නෝටි කතා, කුප්ප කතා, අර කතා මේ කතා ලිව්ව නෝටි, නෝටිගේ ජීවිතේට වසන්ත කාලය උදා උණු හැටි ලියන්න හිතුවා...
මේ පොස්ට් එකේ ඉදන් ඒ කතාව ලියනවා මගේ අහිංසක කෙල්ලට උපහාරයක් විදියට.
කතාව ආරම්භයට කලින් මේ කතාවට අත්තිවාරම උණු කතාව කියලා ඉන්නම්
****
ඒ 2007 අවුරුද්ද, නෝටියා උසස් පෙළ කරලා ෆැකල්ටි පටන් ගන්නකම් අගනුවර පරිගණක අද්‍යාපන ආයතනයක සහාය කථිකාචාර්ය කෙනෙක් විදියට වැඩ කළා.ඔහොම ඉන්න අතර තමයි අපේ ආයතනයට (රටේ තියන ප්‍රසිද්ධ ආයතනයක් නිසා නම නොකියා ඉන්න එක හොදයි කියලා හිතෙනවා) රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණයට අදාළ සේවකයෝ පුහුණු කරන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න උනා.
නෝටියාට හම්බුන ක්ලාස් එකේ හිටියේ ළමයි 15. බහුතරයක් හිටියේ රාජ්‍ය ආයතන වල සේවය කරන මිස්ලා. පිරිමි අය හිටියේ දෙතුන්දෙනයි.කිසි අවුලක් නැතිව ක්ලාස් එක ගලාගෙන යනවා. සේරම නොටිට වඩා වයසින් වැඩි කට්ටිය. ඒ නිසා ඒ සේරම අය නෝටියාට පුදුම විදියේ ආදරයක් කරුණාවක් දැක්වුවේ. ඔය අතරේ ක්ලාස් එකේ කට්ටිය නෝටියාගේ ෆෝන් නම්බර් එක එහෙම ඔෆිස් ඒකෙන් ඉල්ලං මොකක් හරි අවුලක් උනාම කතා කරන තත්වෙටම පත් වෙලා තිබුනේ. ටිකෙන් ටික ක්ලාස් එක ඉවර වෙන දවසත් ආවා. අන්තිම දවසේ ක්ලාස් එක ඉවර කරනකොට කට්ටියගේ ඇස් වල කදුළු. නෝටියාටත් අම්බානට අප්සට්. එදා ඒ හැමෝන්ටම දනගහලා වැන්දේ ඇයි කියලා නෝටියට අදටත් හිතා ගන්න බෑ.
ක්ලාස් එක ඉවර උනා කියලා නෑ. කට්ටිය නිතර නිතර කතා කරලා දුක සැප ඇහුවා. ටික දවසක් යද්දී ඒක අඩු උනත් මේ කතාවේ ඉන්න එක් කතා නායිකාවක් සුජී (ඇත්ත නම නෙවෙයි, ඇත්ත නම කියන්න බෑ, මොකද එයත් අයි.ටී ක්ෂේත්‍රයේ කෙනෙක් නිසා) නෝටියට ගොඩක් සමීප උනා. නොටියගේම අක්කෙක් වගේ. "අපේ පොඩි සර්" කියපු ඒ අක්ක නෝටියට මල්ලි කියලා කතා කරන තරමටම සමීප උනා. ඒ අක්කගේ මහත්තයත් නෝටියට ගොඩක් හිතවත් උනා.
ඔය අතරේ තමයි නෝටියා ෆැකල්ටි පටන් ගත්තේ. ඉතින් ඒ ඉන්ස්ටිටියුට් ඒකෙන් නෝටියා අයින් වෙලා ෆැකල්ටිත් ගියා, ඒත් ඒ සුජී අක්කා මේ නෝටියාව අමතක කලේ නෑ, කතාබහ කරලා නෝටියට ෆැකල්ටි එකේ වැඩ වලටත් ගොඩක් උදවු කළා...
කාලේ ගෙවිලා ගියේ පුදුම ඉක්මනින්. නෝටියා ෆැකල්ටි අවුට් වෙලා ජොබ් එකේ ඉන්නකොටත් සුජී අක්කා නොටියගේම අක්කා කෙනෙක් වගේ හිටියා. කොටින්ම කිවොත් එයාලට නෝටියා පවුලේ කෙනෙක් වෙලා වගෙයි හිටියේ
මම හිතනවා මේ ටික ප්‍රමාණවත් වෙයි මගේ වසන්තයේ අත්තිවාරම දාන්න.
****
එක දවසක් නෝටියා ඔෆිස් එකේ ඉන්නකොට නෝටියාට එනවා කෝල් එකක්, බැලින්නම් සුජී අක්කාගෙන්.
"ආ.... මැඩම් කොහොමද, අපිවත් මතක වෙනවා උඹලට එහෙනම්"
වෙනසක් නෑ නොටියගේ කතා විලාසේ ඔෆිස් එකේ කියලා පොඩ්ඩක් වත් සීලාචාර උනේ නෑ.
"අනේ පලයන් බං යන්න, උබලට තමයි දැන් හරි ගිහිල්ල අක්කලවත් අමතක කරලා තියෙන්නේ..."
එකිගේත් වෙනසක් නෑ. කියවන්න ගත්තාම වක්කඩ වගේ.. ඔය වගේ විනාඩි 5ක් විතර කතා කර කර ඉඳලා...
" මල්ලෝ.. මේ මම ගත්තේ පොඩි උදව්වක් ඉල්ලා ගන්න"
" හෑ ඒ මොකක්ද බං, උඹලටත් අපිව මතක වෙන්නේ මොකක් හරි උදව්වක් ඕනි උනාම තමයි... කියහන් කියහන්... මොකක්ද කේස් එක"
" අනේ බං මේක මට කීවට මටම නෙවෙයි. මගේ ස්ටුඩන්ට් කෙනෙක්ට, එයාගේ FB page එකේ මොකක්ද අවුලක් වෙලා... පොඩ්ඩක් බලලා solution එකක් දෙනවද..? "
ඉතින් නෝටියා දන්නා ජිලමාට් දාලා solution එකත් දීලා දැම්ම.
නෝටියා එදා හවස ගෙදර ගිහින් fb log වෙලා බලනකොට, කෙල්ලෙක්ගෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක්. විස්තර හොයලා බැලින්නම් සුජී අක්කගේ ස්ටුඩන්ට්.
(ඔය දවස් වල නෝටියට කෙල්ලෝ කියන්නේ මහා ඇලජික් ටොපික් එකක්, කොටින්ම කිවොත් නෝටියට කෙල්ලෝ කියන ජාතියම තිත්ත වෙලා තිබුනේ.)
ඉතින් රික්වෙස්ට් එක accept කරලා මෙසේජ් එකකුත් දැම්ම "*** මොකක් හරි උදව්වක් ඕනි නම් කරන්නම්,සජී අක්කා ගෙන් කතා කරන්න" කියලා.. නෝටිට අදටත් හිතා ගන්න බෑ ඇයි ඒකිට එහෙම මැසේජ් එකක් දැම්මේ කියලා.
(පස්සෙයි දන්නේ රික්වෙස්ට් එක දාලා තියෙන්නේ සජී අක්කයි එයාගේ ස්ටුඩන්ට් එක්ක එකතු වෙලා කියලා)
****
කළු වලාවෙන් අදුරු වූ හිත් අහසට,
කවදා නම් හිරු කිරණක් ලැබෙයිද..?
චණ්ඩ මාරුතයෙන් හෙම්බත් වෙලා ඉන්න ජීවිතයට,
කවරදාක මද පහසක් ලැබෙයිද...?
අයාලේ යන ජීවිතයට,
කවරදා නම් අරුතක් ලැබෙයිද...?
ජීවිතය පුරවාගෙන තියන අමිහිරියාව,
කවදාක මිහිරියාවක් වෙයිද...?
Arne notiyo,
ReplyDeleteahu urna neda 64 en eakakata!
අහුවී අවසන්ය 64 ටම
Deleteඉතින්..ඉතින්..කෝ පොඩ්ඩනේ අප්පා..
ReplyDeleteඉතින්.....
Deleteචුට්ට චුට්ට එකතු වෙලා කතාව ලියවෙනවා...
ඔහොම යං ඔහොම යං
ReplyDeleteතැන්කු....
Deleteඒකත් නියම කතාවක් වගේ.බලමු කියවලා.
ReplyDeleteබලමුකෝ....
Deleteමගුලක් පටන් ගනී වගේ..
ReplyDeleteනෝටියා..
පටන් ගත්ත මගුල ගැන ලියන්ට හිතුනා...
Deleteමොකද බන් අපි දාන කොමෙන්ට් වලට මක්කෙය් වෙන්නේ
ReplyDeleteහුටස් සොරි වේවා...
Deleteස්පෑම් වෙලා...