් වෙච්ච දෙයක් නිසා ලියවුණු එකක් 2007 දි හරි 2008 හරි. පරණ පොත් වගයක් අවුස්සනකොට හම්බුනේ...
    ඔන්න ඔහේ ලියලා දැම්මා...

    ReplyDelete
  3. පරණ ගොනා විකුණපු එක හොදයි..

    ReplyDelete
  4. අඩේ අප්පා... මාත් ගිය මාසේ 'ඒ ගොනා වික්කා' කියල පොස්ට් එකක් ලිව්වා. මේක දැක්කම ඒක මතක් වුණා... එල එල නෝටි අයියා. .

    ReplyDelete
  5. @ Dinesh
    අනිවා...අනිවා...

    පරන ගොනා විකිණුවා...
    මස් කඬේට විකිණුවා...
    ඒක නිසා නෝටියා..
    දැන් ඉන්නේ හිනැහිලා....

    ReplyDelete
  6. @ Ice (අයේෂා කුලතුංග)
    ඔව් අයේෂා...
    නෝටියත් ඒ පෝස්ට් එක කියෙව්වා.
    පරණ ගොනාව විකුණපු නිසා අද සතුටෙන්..

    ReplyDelete
  7. පරන ගොනා මසට ද වික්කේ නෝටියෝ
    නැත්නම් හදාගන්න/සී සාන්ඩ වගේද

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...