Pages

Friday, May 4, 2012

බොලාට මගේ කට කන්න බෑ...

ලංකාව වනාහි සැදැහැවත් බෞද්ධ රටක්ය...
කොතරම් සැදැහැවත්ද කියලා කියනවා නම් ඇග කිලිපොලා යනවාය...
මෙව්වා කිවා කියලා නෝටියා දේශද්‍රෝහියෙක් කොරයිද දන්නෑ... කට කෑවත් කියන දේ කියන්න ඕනිලුය... බොලාට මගේ කට කන්න බැරි නිසා මම කියන්නෙහිය...

ලෝකේ පහල උන උත්තරීතරම ශාස්ත්රුවරයා පහල වූ, බුද්ධත්වය, මහා පරිනිර්වාණය, සිදු වූ උත්තරීතර දිනය හෙට සමරන්නේහිය. (නෝටියාද වෙසගේ නෝටිච්චි සමග පන්සල් ගොස් සිල් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙමුය)

ලෝකෙට සාමය, ප්‍රේමය කියාදුන් ජේසුතුමන්ගේ ගුණ දෙසැම්බර් 25 සමරන්නේහිය...
විය යුත්තේද ඒක කියාද නොටියාට සිතෙන්නේහිය...

ඔක්කොම හොදයිය..
ඒත් නොදෝමකින් එව්වද ඇත්තෙහිය...

වෙසක් විකුණාගෙන කන්න පටන් ගන්නේ වෙසක් වලට සති දෙක තුනක කලින් ඉදලාමය.

වෙසක් කාඩ් කියලා ජාතියක් විකුනනවාය,


වෙස් මුණු කියලා ජාතියක් ද තියෙන්නේහිය..
(සමහරක්ට කරන වැඩ නිසා තියන මූණ පෙන්නන්න බැරි නිසා වෙස් මූණ අගනේය...- වෙස් මූනේ ආක්‍රමණය සිදුව ඇත්තේ හැලෝවීන් ඩේ මගින් කියලා තමයි නොටියාට නම් හිතෙන්නේ)


එව්වා සුට්ටකට පැත්තකින් තියමු.. උණ පතුරු වලින් අටපට්ටම් හදලා හිටියාට දැන් එහෙම උණ බට එක්ක දොන් විය යුතු නැතිය... කඩේට ගිහින් කොලද ඇලවූ අටපට්ටම් මොනරුන්ට ඉලවු වෙන්නේහිය...


හොදම දේ... වෙසක් වලට දවස් කීපයකට කලින් සියලුම බාර් වහන්නේහිය. හැබැයි වහන්නේ ඉස්සරහා දොර විතරයිය... පස්සේ දොරෙන් 1000 බෝතලේ 2000ට දෙන්නේහිය.. බාර් එකේ මුදලාලියාද හිනා වෙන්නේ අධෝ මුඛයෙන්ය.

අදෝමැයි...! @#%#$%#$@^

මෙව්වා කියන්න කියන්න ඇඟේ මාළුවා පහල ඇලේ සික්ස් එයිට්‌ බීට් එකට නටන්නේහිය..!

මගේ මාළුවා නටන තාලෙකට නටපන් කියා මම මේ පෝස්ට් ඒක නතරකරන්නෙහිය...
නෝටියාද කූඩු හැදුවේ නැතිය..
කඩෙන් ගේන්නේද නැතිය...
උදේ වෙන්ට බාරි එක්ක පන්සල් යන්නෙහිය, රෑට පොල් තෙල් පහන් ගොඩාරියක් පත්තු කරන්නෙහිය.
මගේ වෙසක් මම එහෙමෙ සමරන්නේහිය.

එහෙනම් හැමෝන්ටම පින්බර වෙසඟක් වේවා....!!





උතුම් බුදු බණ නිරන්තරයෙන් දෙසු සදහම් සමිඳු සරණයි...
නුවන් සනහන කැළණි මියුගුණ සෑ රඳුන් සිලුමිනෙහි සරණයි...
සමන් ගිරිහිස පහන් කරමින් තැබූ මුනි සිරිපතුලේ සරණයි...
නිවන් දක්නා ජාති දක්වා අප සැමට තුනුරුවනේ සරණයි...











4 comments:

  1. නෝටියා කියා ඇත්තේ සහතික ඇත්තය. මෙවුන් හෙට අනිද්දාට අම්මා තාත්තාත් විකුණනු ඇත..

    ReplyDelete
  2. ස්තුති සහෝ මේ පෝස්ටුවලට.. හැදෙන එකෙක් හැදෙයි..

    සෑමා බ්ලොග් අහසට වෙසක් කලාපයක් එක් කලා. ඒ වෙලාවෙත් හිතුවේ "හැදෙන එකෙක් හැදෙයි.." කියාය.

    තෙරුවන් සරණයි !

    ReplyDelete
  3. නම නෝටි උණාට වැඩ නම් නෝටි නෑ වගේ......

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...