Pages

Wednesday, November 2, 2011

ෂිට් මෙහෙමත් කෙල්ලො !

මේ පෝස්ට් එක කියෙව්වයින් පස්සේ බ්ලොග් අවකාශෙ ඉන්න කෙල්ලෝ සෙට් එක නෝටියාට බඩු බනිස් වෙන්න ගේමක් සෙට් කොරයිද දන්නෑ. ඒත් කට කෑවත් කියන්න  ඕනි දේ කියන්  ඕනි.

මේකයි සීන් එක.මගේ හොදම යාලූවෙක් ඉන්නවා ඉෂාර කියලා (ඇත්ත නම නං නෙමෙයි) මු ඇවිල්ලා නිවුන්නු දෙන්නෙක්ගෙන් බාලයා. අපි ඇචිචෝ කාලෙ ඉදන්ම යාලූවො. ඔන්න අපි සාමාන්‍ය පෙළ කොරලා ඉවර වෙලා උසස් පෙළට බද්දේ (ප‍්‍රසන්න බද්දේවිතාන - දන්නෝ දනිති) පංති යන කාලේ අපේ ඉෂාරයාගේ ලව් අෆෙයර් එක කන්ෆර්ම් වෙනවා. ඒ ගර්ල් ඉන්නෙත් අපේයි ඉෂාරලාගෙයි ගෙවල් ලගපාතමයි.

කොහොම හරි මුං දෙන්නගේ අෆෙයර් එක නැගලාම යන කාලේ ගෙවල් වලට මාට්ටු වෙලා ලොකු සීන් වගේකුත් උනා. කොහොම උනත් අෆෙයර් එක නැවතුන්නෑ. ගෙවල් වලට හොරෙන් වැඬේ නැගලා ගියා නිකං දෙල්කද පොලේ කිරි අලූවා වගේ.

උසස් පෙළ විභාගෙන් පස්සේ අපි සෙට් එකෙන් කිප දෙනෙක්ම හයර් එඩියුකේෂන් වලට සිලෙක්ට් උනා. මමයි තව එකෙකුයි අයි.ටි. වලටයි තව තුන්දෙනෙක් පිසිකල් වලටයි. අපේ කතාවේ කතා නායක ජොඩුවට (උන් ඩබල බයෝ කලේ) නම් කැම්පස් සෙලෙක්ට් වෙන්න ලකුණු මදි උනා.ඒත් උන් දෙන්නා පාස්.

කොහොම හරි දෙවනි ලැජ්ජාවෙන් කෙල්ල කැම්පස් (හාඩි) සෙට් උනා. ඒකි සෙට් උනේ ඇග්රිකල්වර්. ඉෂාරයා මේකිව කැම්පස් එවන්න සැහෙන්න කට්ටක් කාලා හෙල්ප් කොලා. කොහොම හරි මෑන්ස්ට කැම්පස් යන්න බැරි උනා ඒ ලැජ්ජාවෙනුත්. ඉතින් මිනිහා ප‍්‍රයිවට් අයි.ටී ඩිග‍්‍රි එකකට සෙට් උනා. කොහොම හරි කාලේ ගෙව්ලා ගිහින් 2011 අගෝස්තු මාසේ ලොකු තිරණාත්මක දෙයක් උනා.

කෙල්ලගේ අම්මා නැති උනා. ඉතින් ඒ ලෙවල් කාලේ ඉදන්ම ෆිටි එකටයි ඉෂාරයාගේ ෆිට් එකටයි අපි මළගෙදර ගියා. ගියා විතරක් නෙමෙයි නැහීගෙන කරන්න පුලූවන් හැම දෙයක්ම කලා. දෙවනි දවසේ ගර්ල්ගේ ෆැකල්ටි එකේ සෙට් එක ආවා. උනුත් අපිට සෙට් වෙලා වැඩ. ඒත් එක බුවෙක් අර ගර්ල්ගේ පස්සෙන්මයි ඇඹලයා වගේ. අපිටත් ඒක එච්චර මිටර් උන්නෑ වැඩ නිසා. ඔය අතරේ ? කට්ටිට  ඕමියකට සෙට් උනා. මමයි ඉෂාරයයි. අනිත් පැත්තේ අරකිගේ බැජාලා දෙන්නෙකුයි. සෙල්ලම නැගලා යන අතරේ අපේ චැටත් නැගලාම යනවා. ඔය අතරේ තමයි බබරේ පත්තු උනේ.අපිත් එක්ක සෙල්ලම් කරන එකෙක් කියනවා...

මචං අපිත් ඊයේ එන්න හිටියේ.ඒත් දෙතුන්දෙනෙක් නිසා අදට කල් ගියා. ඒත් ගබ්බා නං ඊයේ එන්නම වලි කෑවා කියලා...

ඉතිං මම ඇහුවු කව්ද මචං ගබ්බා කියලා... ඊට පස්සේ ඌ කියනවා...

හුටා දන්නැද්ද ගබ්බා තමයි මේකිගේ බෝයියා කියලා.

ඒ වචනේ පිට උනා විතරයි ඉෂාරයා කලන්තේ දාලා වැටුනා. සිහිය එනකොට විනාඩි පහක් විතර ගියා. අපි ඒ වෙලාවේ කරන්න  ඕන හොදම දේ කලා.අපි ඉෂාරයාවත් අරගෙන එතනින් ආවා අපේ ගෙදර. ? 1.30 ට විතර. ගොඩාක් උත්සාහ කලා හිත හදන්න. ඒත් අවුරුදු ගානක් ආදරේ කල කෙල්ල වංචාවක් කලාම මොනවා වෙයිද කියලා හිතන්න.

මෙයින් එහාට නෝටි මොකවත් කියන් යන්නෑ..මොකද නෝටිට මොනවා ලියවෙයිද දන්නැ ඒත් මට තියන අවුල අරකිට ඉෂාරයාව මදි උනාද කැම්පස් ආවාම.?

18 comments:

  1. ඕක ගොඩක් දෙනෙක්ට උන දෙයක් නෝටියෝ.. ඒකනේ අර " හන්තානට පායන සද " සින්දුවත් ලියවිලා තියෙන්නේ...

    ReplyDelete
  2. "ඒත් කට කෑවත් කියන්න ඕනි දේ කියන් ඕනි....."(cpid)
    අනේ නෝටියෝ එපා කියයි නේ උඹත්.....මෙව්වා යටි මගඩිද කොහේදැ...
    ඔව්වා ඉතිං ගෑනු ගතියනේ බං...කොහෙං ගියත් මේ අසරණ කොල්ලො තමා අසරණ,,,
    ගෑනු චපලයි නේ ඉතිං...
    @දිනේෂ්....ඔය හන්තානට පායන සඳ ......සෝන්ග් එකේ තියෙන්නේ ඒ අරුත නෙවෙයි නේද?
    මම හිතන්නේ වෙන එකක්...අනේ මන්දා.. ඒක ලියාපු මනුස්සයා පමණි දන්නේ..අහන උන්ට මොනා නං හිතා ගන්ට බැරිද...?

    ReplyDelete
  3. හප්පා..මාත් දැකල තියනවා මේ වගේ කෙල්ලෝ...එහෙම කොල්ලොත් දැකල තියනවා...

    @දිනේෂ් : හන්තානට සින්දුවේ කතාව නම් ටිකක් වෙනස් එකක් නේද මල්ලි?

    ReplyDelete
  4. @ Dinesh
    හ්ම් ඒක නම් ඇත්ත.ඒත් හිතා ගන්න බැරි ඇයි මේ විදියට වෙනස් වෙන්නේ කියලා.එක්කෙනෙක් එක්ක ඉන්න ගමන් තවත් එකෙක් එක්ක ඉන්න අප්පිරිය නැද්ද බං...

    ReplyDelete
  5. @ ගලයා
    අනේ මම නං එපා කියනවා. හිකිස්.
    නෝටි හොද එකා.ඇල් වතුරත් නිවලයි බොන්නේ..

    ReplyDelete
  6. @ සයුරි
    මමත් දැකලා නං තියනවා.ඒත් හිතට ගොඩාරියක් වැදුණු සිද්ධියක් මේක.ඒ නිසා වෙන්න ඇති මේ විදිය පෝස්ට් එකකුත් ලියවුණේ.

    තව නෝටි ලබපු තිත්ත අද්දැකීමක් තියනවා මේකට ගොඩාරියක් සමාන එකක්.ඒකත් හිතුන වෙලාවක ලියලා දානවා.

    ReplyDelete
  7. මෙලෝ රහක් ව හොඳ මුනු දාගෙන ඉන්න වල් හැත්තකුත් ඉන්නවා බං...

    ReplyDelete
  8. @ Prasanna
    අනිවා මචං අනිවා...
    හැංගි හැංගි වෙස් බැන්දට නටන්නේ එළිපිට කියලා මුංට අමතක වෙන එකනේ පුදුමෙ

    ReplyDelete
  9. ඔය විදියේ චරිතත් අපි අවටම ඉන්නවා. ඒත් ඉතින් ඕකට මුළු කෙල්ලෝ සංහතියම පලි නෑ හරිය?.... කෙල්ලෝ විවිධාකාරයි ලු.. ලෝකේ ගෝලාකාරයි ලු...

    ReplyDelete
  10. @ Ice (අයේෂා කුලතුංග)

    ඇත්ත ගෑණු සංහතියම පලි නෑ නම් තමයි..

    /* කෙල්ලෝ විවිධාකාරයි ලු.. ලෝකේ ගෝලාකාරයි ලු... */
    හරියට හරි කතාව... මේ කතාව ස්ත‍්‍රිරත්නයක්ම කියපු එක තමයි සුපිරි...

    ReplyDelete
  11. හි හි... ඇත්ත කියන්නයි, බිම ඉදගන්නයි බයවෙන්න ඕනේ නෑ කියනවානේ නෝටි... දැන් ඉතින් ඕක කිව්වා කියල අපේ අක්කල,නංගිලා මට කඩු කිණිසි අමෝරාගෙන එයිද දන් නෑ..හිකිස්.. මෙච්චර කාලයක් සමාජෙන් ලබපු අත්දැකීම් වලින් තමයි ඕන් එහෙම කිව්වේ...

    ප/ලි : නෝටි කියවලා තියෙනවද 'යෞවන සමීන්ද්‍ර රත්නායක' ගේ 'දයාබර නෝටි' නවල් එක?? ඒ පොතෙත් ඉන්නවා නෝටි කෙනෙක්. මට නම් මේ නෝටිගේ පෝස්ට්ස් දකිනකොට ඒ නෝටිව තමයි මතක් වෙන්නේ. හි හි..

    ReplyDelete
  12. @ Ice (අයේෂා කුලතුංග)
    අනිවාර්යෙන්ම අයේෂා... කට කෑවත් ඇත්ත කියන්න ඕනි... ඔන්න නෝටිගේ මනාපේ අයිස්ට....

    ඈහ්... අප්පදබොල නෝටියේ නාමයෙන් නවල් එකකුත් ලියලා තියනවද. නියමයිනේ... තාම මට කියවන්න හම්බ උනේ නෑ එහෙම එකක්.

    මට නම් ඔයා දකිද්දී මතක් වෙන්නේ...
    SHE and AYESHA : The Return of SHE(Henri Rider Heguard)
    මේ පොත් සිංහලටත් පරිවර්ථනය වෙලා තියනවා... මම හිතන්නේ පරිවර්ථනය කරලා තියෙන්නේ කේ.ජි. කරුණාතිලක.
    කියලා වැඩක් නෑ... සිරාම සිරා. පුලූවන් නම් සොයාගෙන බලන්න...

    ReplyDelete
  13. කැම්පස් වල පොදු කතාවක් ද මන්දා... කෙල්ලො ඔහොම වෙනස් උනු සිද්දි කීපයක්ම අහල තියෙනවා

    ReplyDelete
  14. @ පිස්සා පලාමල්ල
    අනේ මංදා බන් මොකක්ද කියලා...

    ReplyDelete
  15. GANU OHOMA THAMAI MATATH MAARA THALA YANANE :@@

    ReplyDelete
  16. අපිටනං ඉතිං ඉස්කොලේ කාලේ ලව් කේස් නෑනෙ.. (එකෙක් වත් බහදුන්නෙ නෑ...)

    ReplyDelete
  17. කෙල්ලෝ ඔහොමයි අප්පා කැම්පස් ගියොත් නොගිය කොල්ලාව බලු වටින්නේ නෑ

    ReplyDelete
  18. කෙල්ලෝ ඔහොමයි අප්පා කැම්පස් ගියොත් නොගිය කොල්ලාව බලු වටින්නේ නෑ

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...