Pages

Saturday, November 12, 2011

නොසන්ඩාල ගින්න


ඔන්න නෝටියා උදේ පාන්දරම පෝස්ට් එකක් දාන්නයි හදන්නේ. මොකක් ගැනද දන්නවද.......? 
මේකයි කතන්දරේ. නෝටියාගේ සුට්ටි එක්සෑම් එකකට නෝටියා මේ දවස් වල පාඩම් කරනවා.ඉතින් ඊයේ ඉදන්ම නෝටියා තාම අවධියෙන්. කැම්පස් අවුව් වෙලා වැඩි කාලයක් නැති නිසා නොනිදා පාඩම් කොරන එක නම් අවුලක් උනේ නෑ...  එකම අවුල උනේ නෝට්ච්චිත් අවධියෙන් මම පාඩම් කරන අතර නෝටිච්චි එයාගේ NTS එකේ පාඩම් වැඩ. ඒ අතරේ ඉතින් විනාඩියක් දෙකක් කෝල් කරන්නැතිව ඉන්නෙත් නෑ...


කතාව ටිකක් ට‍්‍රැක් එක පැනගෙන පැනගෙන යන්න හදනවා වගේ... ඔන්න ආයේමත් ට‍්‍රැක් එකට....


ඉතින් නෝටියා පාඩම් කර කර ඉන්නකොට නෝටියාට එනවා කොහේදෝ ඉදන් නොසන්ඩාල බඩගින්නක්.ඉතිං හද්දෙයියනේ මේ උදේ පාන්දර මොනවැයි වළදන්නේ... අම්මිලාව අවධිකරවන්න බෑනේ...  ඕං නෝටියා කුස්සියට ගෙහුං බැලූවාම තියනවා සුපිරි කෑමක්.... මොනවා වෙන්න ඇති කියලාද හිතන්නේ....


ඊයේ ? උයපු බත් ඉතිරි එව්වා.... හීල් බත්...
තව අයිස් පෙට්ටියේ පොල් සම්බෝල වගේකුත් තිබුණා...


ඔය මැදැ බඩගින්න නිවා ගන්න.


හීල් බතුයි... පොල් සම්බෝලයි... ලූණු දෙහි කෑල්ලකුයි... අමු මිරිස් කරල් දෙකයි... 


කියලා වැඩක් නෑ අප්පා..... රාජ භෝජන පරාදයි... මොකුත් නෑ කුඩා බඩවැල් කෙලින් වෙන්න කැවා. මම හිතන්නේ නෝටියා මේ හීල් බත් ජුංඩක් කෑවේ අවුරුදු ගානකට පස්සේ... ඉතිං රස නැතිව තියේවිය.


කාලා නැත්නම් කාලා බලන්න. ආයෙත් කන්න ආසා හිතෙනවා ෂුවර්

8 comments:

  1. හිටු අද බත් එක ෆ්‍රිජ් එකේ දාලා හෙට කනවා...

    ReplyDelete
  2. බොක්ක කූල් වෙලා යන්ට ඇති නේ බං..
    උඹට රාජ බෝජන කතත් බ්ලොග් කියවන අපි මතක් වෙනවා නේ..
    රහ බලන්ට හරි වස කෑවොත් පෝස්ට් එකක් දලාම පලයන් හොඳේ...
    (මේක විහිලුවට කිව්වේ ,නෝටියා වහ කන්න වෙන නෝටි වැඩ කරන්නේ නෑ නේ ඉතිං:ඩී ඩී ඩී)

    ReplyDelete
  3. කැකුලු හාල් හීල් බත් පොල්සම්බෝල එක්ක උදේට එළ....තව කැමක් කෑවා ඉස්සර මාතර ගියාම "හුනුසාල්" බත්..ජීවිතේට ආයිත් කැවෙ නැ ඒවගේ රස බතක්......

    ReplyDelete
  4. @ Ice (අයේෂා කුලතුංග)
    රසයි කියන්නේ රසම රසයි

    ReplyDelete
  5. @ ගලයා
    අනිවා... ඇත්තටම වස මොන රසද බන්...?

    ReplyDelete
  6. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    අනිවාර්යෙන්ම මචං..ඒක් කැකැලූ හාල් බත් කන්න වෙන්නැ බන් කාලෙකට.
    අර උඹ කියපු හුනුසාල් බත් නං කවදාවත් කාලා නෑ බන්..

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...