Pages

Monday, February 20, 2012

නැන්දම්මා -vs- බෑණා

ඇදගෙන නාන එකේ ලිමිට් එකක් නැති නිසා ටිකක් වැඩිපුර ඇදගෙන නාන්න හිතුනා. චිරාත් කාලයක සිට පැවත එන නැන්දම්මා ඇන්ඩ්  බෑණා සීන් කෝන් නොටිගේ ඇසින්...


තියරියට අනුව නැන්දම්මා කෙනෙක්  බෑණාවරුන් කොට්ටාශ දෙකකින් හදුනා ගනී..

  1. ජෙනුයින් බෑණා 
  2. ලෝකල් බෑණා

ජෙනුයින් බෑණා
සෑම නැන්දම්මා කෙනෙකුගේම ඒකායන තේරීම මෙය වන අතර මෙම බෑණා හට නන්දම්මගෙන් දුව පමණක් නොව බඩේ බත් පවා දීමට පෙලබෙනු ඇත. මන්ද යත් ජෙනුයින් බෑණා ධනවත්, කුලවත් කමින් නොඅඩු සහ අර පොරොන්දම් මේ පොරොන්දම් ටක්කෙටම ගැලපෙන එකෙකු නිසාය. එම නිසා ජෙනුයින් බෑණා නැන්දම්මට "අපේ පුතාය".

තවද ජෙනුයින් බෑණා සුරාවෙන් සූදුවෙන් චොරය (අරක්කු කටේ තියන්නේ නැත.කෙලින්ම උගුරටම හලා ගන්නවාය.). කොටින්ම කිවුවොත් බෝ පැලය. පෙරාපු රත්තරන්ය.

ලෝකල් බෑණා.
කිසිම නැන්දම්මා කෙනෙක් නොපතන්නේය. මෙවන් බෑණා කෙනෙකුට තමන්ගේ දුවව දෙනවට වඩා කොටියට කන්න දෙන එක හොදයි කියා සිතන්නේය. මෙම බෑණා ජෙනුයින් බෑණා තරම් ධනවත් නොවෙන අවස්ථා බොහොමයක් ඇති අතර පොරොන්දම් කියා දෙයක් තියනවද කියා දන්නේ වත් නැතිය.
එම නිසා ලෝකල් බෑණා නෙන්දම්මගේ ආමන්ත්රණය සිදුවනුයේ "එයා හෝ මෙයා" කියාය.
ජෙනුයින් බෑණා බෝ පැල වන අතර ලෝකල් බෑණා "වල් බෝ" ය.

මෙම ලෝකල් බෑණා ඉදල හිටලා අඩියක් ගසන අතර ගෑනිට පන සේ ආදරය කරන්නෙහිය. ගෑනි වෙනුවෙන් පන උනත් දීමට සැදී පැහැදී සිටින්නෙහිය.

මෙය කෙසේ උවත් කාලය ගත වීමත් සමග බොහෝ අවස්ථා වල ලෝකල් බෑණා නැන්දම්මට ජෙනුයින් බෑණාට වඩා හොද වන අවස්ථාද ඇත.

කීමට බොහෝ දේ ඇතත් මේ පොස්ට් ඒක දැන් නතර කලොත් හොදයි කියල හිතෙනවය.

කෙසේ වෙතත් මෙය පැවසිය යුතුමය...
ජෙනුයින් ලෝකල් බේදයක් නැතුව බෑණා වරුන්ට උරුම දෙයක් තියනවාය.ඒක නම් කියන්නේ අන්දරේය. අන්දරේගේ කතාව මුසාවක් විය නොහැක. එය මෙසේය.


අලුත් පිට බෑණා ගෙදර එන කොට
මලුත් පුදා දුව කැදවා දෙති ලගට
කලක් ගොසින් බෑණා පරණ වෙන කොට
බලුත් නොවටී බෑණා නැන්දම්මට...



ප.ලි.
කට කසනවට ලිව්වා වගේ නෙමෙයි.. මේක අපේ සූපුන්චා (නෝටිච්චි) එහෙම දැක්කොත් කට විතරක් නෙමෙයි මුළු ඇගම කසන්න වෙනවා.. බුදු ෂුවර්.

ප.ප.ලි.
මේ දවස් ටිකේ මගේ සූපුන්චා අසනීපෙන්. දෙවියන්ගේ පිහිටෙන් මගේ සූපුන්චට ඉක්මනටම සනීප වෙන්න ඕනි.

12 comments:

  1. හැක හැක නෝටිච්චි නොදකීවයි මං ප්‍රාර්තනා කොරනවා එහෙනම්...

    ReplyDelete
    Replies
    1. නෝටිච්චි නොදක්කොත් නම් හොදයි... ඒත් කවද හරි කෙල්ල මේක දකීවි... එදාට බඩු බනිස්..!

      Delete
  2. මාව වැටෙන්නේ මොන එකටද කියලා බැලුවේ...නෝට්ටිච්චි දැක්කොත් නං කපෝතියි නෝටියෝ....ඉක්මනටම සනීප වෙයි නෝටියෝ....

    ReplyDelete
    Replies
    1. මටත් හිතා ගන්න බෑ මමත් වැටෙන්නේ මොකටද කියලා... මකට වැටුනත් අන්තිමට....
      බලුත් නොවටී බෑණා නැන්දම්මට...

      Delete
  3. ඔය කැටගරි දෙක නං ඉගෙනගත්තෙ අදම තමයි. ගතිගුන නම් ඉතින් අපිටත් අමුතු නෑ. අත්දැකීමුත් තියෙන්නා... හික්ස්.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මමත් ඉගෙන ගත්තේ මේ පොස්ට් එක දාන්න කලින් දවසේ..

      Delete
  4. ගුටි නොකා දිගටම ඉඳීද කියලා සැකයි

    ReplyDelete
    Replies
    1. හෙහ් අපිනම් ගුටි කයි...!
      හිකිස්‌

      Delete
  5. දැන්මම ඇඟ කසනවද දන්නෙ නෑ නෝටියගේ... :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද... සුපුන්ච දැක්කොත් නම්...???

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...