Pages

Sunday, July 8, 2012

ඇඩ්‍රස් නැති වෙන්න කලින්...


කෙනෙක්ගේ ජීවිතේ එක සුළු දෙකින් කොයි තරම් නම් වෙනසක් කරන්න පුලුවන්ද...?
ඒ සුළු දේ...
කෙනෙක් නිසා...
නැත්නම් ටික දෙනෙක් නිසා වෙන්න පුළුවන්...
ඒත් ඒ වෙන වෙනසට මුහුණ දෙන්න ඕනි අදාල මනුස්සයා.
කොයි තරම් අය හිටියත් වෙන වෙනසට මූණ දෙන්න ඕනි ඒ මනුස්සයා.
වෙනසට මූණ දෙන එකා ඇගෙන් කෑල්ලක් ගියත් ඒ වෙනසට අනුගත වෙන්න ඕනි,
හරියට ඒක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්,
කට කපා ගන්නේ නැතිව කිරි ටික කන්න ඕනි.
නැත්නම් වෙන්නේ...
තමන් කොච්චර නිවැරදියි කියලා තමන්ගේ හිත තමන්ට කීවත්,
ලෝකයා තමන් දිහාට එල්ල කරන ඇගිල්ලෙන් බේරිලා ඉන්න බැරි වෙන එක.
ඒක හරියට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ වැඩක්,
ඒක නිසා කරන්න තියන හොඳම දේ තමයි....
ගෞරවනීය නිෂශබ්දතාවය...
ඒත් ඒ වෙනකොට තමනුත් සෑහෙන්න කණපිට හැරවිලා වෙන්න පුළුවන්...
ඒක තමයි ලෝක ස්වභාවය...
ඇඩ්‍රස් නැති උනත් ඇඩ්‍රස් සොයාගෙන ගමන යන ඒක තමයි....
ජීවත් වෙනවා කියන්නේ...


5 comments:

  1. හ්ම්ම් ඇත්ත කතාව!එකගයි පොස්ටුවට.

    ReplyDelete
  2. මොකක්ද මහත්තයා කියන්න හදන්නේ ???

    ReplyDelete
  3. ගැහෙන වැටිච්ච නෙවෙයි ගහෙන් වැටිච්ච. කෙනෙක්ට නෙවෙයි කෙනෙකුට ඔහොම ගිහිල්ලා කනෙක්ටර් කියලත් ලියයි. ලියපු ගමන පොස්ට් කරන්න එපා හිතේ තියන ආවේගයට. ආපසු එක වතාවක් වත් කියවලා වැරදි නිවැරදි කරන්න.

    ReplyDelete
  4. ලාවට තේරුනා...
    ලාවට නොතේරුනා..

    ReplyDelete
  5. අහ-වල් එකක්ද බං කියන්නේ?

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...