මාතෘකාව නම් 18+. මුලින්ම මං පුංචි දෙයක් අහලා ලියාගෙන යන්නම්.
කොන්ඩම් කියන්නේ වනචර දෙයක්ද?
මම මේකට උත්තරයක් ලියන්නේ නැතිව බලන ඔයාලා ලියාවි කියලා හිතලා මගේ කතාව ලියනවා. අද උදේ මම ගෙදරට ඕනි බඩු වගයක් ගේන්න ටවුන් එකට ගියා. බස් එකේ ගියේ කාර් කටුවෙ බැටරිය මට උදේම ලොකු ලයින් එකක් දැම්ම නිසා. ගන්න ඕනි බඩු ටිකත් අරගෙන මං ආයෙ ගෙදර එන්න බස් එකට නැග්ගම තමා සීන් එක උනේ. මම වාඩිවෙලා හිටිය සීට් එකේ අනිත් පැත්තේ ඇවිත් වාඩි උනා සාමාන්‍ය වයසක ගෑනු කෙනෙකක්. බස් එකෙත් ටිකක් විතර සෙනග හිටියා. ඔය කියපු ගෑනු කෙනාගේ එහා පැත්තේ හිටගෙන කොල්ලෙකුත් හිටියා අවුරුදු 25ක් විතර ඇති. දැං බස් එකේ කොන්දා ලමයා ටිකට් කඩාගෙන කඩාගේන ආවා අපි ඉන්න හරියටත්. ඉතිං අර හිටගෙන ඉන්න පිරිමි ළමයා ටිකට් ගන්න පර්ස් එක ඇරලා සල්ලි ගන්නකොටම පර්ස් එකේ තිබිලා යමක් වැටුනා අර මම කලිං කියපු ගෑණු කෙනාගේ උකුල උඩට.
දෙයියංගේ පිහිටයි සතුට...!
ඕක අර ගෑනු කෙනා දැක්කා විතරයි පටං ගත්තා බස් එකේ දහඅට පාලිය නටන්න. අර කොල්ට යනඑන මං නැතිව පොලව පලාගෙන යන්න හිතෙන්න ඇති. ඒකා අර ගැනු කෙනා කියන හැම දෙයක්ම ගල් බිල්ලා වගේ අහගෙන ඉන්නවා. ඒ ගෑනු කෙනාගේ කියවීම නවතින්නේත් නෑ. මම හිතන්නේ බැරිම තැන වෙන්න ඇති කොල්ලා සද්දෙන් කියපි....
මම ඕක ගත්තේ මගේ ගෑනි එක්ක **** මිසක් ඔහේට **** නෙවෙයි කියලා...
කතාව එතනින් ඉවරයි...
දැං මට හිතෙන දේ කියන්නම් ඔය ටොපික් එක ගැන. කොන්ඩම් එකක් කියන්නේ මහා ලොකුවට හංගන්න ඕනි දෙයක් නෙමෙයි. කොන්ඩම් එකක් කියන්නෙත් මිනිසාගේ එදිනෙදා ජීවන කාර්යේදි අවශ්‍ය වෙන එක භාණ්ඩයක් විතරයි.
ඒ උනත් කොන්ඩම් එකක් කීවම අපේ හිතට එන හැගීම අවස්ථානුරූපිව විවිධාකාරයි. ඒකට හේතුව විදියට, හුගක් වෙලාවට කොන්ඩම් එකක් උපත් පාලනයට භාවිතා කරන භාණ්ඩයකය වඩා, ගණිකාවන් එහෙමත් නැත්නම් අන් අගනුන්ගේ පහස ආරක්ෂාකාරිව ලබා ගැනීම උපයෝගී වන භාණ්ඩයක් විදියට සමාජයේ මුල් බැහැගෙන තියන නිසා වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ.
ගිය අවුරුද්දේ වෙච්චි සිද්ධියකුත් මතක් උනා මේ අතරේම...ගිය අවුරුද්දේ වැලන්ටයින් දවසේ හවස් වෙලා අපි යාලුවො ටික සෙට් උනා (බොන්න නෙමෙයි, coffee party එකකට) සම්පත් කියලා යාලුවෙක්ගෙ ගෙදර. ඒකා ඩොකෙක්. මෑන්ස්ගේ පාමසියේ වැලන්ටයින් දවසේ විතරක් කොන්ඩම් පැකට්ස් 250 කට වඩා විකිනිලා. එහෙම බලනකොට නං ඉතිං... අනේ මංදා...
යකඩෝ >........කොපු 250 ක්
ReplyDeleteවැලන්ටයින් සමරන්න.... හිකිස්...
Deleteහ්ම්ම්.... සමහර විට ඊටත් වඩා... මට මත විදියට 250 ක් ලීවේ...
රේන් කෝට් දමාගෙන නෑම
ReplyDeleteහම්ම්... පට්ටෙ එක්ක කෙසෙල් කෑම කියලත් කියනවා...
Deleteචී වල්......
කොන්ඩම් කියන්නේ වනචර දෙයක්ද?
ReplyDeleteඔවු. අපගේ ඉස්ලාම් ධර්මයට අනුව
වෙන්න ඇති එහෙනම්
Deleteඔයාලාගේ ආගමට අනුව... ගරු කරනවා අදහසට
අර ගෑණු කෙනා ඒ කතාව අහගන්න හුඟක් මහන්සි වෙලා තියෙන බව පේනවා.
ReplyDelete