Pages

Wednesday, October 19, 2011

සුදු ගේ දොලදුක





මේ සංතෑසිය උනේ අපේ බාප්පගේ චූටි කෙලීගේ ජමුබු ගහෙන් වැටීමේ ප‍්‍රීතිය නිමිත්තෙන් තියපු පාටි එකේදි. 2008දි විතර. අපේ ඔය වෙන්න හිටපු බාරි  (වෙන්ඩ හිටපු බාරි කිවේ දැන් මගේ සුදු මැණිකේ මගෙන් ගොඩාරියක් ඈතට ගිහින් නිසා.සුදු මැණිකේ.)  නෝටිට ටිකක් නෑදැ වෙන ලමිස්සියෙක්.ඒ ඇත්තිත්ලත් ඉතිං පවුලේ උත්සව වලට අනිවා එනවාම තමයි.


නෝටී.... සුදු මැණිකේ අත කොනිත්තන ගමන් බබා පාට් දාන්න පටන් ගත්තේ හොදකට නෙමෙයි කියලා නෝටිට නිකං හූනා කියන්න වගේ කියන්න පුලූවන්.


මොකැ බන්...? ඒ ගමන මොන මරාලයක් පාත් කොරන්නද හදන්නේ?


අනේ නෑ නෝටි පැටියෝ.... මට චූටි ආසාවක් ආවා...


ඈහ්....` හප්පට සිලි දැම්මම.` ඇයි ඉලව්වේ මම මොකවත් කලෙත් නෑනේ තාම.


චිකේ මේකාගේ නෝටි හිත. එහෙම ආසාවක් නෙමෙයි මගේ නෝටි පැටියෝ...


එහෙනං කිකිලි බ්ත්තර දානවා වගේ තෙපරබාන්නැතුව කියපංකෝ බන්


මම කියන්නං... හැබැයි ඔන්න මට බනින්න බෑ.


හරි හරි කියන්නකෝ...


නෝටි මම ආසයි... බියර් චුට්ටක් බිලා බලන්න...


හරිනේ වැඬේ. ඔය කෙලවෙන්න හදන්නේ මහ ගහෙන්ම. අපේ සුදු මැණිකෙට දෙයකට ආසාවක් ආවොත් ඉතිං ඒක ඉෂ්ඨ කර ගන්නකං නිකං මඤ්ඤං වගේ. මොකෑ ඉතිං කොරන්නේ.


නෝටිත් ඉතිං අනේ මගේ එකීගේ ආසාවනේ කියලා බියර් එකක් උස්සන් එන්නයි ලෑස්තිය. පාටියට නෑදෑයෝ සේරම වගේ ඇවිත් තියන නිසා උන්ගේ ඇස් වහලා එපැයි ගන්න.(කාට හරි මාට්ටු උනොත් හොදි  ඕන්නෑනේ...) ෆුල් ගරිල්ලා මිශන් එකක් දීලා උස්ස ගත්තා කියමුකෝ.


හම්මේ ඒක දැක්කා විතරයි සුදු මැණිකෙගෙ මූණ.... මම බෝතලේ පියන අයින් කරලා ග්ලාස් එකකට චුට්ටක් දාලා දෙන්න හැදුවම


දෙන්න බබා  ඕක මෙහාට...


කියලා ගත්තේ නෑතැ බෝතලේම. මේකිගේ උණ තියෙන්නේ බෝතලේ කට තියන් බොන්න. ආයෙත් කිසිම හෙවිල්ලක් බැලිල්ක් නෑ.  මගෙත් මොකෝ ඉතිං.දුන්න බෝතලේම බොන්න බැරි නම් නාගනිය කියලා.


තූ...හ්....``` තුප්...` තුප්....`` තුප්.....```  චීයා..... මේ මොන මල ජරාවක්ද.
චික්. මම හිතුවා ඔයා රස කර කර කියනකොට රස ඇතියි කියලා. මීට පස්සේ බොන්න එහෙම නෑ ඔය මල ජරාව.(කාලා වරෙන්කෝ ඉතිං)


හරියට හරි සුදු මැණිකේ.
මම එදා ඉදන් බියර් බොන්නෑ. මම දැන් බොන්නේ අරක්කු.



CHEERS...!!!

15 comments:

  1. අ.ර.ක්.කූ....බොන්න එහෙම නෑ ඔය මල ජරාව.

    ReplyDelete
  2. සහතික ඇත්ත! මොකට බොනවද මන්දා. ඔච්චරම තිත්ත රසට ආසනම් කරවිල කොටල බොන්න පුළුවන්.නැත්තම් කොහොඹත් හොඳයි.අඩුම ගානෙ සුදුවෙයි.
    හැබැයි ඔය කතාව අර නත්තලට ගෙදර හදන හෝම්මේඩ් වයින් වලට නම් අදාල නෑ.:D D
    ඒත් ඉතින් සුරාමේරය කිව්වම ඔය කෝකත් අයිතියිනේ.ඒ නිසා මම නම් ඕවට නෑ. :)

    ReplyDelete
  3. මෙලො රහක් නෑ ලු මොනවට බොනවද මන්දා

    ReplyDelete
  4. හෙහ් හෙහ්! මරු.....

    ReplyDelete
  5. ​උඹ තරහා ගන්න එපා... මං නම් තදින්ම විරුද්ධයි බං බියර් වලට මල ජරාව කියපු එකට....

    ReplyDelete
  6. @ රාජ්
    පිස්සුද...කටේ තියන්නෑ එව්වා.

    ReplyDelete
  7. @ ලකී වික්‍රමසිංහ
    ඒක තමයි යාලූ කීවේ ෂේප් එකේ වයින් සුට්ටක්....
    -----------------------------------------------
    @ නදී
    අනේ මංදා..
    -----------------------------------------------
    @ විසිතුරු | visituru
    සුදු මැණිකෙගේ ආසාවෙන කෙල උනේ බියර් එකට
    -----------------------------------------------
    @ prasanna86k
    මමත් විරුද්ධයි බන්..කොරෝනා වගේ බ‍්‍රෑන්ඞ් එකක් නම් කිසි අවුලක් නෑ

    ReplyDelete
  8. නෝටි බොන්නේ එහෙම නෑ මේ මල ජරාව.... :)

    ReplyDelete
  9. @ Dinesh
    කටේ තියන්නෑ එව්වා.

    ReplyDelete
  10. හහ් හහ් හහ් එළ .....අරක්කුත් ඉල්ලුවොත් බොන්න වෙන්නේ කසිප්පු තමයි.......

    ReplyDelete
  11. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    ඔලුවෙන හිටගෙන කීවත් ඒක නම් කොරන්නෑ කියලා එදාම හිතා ගත්තා..

    ReplyDelete
  12. හික්ස්. අනේ මන්දා ඕවා බොන කස්ටියගෙන් තමා අහන්න ඕනෙ.

    ReplyDelete
  13. @ පිණිබිඳු...
    අනේ අපිනං දන්නෑ ඔව්වා...

    ReplyDelete
  14. ඊඊයා යා ....... කවුද අනේ අරක්කු බොන්නේ ....?

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...