Pages

Friday, November 4, 2011

සොදුරු සිතැත්තී...


මේ ඒක නෙවෙයි. හැමදාම වගේ එක එක පිස්සු කාතා ලිය ලිය ඉන්නැතුව නෝටිට හිතුනා එයා ගැන වචන ටිකක් අමුනන්න. (ලැජ්ජාවෙන් ඇඹරෙමින් J) දැං මම කොහොමෙයි එයාව අදුන්වලා දෙන්නේ....



ම්......හරි... නෝටිච්චී... J ඒක සෝක්. දැං මෙහෙමයි මගේ ආදරණීය නෝටිච්චීව මට ලැබුනේ


යාලූවනේ මම උසස් පෙල කරන දවස් වලම අගනුවර තියන පරිගණක පාසලක පාඨමාලාවක් කරන්න පටන් ගත්තා. හරිද... 


කොහොම හරි ඒ ලෙවල් කරලා ඉවර වෙනකොටම වගේ මට ඒ ආයතනයේ ඉන්ස්ට‍්‍රක්ටර් කෙනෙක් විදියට සෙට් වෙන්න චාන්ස් එක ලැබුණා. ඔන්න මට මුලම ලෙක්චර් එක කරන්න උනේ විදාතා එකේ සෙට් එකකට ටෙ‍්‍රින්ං ප්‍රෝග‍්‍රැම් එකක්. 


අඬේ සේරම නෝටියට වඩා වැඩිමල් අය. කොහොම හරි ඔය සෙට් එකට වගේ නෝටියට අම්බානකට ෆිට් උනා. කොටින්ම කිවොත් කෝල් කරලා සැප දුක අහන්න තරං  ෆිටී උනා. ඒ අතරින් එක අක්කෙක් බුදු ෆිට්. කොහොම හරි උන්ගේ ටෙ‍්‍රිනින් එක ඉවර වෙනවත් එක්කම මම ෆැකල්ටි සිලෙක්ට් උනා. ඒ නිසා අර ආයතනෙන් මම අස් උනා.


ඒ උනත් අර බුදු ෆිට් අක්කා (මම කිරුතිකා කියලා කියන්නම්කෝ) හුගක් වෙලාවට කෝල් එහෙම කලා. ඒ නිසා හොද ක්ලෝස් ෆ්‍රෙන්ඞ්ෂිප් එකක් තිබුනා.


හරි දැන් ඇති අඩිතාලම දැම්මා. ඔන්න මෙහෙමයි නෝටිච්චිව නෝටියාට ලැබුනේ


ඕන්න එක දවසක් කිරුතිකා අක්කා මට කෝල් කරනලා කියනවා මල්ලී මගේ ක්ලාස් එකේ ස්ටුඩන්ට් කෙනෙක්ට සී ලැංග්වේජ් එකේ මොනවද දැනගන්න තියනවා පොඩි හෙල්ප් එකක් දෙන්න. මම ඔයාගේ කන්ටෑක් නම්බර් එක එයාට දුන්නා හොදේ... 


ඉතිං එදා තමයි මගේ නෝට්ච්චි මට මුලටම කෝල් කලේ.කොහොමින් කොහොම හරි එදා ඒ ගත්තු කෝල් එක දිනපතා අනිවාර්ය කෝල් එකක් බවට පත් වෙලා අපි කැම්පස් අවුට් උන අවුරුද්දේ මැයි 31 ඒකි මගේ උනා. ඒ කියන්නේ මේ අවුරුද්දේ මැයි 31 (2011 - 05 - 31)


ඇත්තටම මගේ නෝටිච්චි මට ගොඩාරියක්ම ආදරෙයි. ඒකි දැං නර්සිං සිලෙක්ට් වෙලා රත්නපුරේ නර්සිං කොලේජ් එකේ ඉන්නේ. නෝටි දකූනේ නිසා නෝටිට නෝට්ච්චිව දකින්න වෙන්නේ සතියට දවසයි. ඒත් කවමදාවත් ආදාරේ අඩුවෙලා නෑ දසමෙකින්. හැමදාම වැඩි උනා මිසක්. කෝක වෙතත් අපි අතරේ පුංචි පුංචි හිත් රිදීම් උනේ නැතිවාත් නෙමෙයි. ඒ උනත් ඒ හැම හිත් රිදීමක්ම චුට්ට වෙලාවයි. එහෙම හිත රිදුන වෙලාවක මුලින්ම නෝටි කතා කරනවා නැත්තම් නෝටිච්චී කතා කරනවා. 
හැබැයි නෝටිච්චී තමයි නෝටියාට වැඩිපුරම කතා කරන්නේ. නෝටියාට හිතෙන්නේ ඒකි ඒ තරම්ම නෝටියාට ආදරෙයි.


නෝටියාට ඒක මේ ටික කාලෙට හොදට තේරුණා. දවසක් නෝටිච්චිගේ බැග් එකේ තිබිලා පුංචි පොතක් හම්බුණා.මම ඒක ගන්නකොටම නෝටිච්චී ඒක මගෙන් උදුරලා ගත්තා. ඒත් ඉතිං නෝටි නෝටිම නිසා කෝම හරි ඒ පොත අරන් පෙරලලා බැලූවා. ඒකේ තිබුනේ එදිනෙදා අපි දෙන්නගේ ජිවිතේ විශේෂ සිදුවිම් ලියලා. ඒත් පොතේ මැදක් හරියේ තිබුණු දෙයක් දැකලා මගේ ඇස් වලට කදුලූ ආවා... ඒකෙ ලියලා තිබුනේ....


මගේ රත්තරං නෝටියාට මගේ අතින් උන අතපසුවීම්.... මගේ ආදරේ නාමෙන් මම මේවා හදා ගන්නවා.... කියලා පුංචි පුංචි අතපසු වීම් ලියපු කොලයක්.ඇත්තටම එතන තිබුණු සමහර දේවල් උනාද කියලා වත් මතකයක් තිබුන්නෑ මට.


ඒ වගේම තවත් දවසක් අපි දෙන්නා දළදා වදින්න ගිය දවසේ.... අනේ දළදා හාමුදුරුවනේ මගේ නෝටිව කවමදාවත් මට නැති කරන්න එපා කියලා ඇස් දෙකේ කදුලූ පුරෝගෙන පඩුරු ගැට ගහපු හැටි.... මතක් වෙනකොට හිතෙනවා දෙයියනේ මේ කෙල්ල මම වෙනුවෙන්මද ඉපදිලා තියෙන්නේ කියලා.


තවත් හිත හිරිවැටිලා යන්න වෙච්ච දෙයක් තමයි.....
දවසක් නෝට්ච්චිලාව ලේබර් රූම් දාලා... ඉතිං ඒක ඉවර වෙලා ඇවිත් කියනවා....


අම්මෝ නෝටියෝ අද අපිව ලේබර් රූම් දැම්මා. ඒකේ එව්වා දකිනකොට ගැහැණු වෙලා ඉපදෙන්නේ මොකටද කියලා හිතෙනවා. ඉතිං මම කිව්වා එහෙනං ඊලග ආත්මේ කොල්ලෙක් වෙලා ඉපදෙන්න ප‍්‍රාර්ථනා කරන්නකෝ කියලා. මම එහෙම කිව්වාම මොනවාද දන්නවද මගේ නෝට්ච්චි කවිවේ....


අනේ මගේ නෝටියෝ මට එහෙම  ඕන්නෑ... ලබන ආත්මේ විතරක් නෙමෙයි මොන දුකක් විදින්න උනත් උපදින හැම ආත්මෙකම ඔයාගේම නෝටිච්චී වෙන්න ඉපදෙන්න කියලා මම ප‍්‍රාර්ථනා කරනවා.


ඉතිං නෝටිගේ හැම නෝටි වැඩක්ම ඉවසා වදාරගෙන හිත පිරෙන්න ආදරේ කරන මගේ රත්තරං කෙල්ලට මම පණ වගේ ආදරේ කරන එක හරි නේද?

18 comments:

  1. උඹේ නෝටිච්චි ගැන කියවලා අමාරුවෙන් හදාගෙන හිටපු හිත ආයෙත් විකාර වුනා. දැන් ඉතින් මටත් ඔය වගේ කෙල්ලෙක් හොයල දීපිය.:D ඉරිසියයි ඕයි!

    ReplyDelete
  2. පණ වගේ නෙමෙයි නෝටියෝ පණටත් වඩා ආදරේ කරන්න.. එහෙම ආදරයක් හැමෝටම ලැබෙන්නේ නෑ..

    ReplyDelete
  3. ahinsaka pathumak ...kasada badala wadi wadiyen daruwo labila sarthaka jiwethayak gatha kranna kiyala wish karanawa ubata naughty unath nice ne hiks

    ReplyDelete
  4. අනිවාර්යයෙන් හරි නොටියෝ

    ReplyDelete
  5. ආයේ අහන්න දෙයක් තියෙනවද ඕකේ....

    ReplyDelete
  6. එහෙම ආදරයක් ගැන ඇහුවම පුදුම සතුටක් දැනෙන්නේ නෝටි.. ජය වේවා!!

    ReplyDelete
  7. @ Ice (අයේෂා කුලතුංග)
    ඇත්තටම අයේෂා නෝටි ගොඩාරියක්ම සතුටෙන්....නෝටිට නම් දැනෙන්නේ නෝටි ගොඩක් වාසනාවන්තයි කියලා නෝටිච්චිව ලබන්න...

    ReplyDelete
  8. @ dinu89

    ඕවා ගැන හිතන්න එපා බන්. අර කව්ද මහද පොඩි ද මංදා බබා කෙටුව කෙනා මොන ලෝකෙන් හරි තමන්ට ලැබෙනවා බන්.... ඒක කියන්නේ අද්දැකීමෙන්...

    ReplyDelete
  9. @ Dinesh
    අනිවාරයෙන්ම මචං... අනිවාරයෙන්ම.
    ඇත්තම කිවොත් නෝටිච්චී නෝටියාගේ පන කියලා කිව්වොත් හරි.

    ReplyDelete
  10. @ Ano
    Thanks a lot buddy
    Definitely "Naughty Unath Nice"
    :D

    ReplyDelete
  11. @ නලින්-සමනලුන්ට වෙඩිතියන්න
    නෝටිගේ හැම නෝටි වැඩක්ම ඉවසා වදාරගෙන හිත පිරෙන්න ආදරේ කරන මගේ රත්තරං කෙල්ලට මම පණ වගේ ආදරෙයි

    ReplyDelete
  12. @ prasanna86k
    අනිවාර්යයෙන් මගේ කෙල්ලට මම පණ වගේ ආදරෙයි

    ReplyDelete
  13. අම්මට සිරි වෙන පට්ට නෝටිච්චියෙක් නේ උඹට ඉන්නේ...
    දුර ඉන්නකොට ආදරේ වැඩි වෙනවලු බං

    ReplyDelete
  14. @ ගලයා
    අනිවා.....
    අර දුර ඉන්නකොට ආදරේ වැඩි වෙනවා කියන කතාව නම් හරි කියලා හිතෙනවා....

    ReplyDelete
  15. Mage sinhala font na bro bt u r a realy luky 2 hv a girl lik thiz... parissamin balaganin....

    ReplyDelete
  16. මම ඔයාට වැඩිමල් අක්ක කෙනෙක්. විවාහ වෙලා. ගොඩාක් සතුටින් ජීවිතේ ගතකරනවා. දෙපැත්තේම අම්මල තාත්තලා අපි දෙන්න ගැන ගොඩක් සතුටින් ඉන්නේ. අහම්බෙන් ඔයාගේ blog site එක දැක්කේ.
    ඔයාගේ girl වගේම, නැත්නම් ඊටත් වැඩියෙන් ආදරේ කරලා (අවු.5ක්), ඒ ආදරේ මගේම කරගන්න තරම් වාසනාවන්ත වුණා මම. අපි දෙන්නා campus එකේ ඉන්න කාලේ අසනීපයි කිව්වම කොත්තමල්ලියි,කල්කයි හදාගෙන,ප්ලාස්ක් එකකට දාගෙන, ඒවා බීලා කට තිත්ත වුණාම කන්න chocolateත් අරගෙන රෑ 11.30 ටත් තනියම මහපාරේ හිටගෙන ඉදලා තියෙනවා මම . එයාට මගට ඇවිත් ගන්න කියල. (එයා හිටියෙත් බෝඩිමක ) . එතකොට අපි දෙන්නම final exam එකට පාඩම් කරන කාලේ. එයා වෙනුවෙන් තනියම බෝධි පූජා තියලා, බාර වෙලා ඇති මම අනන්තවත්. දැනුත් තියනවා. (ඔයාගේ girl ගැන ඇහුවම මට නිකම් මේවා මතක් වුණා. comment එක දිග වැඩි නම් sorry.)
    ඉතින් මේකයි මට කියන්න ඕන. කියවද්දී ඔයාගේ girl ගොඩක් හොඳ ඇති කියල හිතෙනවා. එත් තාම මාස 6 යි නේ? ඒ නිසා පහුවෙද්දී ඔය දේවල් ටිකක් වෙනස් වෙන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ . ඒ නිසා ඒව ගැනත් අවදියෙන්, ඉවසීමෙන් හිටියොත් ඔය සතුට හැමදාම ළඟ තියාගන්න පුළුවන් වේවි. (මේක ඔය දෙන්නටම අදාලයි.) සුභ පැතුම්...
    -Sarani

    ReplyDelete
  17. නියම වාසනාවන්තයෙක් ඔයානම් මටත් ඉන්නවා නෝටිච්චි වගේම කෙලි පොඩ්ඩක් අපි දෙන්නා දලදා මාලිගාවට ගියාම එයත් ඔහොම්ම ඇඩුවා බාරවෙන ගමන් පස්සේ මගේ අතේ පිරිත් නූලකුත් ගැට ගැහුවා....

    මට එයාගේ මූණ දකින්න වෙන්නේ මාස දෙක තුනකට සැරයක් ඒත් අපි සෑහෙන්න ආදරෙන් ඉන්නවා හැමදාම ඔයාටත් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ ජය වේවා

    ReplyDelete
  18. මගේ චුටි මැණිකත් ඔය වගේ තමයි නෝටියෝ.... මමත් එයාට පනටත් වඩා ආදරෙයි... ඒ ආදරේ සංකේතයක් විදියට දැන් අපිට පුංචි තරුවකුත් ඉන්නවා...

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...