නිමිත්ත...
සර් දන්නවද වැඩක්... අර ලිගල් සෙක්ෂන් එකේ ඉන්න කරුණාරත්න ඊයේ හවස අඩියක් ගහලා සර්ට හොදටම දෙහි කැපුවනේ. මම මේ මේක සර්ට කිව්වේ වෙන මොකවත් නිසා නෙමෙයි, මම සර්ට තියන හිතවත් කම නිසා. ඔන්න සර් කරුණාරත්න ගෙන් මේ වගක් අහන්න යන්න එපා. සර්ට තියන හිතවත් කම නිසයි කිවේ....
සමීක්ෂක වාර්ථාව
ලංකාවේ රාජ්ය හා රාජ්ය නොව ආයතනයන්හි ජංගි අදින කොට්ඨාස දෙකක් සිටින්නෙහිය.
1. ජංගි අදින ගැහැණු
2. ජංගි අදින පිරිමි.
මේ අවස්ථාවේ ජංගි අදින Default කොට්ඨාසය පිළිබදව විස්තර පැවසිමට නොයන්නෙමි.
ජංගි අදින ගැහැණුන්ට අමතරව මේ ජංගි අදින පිරිමි වනාහි අමුතුම සත්ත්ව කොට්ඨාසයකි. හුගක් වෙලාවට මේ ජංගි අදින පිරිමි කොට්ඨාසය ආයතනයන්හි ක්ෂණිකව හදුනා ගැනීමට අපහසු වන අතර, කලක් ආයතනය තුල සේවයේ නිරතව සිටිනා විටදී පැහැදිලිවම හදුනා ගත හැකි අතර අඩු වැඩි වශයෙන් සියළුම ආයතනයන් තුල සිටිනා බැව් සමික්ෂණ වාර්ථා වලින් හෙලිවි ඇත.
තවද, මොවුන් තමන්ගේ පැවැත්ම උදෙසා ජංගි අදිනු ලබන බැව් සමීක්ෂණ වාර්ථා වලින් හෙලිදරව් වන අතර, ආයතනයන්හි කළමණාකාරිත්වය හා උසස් නිලයන් අභියස මෙම කොට්ඨාසය වැඩි වශයෙන් ගැවසෙනු ලබන බැව් හෙලිදරව් වී ඇත. තවද, මොවුන් දිය යටින් ගින්දර රැගෙන යාමේ තාක්ෂණය සහ දිය රෙද්දෙන් බෙල්ල කැපීමේ කලාව මනාව පුහුණු කල අයවළුන් බැව් වැඩිදුරටත් සමීක්ෂකයන් දන්වා සිටී.
එබැවින් සමීක්ෂකයන් විසින් පෙන්වා දෙනු ලබන අවසන් නිගමනය පහත සදහන් පරිදි බැව් කාරුණිකව දන්වා සිටිමි.
ජංගි අදින Default කොට්ඨාසයට වඩා ජංගි අදින පිරිමි කොට්ඨාසය සමග වැඩ කටයුතු කරගෙන යාමේදි වඩාත් ආරක්ෂා විය යුතුය... යන්නයි
ජංගි තියා මුකුත් නැතුව ඇවිත්.. කලිසම කෙලින්ම පාත් කරලා දෙන උන් ඉන්නවා...
ReplyDeleteහම්ම්....
Deleteඉන්නවා නේන්නම්...
අන්තිමට *@ දී නසි තමයි
Rate lokuma Thena,thamai,Jangi Andina Ayata,wedima Thena Thiyene,Eka Iye peredath Penunane,
ReplyDeleteජංගිය ගලෝලා ඔලුවේ දාල යවන්න තියෙන්නේ
ReplyDeleteඒ් වෙලාවට ජංගි ඔලුවෙන් ගවන්න හිතෙන්නේ...
Deleteනිකන් ඡංගිනම් කමක් නෑ මුන් අදින්නේ මල් චිත්ත ඡංගි.
ReplyDeleteසර්ටිපිකට් ඇත්ත..
Delete