Pages

Monday, November 14, 2011

දුකෙන් කේන්තියෙන්


ඔන්න අදත් නෝටියා මොනවා හරි කුරුටුගාලා යන්නයි ආවේ. මොනවා හරි කුරුටුගානවා කිවට නෝටියා ඉන්නේ දුකෙන් වගේම කේන්තියෙන්. 


මගේ නෝටිච්චි බොඞ් වෙලා ඉන්නේ NTS ලගම තියන ගෙදරකනේ. නෝටිච්චි අද හවස බෝඩින් ප්ලේස් එකට ඇවිත් වොෂ් එකක් දාගෙන එනකොට බිම වතුර වගයක් වැටිලා තිබිලා නෝටිච්චි ලිස්සලා වැටිලා. ඉතිං නෝටිච්චි නෝටියාට කෝල් කරලා අඩ අඩ කියනවා....


නෝටි මම වැටුණා. අත තුවාල උනා කියලා...


මගේ නෝටිච්චි චුට්ටක් තුවාල උනා නම් අඩන කෙනෙක් නෙමෙයි. මගේ ඇස් වලටත් කදුලූ ආවේ ඒකිගේ වේදනාව මටත් දැනුනු නිසාද...? අනේ මට දැන් මගේ නෝටිච්චි ලග ඉන්න තිබුණා නම්. එහෙනම් නෝටිච්චිට අඩන්න දෙන්නෑ මම.


නෝටියාට කේන්ති යන්න හේතුව තමයි.... අර බිම වතුර හලපු එකීට ඒ හැලිච්ච වතුර ටික පිහිදලා දාන්න බැරි උනාද. ඒ වතුර ටික පිහිදලා දැම්මා නම් මගේ නෝටිච්චි වැටිලා තුවාල වෙන්නෑනේ. අනේ ඇත්තට මේ වතුර හලපු එකීව නෝටියාට අහු උනෝත් නම්..........


ඔය අතරේ නෝටියාට මෙහෙම දේකුත් හිතෙනවා. නෝටිච්චි අඩනවා කියලා තේරුණාම මේ තරම් හිත රිදුනා නමි නෝටිච්චි මගේ ඉස්සරා ඇඩුවෝත් නෝටියාට මොනවා වෙයිද කියලා දෙයියෝ තමයි දන්නේ. ඔන්න ඉතිං නෝටියා තිරණේ කලා නෝටියා ලංකාවෙන් යන දවසේ නෝටිච්චි එයාර්පෝට් එකට එක්කන් යන්නෑ කියලා. නෝටිච්චි අඩන්න ගත්තොත් නෝටිටත් යන්න වෙන්නේ අඩ අඩ....



නුඹ දැක මගෙ සිත බැදුණා කිසිවිට නොසැලෙන ලෙස සුදු මැණීකේ
නුඹත් සරී මට පණත් සරි කිසි වෙනසක් නෑ මයෙ මැණිකේ
රජ සැප කුමටද උඹ නැති දා... රජ බිසවකි මට නුඹ සොදිනා..
නවම් මහේ සුභ නැකැත් බලා කරකාර බදින්නට සිතුනා...



ඔන්න ගිය සතියේ නෝටිච්චිගේ දෙවනි අක්කණ්ඞ්ගේ බෝඩිමට හොරු පැනලා. හොද වෙලාවට එයාලා බොඞ්මේ ඉදලා නෑ. ඉතිං නොටිච්චි ඊයේ මමත් එක්කම චූටි අක්කගේ හොස්පිට්ල් එකට ගිහින් පිරිත්නුලක් දීලා ආවා...
ඔය අතරේ නෝටියාට නම් හිතුනේ ඔය කෙල්ලෝ හතරක් ඉන්න බෝඩිමට පනින්න තරම් ඒ හොරා මෝඩයෙක් උනානේ.වැරදිලා වත් ඒකා පනින වෙලාවේ වැරදිලා වත් එක කෙල්ලෙක් බෝඩිමේ හිටියා නම්


පව්......................... අසරණ සොරා.............!! 



11 comments:

  1. නොහඩන් නෝටි

    ReplyDelete
  2. @ විසිතුරු | visituru
    නෝටි අඩන්නෑ....ඒත් ඇස් දෙකට කදුලු ආවා...

    ReplyDelete
  3. ආදරේදි ඔහොම තමයි.. පොඩි දේවල් වලට උනත් ගොඩක් දුක හිතෙනවා..

    ReplyDelete
  4. moda jorks kiyanna mewata thama naughty 0

    ReplyDelete
  5. අයියේ අර හොරාගැන තව ටිකක් විග්‍රහ කරලා ලිව්වොත් හොඳයි වගේ...!

    නෝටිච්චිට ඉක්මණින් සුව වෙන්න කියලා පතනවා...

    ReplyDelete
  6. නෝටිච්චී පව්....!

    ReplyDelete
  7. @ Dinesh
    හ්ම්... ඒක නම් එහෙම තමයි මචං...

    ReplyDelete
  8. @ Anonymous
    මෝඩ ජෝක්ස්....
    ඈහ්... අම්මපා කියපන්...
    හිකිස්ය...
    නෝටිගේ මෝඩ ජෝක්ස් නෝටිට හොදය. මගේ චූන් මටම චූන්ය.ඉතිං නෝටි ඔව්වාට නොසැලෙන්නේය...
    ආයේමත් හික්කි හිකිස්ය....

    ReplyDelete
  9. @ prasanna86k
    හොරා ගැන ලියන්නම්... නෝටිච්චිට දැන් ටිකක් හොදයි කිව්වා..

    ReplyDelete
  10. @ දිල්
    නෝට්ච්චි පව්.ඒකිට ඉක්මනින් සනිප වෙන්න ඕනි.

    ReplyDelete
  11. නෝටියා පට්ට ආදරේ නේ නෝටිච්චිට..
    දිගටම ඕක තිබේවා!
    ඇස්වහ නම් වදින්න එපා!

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...