Pages

Monday, November 7, 2011

එකෝමත් එක කාලෙක (රැග් සිසන්)

ඔන්න යාලූවනේ නොටිත් හිතුවා නෝටිගේ සොදුරු අතීතේ (රැග් සීසන් එකේ) අමතක නොවෙන සිදුවීම් කිපයක් ගැන මතක් කර ගන්න. නෝටිලාට නං රැුග මාස දෙකහමාරකට ආසන්න කාලයක් තිබුණා. මුලදි මුලදි නම් පරාන බයෙන් තමයි ගියේ.. ඒත් සති දෙක තුනක් යනකොට ෆුල් ආතල්. (දන්නෝ දනිති රගේ)


ඔන්න මුල දවසේ වෙල්කම් පාටි එකක් කියලා එකක් දිලා අපේ අයියලා අක්කලා ටික අපිව පිලිගත්තේ අලී....ම ආදරෙන්. කිරිබත් එහෙම කන්නත් දුන්නා.ඊට පස්සේ අම්මලා තාත්තලා එළියට යවලා ඔන්න දැම්මා පුංචි තෙලක්.


ඊලගට එන දවසේ හරියටම උදේ 7 වෙනකොට කැන්ටිමට එන්න  ඕනි කියලා ආදරෙන් චූ යන සයිස් එකට පොඩි සද්දෙකුත් දාලා තමයි ගියේ.
ආ....තව ජුංඩෙන් අමතක වෙනවා. අපි ඊලග දවසේ එන්න  ඕනි කොල්ලෝ කලිසමට ෂර්ටි එක යට කරලා අර පොල් ගස් දෙකක් තියන රබර් සෙරෙප්පු දාලා. කෙල්ලෝ එන්න  ඕනි චීත්ත ගවුම ඇදලා කොන්ඬේ කරල් දෙකට ගොතලා පොල් ගස් තියන රබර් සෙරෙප්පු දාලා.


ඔන්න අපි ඇකඩමික් පටන් ගන්න කලිං තියන ඉන්ටෙන්සිව් එකට ගියා.( මාත් එකක් ඉස්කෝලේ හිටපු යාලූවෙකුත් මගේ ෆැකල්ටියටම සිලෙක්ටි උන නිසා මෑන්ස් එක්කමයි ගියේ.) හරියටම 7 වෙනකොට ගියා.ෂා ලස්සනේ බෑ කට්ටිය නිකං ජපන් ඉම්පෝටඞ් වගේ. කෙල්ලෝ චීත්ත ගවුම් ඇදලා.... කොල්ලෝ ෂර්ට් කලිසං යට කරලා ඇදලා.... ආසාවේ බැ. 


අම්මියෝ.... එදා උදේ තමයි උදේ.... අඹසරණයි. අපි කෙලින්ම අයි.ටි. පහල බාලාංශේ බුරු බුරියෝ උනා. සින්නෝ ජේෂ්ඨ උත්තමයෝ උනා... සුපර් සින්නෝ අති ජේෂ්ඨ උත්තමයෝ උනා.


ඔන්න දැන් රස කතා.....


ඔන්න මුල්ම අමතක නොවෙන සීන් එක.


නෝටිට කාඞ් එක දැමිම. එදා තමයි එදා. ඔන්න එක ජේෂ්ඨ උත්තමයෙක් කිව්වා අඩෝ බූරුවා ඉස්සරාට ඇවිත් දාපං උඹේ ඇඩි එක කියලා. (ඇඞ් එක කියලා කිව්වේ මම ගැන විස්තර.ඉස්කෝලේ... උ.පෙ රිසල්ට් අනං මනං තමයි) ඔන්න ඉතිං කිව්වා. කියලා ඉවර උනා විතරයි....


අඩෝව් උඹ ...............  ද? නිකං ගැම්මට කිව්වා නේද? උඹ හිතන්නේ උඹ පොර කියලද....? ‍@#$^&@#$^%#@%#$%^


ෂා දැනුන සනිපේ. 


ඔන්න ඊට පස්සේ කිවා කියපන් කියලා සිංදුවක්. ඔන්න සිංදුව කියන් පටන් ගත්තා විතරයි කෙල්ලොන්ට කිව්වා ලයිටි ගහපන් කියලා. කොල්ලෝ දෙන්නෙක්ව ගත්තා නටපං කියලා. කෙල්ලෝ කැරකි කැරකි ලයිට් ගහන එකටයි අරුං දෙන්නගේ ඩාන්ස් එකටයි සිංදුව කියන අතර දි බක්ස් ගාලා හිනා ගියේ නැතැයි.


ඊට පස්සේ උන දේ............????????????????????


ඔන්න හොදට චාටර් කරවලා කාඞ් එකකුත් දාලා පල ගිහින් ලැගපිය කියලා කිව්වා. ඒත් සැරින් සැරේ අරුං දෙන්නාගේ ඩාන්ස් එක මතක් වෙනකොට ආව හිනාව නවත්ත ගත්තේ හෙන ගේමක් දීලා.
(කාඞ් එක නම් අහන්න එපා)


ඔන්න තව දවසක්....
නොටියා දවල්ට කාලා ඉවර උනා විතරයි. ජේෂ්ඨ උත්තමයෙක් ඇවිත් දෙහි ඇට දෙකක් දිලා කියපි හෙන තඞ් ජේෂ්ඨ උත්තමයෙක් පෙන්නලා...


අන්න අර අතන ඉන්න ජේෂ්ඨ උත්තමයාට මේක ඇට දෙක පෙන්නලා කියපං මේන්න මං කාගෙද මංදා වැටිච්ච ඇ... දෙකක් ඇහිලූවා කියලා. 


ඉතින් පල.


ඔන්න ඉතිං නොටිත් ගිහිං අර දෙහි ඇට දෙකත් පෙන්නලා කිව්වා....
මේං කාගෙද මංදා ඇ..... දෙකක් ඇහිලූවා....
කියලා කට ගන්න හම්බුන්නැ.... 


ඈ බොල %@#$^&@#$^%#@%#$%^


අනේ නෝටියා.....................................


ඔන්න තව දවසක් ජේෂඨ උත්තමයෙක් කතා කරනවා ලගට.


ජේ. උ. : අඩො උඹට කවි කියන් පුලූවන්ද?


මම : දන්නෑ ජේෂ්ඨ උත්තමයානෙනි
(කොහොම මොනවා කිව්වත් පරිප්පුව ෂුවර් නිසා නෝටියාට දන්නේම නැතිව නෑ කියලා කියවුණා)


ජේ. උ: දන්නෑ.. හිටපිය මම කවියක් දෙන්නම් ඒක විනාඩි පහෙන් පාඩම් කරලා ඉස්සරහට ගිහිල්ලා කියපිය.


ඔන්න කවියත් දුන්නා. ඔන්න පාඩං කරන් ගිහින් කියන්න ලැස්තිය.ඉන්න උන්ගෙන් අවසර අරන් එහෙම කියන්න පටාං ගත්තා.... මේකයි කවිය. ඒත් ඉතිං මේ වගේ වැදගත් සෙනග ඉන්න බ්ලොග් අවකාසේ කොහොමැයි දාන්නේ.වර්ෂන් නම්බ වන් දාන්නම්


හිටියත් ලදුන් සලූ පිළීයෙන් සැරසීලා
ඔක්කෝම එකයි උන් බැලූවම සිතාලා
මේ වග නොදන අපේ අයියලා මලෑලා
අඩ අඩ සිටි එක ලදක්ම පතාලා


කියලා ඉවර උනා විතරයි... %@#$^&@#$^%#@%#$%^
අනේ නෝටියා.....................................


(ඔන්න කට්ටිය කට වහගෙන හිනා වෙනවා.වර්ෂන් නම්බ ටූ මතක් වෙලා වගේ...අනේ අපි නං දන්නෑ ඔව්වා)


ඔන්න කෙල්ලෝ කට්ටිය නෝටියාව උල තියන්න හදන්න නම් එපා මේකා 18+ එව්වා දානවා කියලා. මේ කවිය 18+ නෙමෙයි බොල.


මේක දිග වැඞී උනා වගේ ඉතිරිය තව පෝස්ටි එකකින් දාන්නම්..

10 comments:

  1. තව කවි නැද්ද නොටියෝ?

    ReplyDelete
  2. නෝටිටත් රසමුසු අත්දැකීම් ගොඩයි වගේ.. නොටි මොන කැම්පස් එකේද??

    ReplyDelete
  3. අර කවිය ගැනනම් අහලා තියේ...
    නෝටිගේ කාඩ් එකත් කිව්වනම් තමා හොඳ...

    ReplyDelete
  4. @ නලින්-සමනලුන්ට වෙඩිතියන්න
    තව තව එව්වා තිබුණා... ඒත් එව්වට මතක බැරි වෙලා අප්පා... මතක් උනත් එව්වා දාන්න නිකං බෑ බෑ වගේ .... එතකොට නෝටියා 18 වෙනවානේ...

    ReplyDelete
  5. @ Dinesh
    අද්දැකීම් ගොඩයි කියන්නේ ඇඩෙනවා...

    නෝටිගේ කැම්පස් එක ගැන නම් දැන්ම කියන්න නෝටියාට පර්මිෂන් නෑ සහෝ... මොකද දන්නවාද පෙන්ඩින් ස්ටෝරියක් නිසා... නෝටියා බ්ලොග් කියවන්නෙක් උනාට බ්ලොග් ලියන්නෙක් උනේ එක්තරා සිදු වීමක් නිසා... ඒ සිදුවිම ඉස්සරහට මේ බ්ලොග් එකේ ලියවේවි... ඒ කතාව කියවනකොට නෝටිගේ ෆැකල්ටිය මොකක්ද කියලා දැනගන්න පුලූවන් වේවි... එතකන් නෝටියාට තරහා අවසර....

    ReplyDelete
  6. @ prasanna86k
    කාඩ් එක නේද...?
    හික් හික් හික් හික්.... අපි නම් අහුවෙයි ඔව්වාට
    ඒක නම් කියන්න බෑ ඕං... නිකං ඉල්ලං ලූණු නැති පාප්පු කන්නේ මොකටෑ..

    ReplyDelete
  7. පට්ට ආතල් නේ බන්... ලියපන් තව රැග් සීන්..

    ReplyDelete
  8. අපි නං අර කවිය අහලා තියෙන්නේ එහෙම නෙවෙයි ඔං...
    කාඩ් එක කියන්නේ නෑ එහෙනං..
    හොඳ කාඩ් එකක් වෙන්ටැ

    ReplyDelete
  9. නොටි නොවී තව ඔය වගේ සීන් ලියපන් නොටියෝ...

    ReplyDelete
  10. උඹලට සෙරෙප්පු දාන්න වුනාද බන් ?? අපිට නම් මොනවා වුණත් ෆුල් ජෙන්ටා දාන්න දුන්නා හැබැයි අත් කොට ෂර්ට්. කොටින්ම අපේ එකෙක් කලිසමට බෙල්ට් එක දාන්නේ නැහැ. ඌටත් කිව්ව බෙල්ට් එක අනිවා දාපන් කියලා :))

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...