Pages

Sunday, May 27, 2012

කවුද හොඳ..? | මම මු..???

ටිකදොහකට පස්සේ ඔන්න මොනවා හරි හරුපයක් කොටලා යන්ට කියලා.. ලියන්නේ මොකක්ද කියල කම්පනා කරනකොට මතක උනේ 
"දෙමාපියන් කියන නිසා හිතුනා බදින්ට..." - පෝල් ප්‍රනාන්දු කියන සින්දුව...






ඉතින් හුදී ජනපහන් මෙව්වා එක උදෙසා බෙල්ලේ වැල දා ගැනීමට සුදුසු කාන්තාවක් සෙවීමේ ජුගුප්සාජනක මෙව්වා එක ගැන නෝටි අදහස් ලියනට තමයි කම්පනාව...


මුලටම වියාපාරික කාන්තාවක් බලන කල්හි.....
මගුලකි,
මෙවැනි එකියන්ට ජීවිතේ හැම මලදානයක්ම ශේෂ පත්‍රයකි. ලාභ පාඩු වලින් තොර කිසිම දෙයක් නැත්තෙහිය.
කොටින්ම කිවොත් පැනිහඳේ දිද හර බර බලනවා බුදු සුවර්ය..


ඊට පස්සේ නර්ස් කෙනෙක්
සොරිම සොරිය, නිකමට වත් හිතන්න එපාය. 
වැරදිලා වත් අතින් ඇල්ලුවොත් "please doctor not now..!"
ඉන් එහාට කීමට අවැසි නැතිය..


නඩුකරවරියක් / ලෝයර් කෙනෙක්...
හැම ඉලව්වම පසුවට කල් දමන්නේහිය,
වැඩ කල් දැමීමේ පුරුද්දක් තියනවා නම අවුලක් නැත්තෙහිය...


හතර වටේටම දීගෙන යන නිසා සුත්තර කාන්තාවෝ ගැන කතා කර වැඩක් නැත්තෙහිය...


කොම්පූටර් ඔපරේටර් වරියක්
Server not found


ටයිප් ගසන්නියක්
කොට්ටෝරුවෙකු මෙන් නිතරම කොටමින් සිටිනු ඇත්තෙහිය..
සම්පූර්ණ ජීවිත රක්ෂණයක් දාගතහොත් ඉන්නට හැකි වෙයි කියා සිතමි..


ගුරුවරියක් 
හුරේ..ය..!
නිතරම ඊයේ නවත්තපු තැනින් පටන් ගන්නේහිය...
දෙක වෙනකොට ගෙදරය
නමුත් හොඳට මතක තියා ගත යුතු දෙයක් ඇත්තෙහිය...
පෙම් හසුන නොදිය යුතුය... හරි වැරදි බලා නැවත රිටන් කරනු බඩේ බත් වගේ සුවර් ය...


ඉතුරු වෘතියන් ගැන උඹලාම හිතලා බලන්නේහිය...


ඔන්න තව පොඩි කතාවකුත් මතක උනා එකත් ලියලම යන්නම්...


ඔන්න ඇම්ඩන් ගොයියා හිච්ච එකා කලේ සිංහල වියාකරණ පට්ටම දුර්වලයිය...
මේකා ට නිතරම,
මම මි.., අපි මු... අමතක වෙන්නේහිය...
දවසක් රචනාවක "මම ගෙදර ගියෙමු" කියා ලියලා තිබෙනු දැක ගුරාට මල පැන "මම ගෙදර ගියෙමි" කියා කළු ලෑල්ලේ 1000 සැරයක් ලියන්න කිවෙහිය...


ඉතිං මේකා ලියන්නේහිය... අන්තිම පීරියඩ් එක වෙනකමුත් ලියන්නේහිය..  මේකා ලියලා ඉවර වෙනකොට පන්තියේ ගුරා තියා මැස්සෙක් වත් නැත්තෙහිය...


ඉතිං මේකා කොළ කෑල්ලක යමක් ලියා ගුරු මේසය මත තබා ගෙදර ගියෙහිය,
"1000 වාරයක් ලියා මම ගෙදර ගියෙමු"

9 comments:

  1. එතකොට වෘත්තිය ගණිකාවක් බැන්දොත්...?

    ඒ කතාව දන්නව ඇති මයෙ හිතේ..

    ජය !

    ReplyDelete
    Replies
    1. හතර වටේටම දීගෙන යන නිසා සුත්තර කාන්තාවෝ ගැන කතා කර වැඩක් නැත්තෙහිය...

      සැමෝ උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්...!

      Delete
  2. ඒ උනාට ගුරුවරියෝ හරි වසයි බං... හා...හා.... කෑගහන්න එපා කියලත් බයිනවනේ... :-)

    ඇම්ඩාත් අන්තිමට වැඩේ නාලනේ :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මොකද රජෝ... ඊයේ නවත්තපු තැනින් අයෙත් පටා..න් ගන්නවනේ...
      නාල කියන්නේ සන්ලයිට් ගාගෙන නාලා තියෙන්නේ...

      සුභ වේවා....!!!!

      Delete
  3. මේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවල ට මාගේ බලවත් විරෝධය.......

    ReplyDelete
    Replies
    1. හෑහ්..!
      මාගේ බලවත් කැමැත්ත..
      හිකිස්‌...!

      Delete
  4. ගුරුවරියක් කසාද බැන්දොත් පොඩ්ඩබැරි වුනොත් වේවැල් පාර තමයි, පොලිස් කාන්තාවක් කසාද බැන්දොත් ? බැටන් පොලුපාර / ලාච්චුවට....හි ක් හි...හ්...මන්ත්‍රිවරියක් බැන්දොත් "හොඳයි පසුව සලකා බලන්නම් තමයි"...හි හ් හි හ්....

    ReplyDelete
  5. ගණිත ගුරුවරියක් නරක නෑ. 25 වාරයක් නැවත කරන්න වගේ ඒවානේ කියන්නේ.

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...