Pages

Saturday, July 21, 2012

මුල්ම දවසේ... (*කෙනුත් හිනා)

මේ නෝටියා ලියන්න හදන්නේ ගිය අවුරුද්දේ නෝටියා ෆැකල්ටි අවුට් උන ගමන්ම වගේ (ට්‍රේනින් ප්ලේස් වලට යන්ට කලින්) මාසයක් විතර හක්කලන් ගහපු ගාමන්ට් පැට්ටේරියක වෙච්චි අලකලංචිය ලියන්න...

ඔන්න ඉතිං නෝටියගේ මවුතුමියගේ හැදුනුම් කමකින් නෝටියට එක ගාමන්ට් පැට්ටේරියක සෙට් උනා කියමුකේ ජොබක්... ඔන්න ඉතිං ගිය මුල්ම දවසේ නෝටියව නිකං කරකෝල අත්හැරිය වගේ... එක පාරටම චූං...! චූං...!! කියල මියුසික් එකක් යනවා, ඊට පස්සේ මෙන්න මොකෙක්ට හරි අහවල් තැනට එන්න කියල අනවුන්ස් කරනවා... එක කෙලියයි..!

ඔන්න ඉතිං සුට්ට වෙලාවකින් HR & Administrating Manager එක්ක කචබචයක් ගහලා Factory Manager එක්කත් කතා කොරලා ඔන්න නොටියාවත් දැම්ම IT Department  එකට. වැඩි හොදට කියලා Fac: Mana:  ගේ උපදෙස් පිට මුලටම නෝටියව දැම්මේ Pay-Roll  System එක study කරන්න කියලා ඒ වෙනකොට Pay-Roll System එක කොරපු  අලි ඔලුවෙන් හිටපු බවලතියෙක් ලගට. ඔන්න ඉතිං දැන් එකී නෝටියට මෙන්න මෙහෙම කියල දෙන්න පටාන් ගත්තා...( මම පහසුවට එතුමියට නිසංසලා කියලා කියන්නම්කෝ )

නිසංසලා : හොඳයි වැඩ පටන් ගන්න කලින් ඔයාට මම කවුද කියලා කියලා ඉන්නම්. මම නිසංසලා.මම මේ ගාමන්ට් ෆැක්ට්‍රි එකේ ටෙන් ඉයර්ස් වගේ වර්ක් කරනවා. Pay-Roll System එක මැනුවලි කරන කාලේ ඉදන් තමයි මම මේක කරන්නේ.

මම : හී හී... ( ගොනා සේ කර බාගෙන කියන දේ අසා සිටී...)

නිසංසලා : මගෙන් හැමදේම ඉගෙන ගන්න. කම්පියුටර් එහෙම පුලුවන්ද... එහෙං මෙහෙන් අතගාල වත් තියනවද...?

මම : එහෙං මෙහෙන් අතගාල යමක කරන්න බැරි වෙන එකක් නෑ... (ඒ වෙලාවේ මගේ හිනාව නතර කරලා දුන්න දෙවියනට පින් සිදු වේවා...!)

නිසංසලා : හරි ඉතිං මොනවා කරන්නද..? මුල ඉඳන්ම කියලා දෙන්නම්. දැන් ඉතිං වෙන මොනවා කරන්නද? අපේ බොස්ලාටත් පිස්සුද කොහෙද...? 
( PC එක shut Down කරයි) හරි... කම්පියුටර් එක On කරන්නේ කොහොමද කියලා කියන්න.

මම : අර බොත්තම ඔබලා නේද මිස්...? (UPS එකේ Power Button පෙන්වා.)

නිසංසලා : හී... හී... මෙයා නම් Pay-Roll ම කරයි. බ්ලා... බ්ලා... බ්ලා...!!! @$#@$!#@%@!

ඔය වෙලාවේ තමයි නෝටියා දිහා දෙයියා බලන්නේ.

හප්පට සිරි නෝටි මලයා...උබත් මෙතනට සෙට් උනාද... එල එල...!! (ගමගේ අයියා- ඇත්තම නම)

ඔව් අයියේ. 
දෙන දෙය්යා ඉල්ලන්නත් කලින් දුන්න වගේ. අපේ ෆැකල්ටි එකේ සීනියර් බැච් එකේ අයියා කෙනෙක්.

නිසංසලා : ගමගේ සර් මෙයාව දන්නවද...?

ගමයා අයියා : දන්නවද කියලත් අහනවා, අපේ කැම්පස් එකේ මල්ලි කෙනෙක්. අපේ ජුනියර් බැච් එකේ.

මම : හී හී... ! මේ මිස් මට හොඳට මට කියලා දෙන ගමන් හිටියේ.

ගමයා අයියා : එහෙනම් මල්ලි මම රූම් එකට යනවා. ඔය ටික Study කරගෙන මගේ රූම් එකට එන්න.අපි දෙන්නට තමයි එකට වැඩ කරන්න වෙන්නේ. 
නිසංසලා ඔය වැඩ ටික ඉවර උනාම Mr නෝටි ව අපේ Department එකට එකන් එන්න 
ගමයා අයියා එහෙම කියලා එයාගේ රූම් එකට ගියා කියමුකෝ ඊට පස්සේ.

නිසංසලා : ඔයා..... ගමගේ සර් ගේ....?

මම : Faculty of IT, UO*... ඔව් මිස් මම ගමගේ අයියගේ ජුනියර් බැච් එකේ

ඒ වෙලාවේ නම් නිසංසලාගේ මූණ බලන්න දුකා....යි....! මොනා කරන්නද ඉතිං එයානේ කුම්බලා කරෝල කෑවේ.





ප.ලි.
නෝටියා මේ කතා ලියන්නේ අපේ ගමයා අයියගේ අනු දැනුම මත,මම අන්වර්ථ නාමයකින් අදුන්වපු කෙනත් නෝටියගේ බ්ලොගය බලනවා කියලා දන්නවා.ඉතිං මම එතුමියට So sorry කියන්න අවස්තාවක් කරගන්නවා මේක. මොකද දන්නවද මිස් "නැති ලොකු කම පෙන්නන්න ගිහිල්ල ඔයයි ඉල්ලන් කෑවේ". 

මිස් නිසංසලා කවමදාක වත් කෙනෙක් හරියට නොදැන අඩු තක්සේරු කරන්න එපා. ඒකෙන් වෙන්නේ හානිය ඔයාටමයි. ඔයා එක්ක නම් නෝටිගේ කිසි තරහක් නෑ.


ප.ප.ලි.
දිග වැඩි උනාද මන්දා. රස කතා ඊළඟ පොස්ට් එකෙන් ලියන්නම්.

Coming Soon...!
හිටිය ගමන් කරන වැඩේ අමතක වෙන අමරේ
බෝල ලතා සමග නම ගිය චරිත.


   



40 comments:

  1. Faculty of IT ලන්කාවටම එකයිනෙ.. උඹ එහෙද?

    ReplyDelete
    Replies
    1. මමත් එහෙනෙ බං හිටියෙ.. බැච් 7

      Delete
    2. හප්පට සිරි.. එළම තමා කිවලු...
      සමහර විට අයියා මාව දන්නවා එහෙම ඇති.

      Delete
    3. උඹ කීයෙද කියපන් ඉතින්?

      Delete
    4. සොරි අයියා...
      පොඩි හේතුවක් නිසා(නෝටිච්චිගේ ඉල්ලීමක් නිසා.) මගේ බැච් එකයි කාර්ඩ් එකයි කියන්න බෑ...මම අයියලගේ ජුනියර් බැච් එකක කෙනෙක්.සමහරවිට මම අයියගෙනුත් රැග කන්න ඇති ලෙසටම.

      Delete
    5. ;) අවුලක් නෑ බං.. උඹ නොකිව්වට ඒක රහසක් නෙමේ.. කියලා තියෙන විස්තර වලින් මට හිතාගත්තැකි බැච් එක.. :)

      රැග කියලා දෙයක් අපේ නෑනෙ. ඒකට උඹ රැග කියනවානම් මම ඒක කෑවෙ උඹලත් එක්කමයි. දැන් දන්නවනෙ මාව...

      "නෝටිච්චිගේ ඉල්ලීමක් නිසා" නාරිපානිය ඉදිරියේ දීන වෙන්ඩ එපා බං.. :D

      Delete
    6. හෆොයි...
      ඥාවවා මල්ලේන් එලියට පැනලාද මන්දා.මෙහෙමයි අයියා...නාරිපනිය ඉදිරියේ දීන වෙන්නත් වෙලාවක් එනවා.(:ඩී) ඒ වෙලාවට ඒ ඇත්තියගේ කීමටත් ගරු කරන්ට වෙනවා...

      මොනවා උනත් එකක් සුවර්.මගේ අතින් දසමෙකින් වෙච්චි අතපසු වීමක් නිසා ලියන්ට ඉඳපු දෙයක් මට ලියන්න බැරිව ගියා.

      Delete
    7. හී හී... ඒ කියන්නෙ මාත් ඔය දෙන්නව දැකලා ඇති නේද???

      Delete
    8. @ නෝටි | Naughty,

      "මොනවා උනත් එකක් සුවර්.මගේ අතින් දසමෙකින් වෙච්චි අතපසු වීමක් නිසා ලියන්ට ඉඳපු දෙයක් මට ලියන්න බැරිව ගියා." මොකක්ද ඒ?

      @ නිසුපා,

      ඒකනෙ.. කලින් දන්නේ නෑනෙ..

      Delete
    9. නිසුපා
      නිසූ නම් දැකලා තියනවා කියලා කියමුකෝ...

      හරී
      මේකනේ හරි අයියා.දැන් ඒ ලියන්න හිටපු මල මගුල ලියන්න වෙන්නේ නෑ.ඒක ලීවොත් කෙනෙක්ගේ හොඳ නමකට හානි වෙන්ට ඉඩ තියනවා...

      Delete
    10. වැඩි කල් නොගිහිල්ලා නෝටියා කියන්නේ මොකාද කියලා අඳුනා ගනීවි වගේ

      Delete
    11. කැමති නම් ලියපන් බං.. මම තැන තැන කියව කියව යන එකෙක් නෙමෙයි.

      (හොරෙන්) මගෙ හොඳ නම නෙමෙයිනෙ.. :)

      Delete
    12. නම් ගම් සේරම දේවල් වෙනස් කරලා ලියන්න හිතෙනවා.එහෙම ලීවොත් එදාට හරිට කියන්නම් මේක තමයි අර කතාව කියලා.
      එතකොට හොඳටම කල්පනා කලොත් මීටර් වෙයි.

      Delete
    13. "වැඩි කල් නොගිහිල්ලා නෝටියා කියන්නේ මොකාද කියලා අඳුනා ගනීවි වගේ" වැඩිකල් මොකටද බන්.

      මේකයි සීන් එක බ්ලොග් ලියන අපේ ෆැකල්ටියෙ ගොඩක් කට්ටියව මම දන්නවා. හැබැයි එකෙකුට කියන්නෙ නෑ මේක ලියන්නෙ අරූ මේක ලියන්නෙ අරකී කියලා. මම දැනගෙන කටපියාගෙන ඉන්නවා.

      Delete
    14. හ්ම්ම්... හරි කොහෙද වර්ක් කරන්නේ...

      Delete
    15. @නෝටි - හෑහ්..... මාව දැකලා තියෙනවාද... O_o

      Delete
  2. නොදැන අවතක්සේරු කරන්න නරකයි කෙනෙක්ව..හ්ම්ම් හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. අනිවා... අපිට කිසිම කෙනෙක්ව අවතක්සේරු කරන්න, කිසිම කෙනෙක්ට ගරහන්න සදාචාරාත්මක අයිතියක් නෑ....

      Delete
  3. කොම්පීතරේට කරන්ට් එක ප්ලග් කරන හැටිත් අහගන්න තිබ්බේ
    පවුනේ බං නිසා

    ReplyDelete
    Replies
    1. ගමයා අයියා අවේ නැත්නම් ස්විච් එක දාන හැටිත් අහගන්නවා...

      Delete
  4. ලොකුකම් දාන්න යන මිනිස්සු ඇණ ගන්න වෙලාවට මදි නොකියන්න ඇණ ගන්නවා

    ReplyDelete
    Replies
    1. අනිවා හසියා...
      සරුංගලේ උද යන්නේ නූල තියනකම් විතරයි. නූල කැඩුනොත් සරුන්ගලේට සොරි ඩොට් කොම්

      Delete
  5. එහෙනම් නෝටියත් හිරු කොමියුනිකේසන් පාරිබෝගිකයෝ

    ReplyDelete
    Replies
    1. ටියුබ් ලයිට් උනාද මන්දා...

      Delete
  6. පට්ට ආතල් වැඩේ හි හි හී ..........

    ReplyDelete
    Replies
    1. ආතල් කියන්නේ හොදි ඕන්නෑ...

      Delete
  7. සට් ඩවුන් කලාම සට් අප් කරන්නේ කෝමද නිසන්සලා මිස්?????

    ReplyDelete
    Replies
    1. පස්සට නිල් වෙන්න පයින් පාරක් ගහලා වෙන්ට ඇති...
      හිකිස්‌

      Delete
  8. මරු සීන් එක.. ඔය වගේ වෙලාවට ගොනා වගේ ඉන්න එක තමයි හොඳම මට පුළුවන් කියලා කෑ නොගහ... එයාගේ මූණ කොහොම වෙන්නැද්ද හි හි පොටෝව විදියටම කන්න හිතෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. කන්න පුළුවන් උනා නම් තවම නෝටියව අල්ලාගෙන කනවා...
      හිකිස්‌

      Delete
  9. අර පින්තූරෙ නම් නියමෙට ගැලපෙනවා පෝස්ට් එකට
    henryblogwalker the Dude

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...