Pages

Tuesday, November 1, 2011

සීවරං දෙයියනේ.... ඇතිනේ ටොපිය.

කට්ටිය දන්නවා ඇතිනේ ෆැකල්ටි එකේ රැග් සීසන් එක කියන්නේ කොයි තරම් නම් අමතක නොවෙන සුදුවීම් ඇති වෙන මාස කිපයක් ද කියලා. අපි රැග් වෙන මාස කිපය වගේම ජූනියර් බැජ් එකට රැග සෙටි කරන මාස කිපයත් එක වගේම සුන්දර කාල සිමාවන්. ඔන්න පොඩි සිද්ධියක් නිසා නෝටිට මතක් උනා ජූනියර් බැජ් එකේ රැග් සීසන් එක අවසානේ ෆ්‍රෙෂර්ස් නයිට් එකේදි පෙරලූනු බාල්දියක් ගැන.

ෆ්‍රෙෂර්ස් නයිට් එක කිවාම ඉතින් අමුතුවෙන් විස්තර කන්න  ඕනි නෑනේ.... වැඩ කෝටියයි නෙමෙයි කෙල කෝටියයි. ඔන්න ඔය කෙලකෝටියක් වැඩ අතරින් කෙරෙන වැඩක්නේ ඔය ඹඹරියෙක් සෙට් කර ගැනීම.
(කෝලන් වරහන් වහලා - හිනා)

ඉතින් සීන් එක මේකයි... මගේ හොද බොක්කක් තමයි මේ සිද්ධියට සම්බන්ධ. ඔන්න මෑන්ස්ට කෙල්ලෙක් ගැන හිත වැටිලා. එක කෙලියයි. කනක් ඇහිලා ඉන්න නෑ
(කෝලන් පී - දිව දොට්ට)

අනේ යමන් බන් නෝටි මට අර කෙල්ලට කතා කරන්න  ඕනි.. අනේ යමන්කෝ බන්....

මොනවා කරන්නද ඉතින්. එක කුස උපන් යාලූවානේ. ඔන්න ඉතින් ඒ කෙල්ලට කතා කරන්න කියලා හිතාගෙන අපි දෙන්නා ගියා උන් ඉන්න පැත්තට. ඒකි ඉන්නවා තව යාලූවෝ දෙන්නෙකුත් එක්ක.(බොලේ බැලින්නම් මේකි ව මම සිසන් එකේදී අම්බානකට මඩවපු කෙල්ලෙක්) මම ඉතිං කා (කා කියලා කියන්නේ අපේ රැග් සීසන් එකේදි මෑන් බෞතීස්ම කෙරුව නම) ට කිව්වා ඔන්න ඉන්නවා ගිහින් කතා කරෆන් කියලා.

මූ පොර ටෝක් දාගෙන ගියාට මොකද කකුල් දෙක අස්සේ නගුට ගහගෙන දගලනවා. යකෝ මූ එනකං මට ඉන්න දුන්නෑ යමංකෝ කියලා දැන් මූ යන්නෑ බඩ පණුවා වගේ දගලනවා. අනේ ඉතිං ඔය වෙලාවට තමයි මුව ලූණු නැතිව කන්න හිතෙන්නේ...
(කෝලන් ස්ළැෂ් -  හොද මල)


ඒ ගමන මේකා කියනවා අනේ බන් නෝටියෝ ඒකිව චුට්ටක් මෙහාට එක්ක වරෙන්කෝ බන්.... අනේ එක්ක වරෙන්කෝ...
(කෝලන් ස්ළැෂ් -  හොද මල)


නිද්දකින් මුට ලව් කරවන්න මම චී වෙන්න  ඕන. මොනවා කරන්නද මුගේ ඇඩිම නවත්තන්නත් එපැයි. ඔන්න ඉතිං මම කෙල්ලට කතා කරන්න ගියා ඒ පැත්තට.

එක්ස්සියුස් මී ප්ලීස්.... නංගි මට චුට්ටක් කතා කරන්න පුලූවන්ද..? වචනේ දැම්මා විතරයි අනිත් කෙල්ලෝ දෙන්නා පැත්තකට ෂේප් වෙලා ගියා. උනුත් දන්නවානේ මොකක්ද සීන් එක කියලා. ඉතිං මම ඒකිට චුට්ටක් එළියට එන්න කියලා මමත් එළියට ආවා. කා  ඉන්නවා නිකං මනමාලිව බලන්න ආව මනමාලි වගේ.
ඔන්න කෙල්ලත් දැන් ලගට ඇවිල්ලා....
(කෝලන් වරහන් වහලා - හිනා)

නංගි මේ කා අයියාට ඔයා එක්ක මොනවාද දෙයක්  කතා කරන් තියනවාලූ ඔන්න පොඞ්ඩක් කතා කරගන්නකෝ කියලා මම ටිකක් එහාට ගියා.
(සෙම් කොලන් වරහන් වහලා -ඇහැක් ගැහුවා)

ඔන්න දැන් විනාඩි පහක් විතර ගියා. කා කෙල්ලට හුරේ ටෝක් කරනවා. මුං ලව් මට ඉලව්. ඔන්න කෙල්ල ටික වෙලාවකින් ඇතුලට ගියා. අරුත් එනවා මූන මල ගේ කරගෙන. දුකේ බෑ. උගේ මූණ දැක්කාම ඇඩෙනවා.
(කෝලන් පෙරලි කොමා වරහන් වහලා - ඇඩෙනවා)

හරියන්නෑ බන්. ඒකි ගත් කටටම කිව්වා බන් කැමති නෑ කියලා.
මොනවා කරන්නද. කට කපලා එකයි දුක. වරෙන් යන්න අඩියක් ගහන්න.


මොනවා කරන්නද ඉතිං යාලූවාගේ දුක මගේත් දුකනේ. ෂේප් එක්කෙ දෙකක් නවාගෙන කස්ටිය ඩාන්ස් කරන තැනට සෙට් උනා. ඔන්න අර කෙල්ලත් ඩාන්ස් කරනවා දැක්කා. මමත් ඉතිං ඒකිටත් දත් තිස් දෙක පෙන්නලා අපේ බැජියෙක්ට සෙට් උනා නටන්න.

(සෙම් කොලන් වරහන් වහලා -ඇහැක් ගැහුවා)



ටික වෙලාවක් නටන කොය අපේ බැජි මහන්සි බන් ටිකක් වාඩි වෙලා ඉදලා එමු කියලා ටිකක් වාඩි වෙන්න ගියා. මමත් තව ටිකක් ඩාන්ස් කොරලා වාඩියක් දාන්න යන්න හදනකොට අර ගර්ල්
අයියේ චුට්ටක්.... මම හිතුවා අරුට මේකි කැමති වෙලා ඒක කියන්න කියලා කියන්න මට කතා කොලා කියලා.ඉතින් මමත් ඇයි නංගි කියලා ඇහුවා...

අයියේ මම හිතුවේ අර වෙලාවේ අයියාට කතා කරන්න මට එළියට එන්න කිව්වා කියලා.වෙන දෙයක් කියලා දන්නවා නම් මම කියට වත් එළියට එන්නෑ...


සීවරං දෙයියනේ.... ඇතිනේ ටොපිය.
(කෝලන්  ඕ - බුදු අම්මෝ)




හැමොන්ටම වගේ නෝටිටත් ෆැකල්ටි ලයිෆ් එකේ අමතක නොවෙන දේවල් අපමණයි.

7 comments:

  1. අතේ තිබ්බ ටොපිය කටේ දාගත්තද ඉතින්?

    ReplyDelete
  2. එහෙනම් ඒ කෙල්ල නෝටිට කැමතියි වගේ... යාළුවට වඩා...

    ReplyDelete
  3. @ Sabith
    මොන... කාපු මුල්ම ටොපිය දිරවා ගන්න බැරිව හිටිය මට දෙයියෝ බුදුන් සිහි උනා..
    අනිත් එක නෝටි මිත‍්‍ර දෙ‍්‍රා්හියෙක් නෙමෙයි...

    ReplyDelete
  4. @ Dinesh
    ඔව් සහෝ.... කෙල්ල නෝටිට කැමැත්තෙන් හිටියේ.ඒක නෝටිට පස්සේ ගොඩක් තේරුණා. මොනවා උනත් ඒකි ෆෝවර්ඩ් කෙල්ලෙක්...

    ReplyDelete
  5. පව් අප්ප නෝටිගෙ යාලුවා..ඉතිං ඌ වෙන එකකට සෙට් වුනැයි?
    මම අහන්ටමයි හිටියේ නෝටිගේ ෆැකල්යිය මොකක්ය?
    මම හෙව්වා හොයා ගන්ට බැරි උනා...මෙඩ්ඩෙක්ද?
    පස්ට කතාව...නෝටි බලං ගියාම නෝටියෙක් නෙවෙයිනේ...නැත්ත්ං මෙලහටත් ටොපිය කටේ...මොනා කරන්නද යාලුවනේ නේ බං...

    ReplyDelete
  6. @ ගලයා
    අනේ මගේ කට මොකටද.අන්න මෑන්ස් ගෙදරින් ආව ප‍්‍රපෝසල් එකකට ඕකේ එක දිලා.

    මම අයි.ටී. ෆැකල්ටි එකේ. ඒත් මොන කැම්පස් එකේද කියලා දැනට නොකියා ඉන්නම්.... වෙන හේතුවක් නෙමෙයි කෙනෙක්ට උනු පොරොන්දුවක් මත...දෙයක් ලියලා තියනවා.ඒක පබ්ලිෂ් කරන්න එයාගේ අවසරය ඕනි.ඒක ලැබෙන කම් නෝටි මෙහෙම ලියනවා.ඒත් දවසක ඇත්ත නමින් හා රූපයෙන් එනවා.

    ඒත් නෝටියාව අදුරන අය දෙතුන්දෙනෙක් ඉන්නවා.

    ReplyDelete
  7. අප්පා ඔය හම්බවෙලා තියෙන්නේ ලස්සන උත්තරයක්

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...