ඔය සිත අද්දරට වෙලා
තරු ඇස් දෙක දිහා බලාගෙන ඉන්නකොට
දැනෙන සැනසීම
නිදහස
නෑ හිතට,
ඔයාගෙන් දුරස් වෙලා ඉන්නකොට.
ගෙවෙන හැම විනාඩියක්ම
හැම තත්පරයක්ම
ගෙවෙන්නේ හරීම හෙමින්..
කියා ගන්න බැරි තරමේ
පාළුවක්,
තනිකමක් හිතට එකතු කරලා....
කොච්චරක් ඇගිලි ගන්නත්
වැඩක් නෑ...
ඔරලෝසුවේ කටු කැරකෙන්නේ හරිම හෙමින්...
ඒත්... ඒත්....
ඔයා එක්ක ගත කරන දවස ගෙවිල යන්නේ
විදුලි වේගයෙන්...
නළලත තියපු හාදුවේ උණුසුම මෙකෙන්නත් කලින්
දන්නෙම නෑ වෙලාව ගත වෙලා...
ඒ වෙලාවට තමයි තේරෙන්නේ...
සතුට සැනසීම සින්නක්කර දෙයක් නෙමෙයි කියලා..
ඒත් උබ මගේ ජීවිතේ, ආදරේ සින්නක්කරම ලියාගෙන,
මටත් හොරෙන්ම...
එළ එළ සින්නක්කරම ඉඩං දෙක තුනක් ගත්තැකි නේද....
ReplyDeleteඅර ඉස්සර කාලේ රජවරු කළා වගේද..?
Deleteදැන් නම් එහෙම කලොත් සැබෑ විනාශයක්..!!
හපොයි.... කාග් ගෙවෙනවා.මුකුස් සින්නක්කර තියා ගන්න වෙන්නෙ නෑ.යන්න වෙනවා.
ReplyDeleteහ්ම්ම්... ඉන්න ටික කාලෙට.
Deleteසින්නක්කර ගත්තට උගස් කරනවා හෙම නෙමෙයි
ReplyDeleteනෑ... නෑ...
Deleteසින්නක්කරේටම තමයි ගන්නේ..
මේ හෙනම ඇත්තක්ද?
ReplyDeleteහෙනම හෙන ඇත්තක් බං
Deleteමේකෙ කියල තියෙන්නෙ වෙන්න බාරි ගැනද?
ReplyDeleteහ්ම්.... හ්ම්...
Deleteවෙන්ට බාරි තමයි,මගේ නොටිච්චි..!
සින්නක්කර ඉඩම් ලියනවා නේද? මේක ඉඩමක් ගැනද බං.. පරාන භුක්තිය තියා ගනින් !
ReplyDeleteඅනිවා ඩෙෆා... පරාන බුක්තියද මොකක්ද එක තියා ගන්නවා..
Delete