Pages

Thursday, October 20, 2011

මගුල් විසේ




සිතේ තියන තනිකම දුක් මකන්නට
සිතුනි මෙමට හොද කෙල්ලෙක් සොයන්නට
මෙය මාගේ ගජයා හට කිව් කලට
පහක් දමා සප් එක දෙමි කීය මට

සදලියා හොදයි හුරුබුහුටිය කෙල්ල
සිනහව හොදයි ඇගෙ මිණි කිංකිණි වැන්න
ෆුල් ගට අරන් නෝටියා ගොස් ඇසු කලට
සොරි නෝටියෝ මම එන්ගේජ් කියපි මට

අවුලක් නෑ මුදේ මාලූ තවත් ඇතේ
සිතා හැරුණි සුදු ගංගා වෙතට අනේ
ඇසකුත් ගසා අයි ලවු යු කියු විගසේ
මගුල් විසේ යයි ගස්සා ගියපු රගේ 

අහන අහන හැම එකීම ඔරවන්නේ
නොදකිං මගේ සිකුරත් දැං කිච වෙන්නේ
මෙහෙම ගියොත් නෝටිට මයි කෙලවෙන්නේ
අඬේ සිකුරො කොටපන් කෝ මගෙ ආලේ



ප.ලි
මහ පුදුමයකි හත්වලාමෙ මෙමට සකි
මෙන්න බොලේ දැං නෝටියා කවී ලියති
කවදා කාපු ටකරං දැයි හිත සිතති
කවි හොද නං කොමෙන්ටුවක් දමා යති...



6 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. එළ කිරි කවිය......ඉන්න ඉන්න සිකුරා කොටයි ලගදිම........

    ReplyDelete
  3. ඉවසලා ඉන්න... සිකුරා ලබාවි ඉක්මනටම...

    ReplyDelete
  4. හොඳදත් අහනවා.... නියමයි...

    ReplyDelete
  5. ඉදල ඉදල කවි ලියූ නෝටිට
    කමෙන්ටුවක් දැම්මෙ නොදා ඉන්න බැරි කමට
    මෙතරම් ඉවසුව දගකාර නෝටියට
    සිකුරනි කොටපන් ඇය නමින් නෝටිගෙ නලලට

    නියමයි... නෝටිගෙ කවිනම් බලන්න බලන්න ආසයි තවත් ලියන්න

    ReplyDelete
  6. ඉදල ඉදල කවි ලියපු නෝටිට
    කමෙන්ටුවක් දැම්මෙ නොදා යන්න බැරිකමට
    මෙතරම් ඉවසපු විසේකාර නෝටියට
    සිකුරනි කොටපන් ඇය නමින් නලලට

    නියමයි...තව තවත් ලියන්න

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...