Pages

Friday, April 20, 2012

දෙන්න දෙපැත්තට අදිනවා...(අමුතු ලන්තේ අවුරුදු උළෙල)

කලින් මෙව්වා එකේදී පොරොන්දු උනා වගේ අමුතු ලන්තේ අවුරුදු උළෙලක සිරි නැබරීමට ඇතිවූවා වූ අවලන්කෘත ආසාව දුටු මගේ මිත්තරයා අමුතු ලන්තේ අවුරුදු උත්සවයක් බැලීමට්ට රැගෙන යාමට වූ පොරොන්දුව මල් ඵල ගැන්වීම හේතුවෙන් මා සිටිනුයේ කිලි පොලා යන සතුටකිනි...

වැඩි බයිලා ඕන නැතිය.. අවුරුදු උළෙලේ සිරි මෙසේය...

මම හා මිත්තරයා අවුරුදු උත්සවේ තියන ඉස්පොට් එකට රාහු කාලේ බලලා වම් අණ්ඩ පෙරට තබා පිටත් වීමු.

ඇග කිලිපොලා යනවාය. කිරි අප්පට බිත්තර ආප්පය. අවුරුදු සිරි උතුරනවාය. අපි යනකොට එක පටන් අරංය..

මුල්ම එක අලියාට ඇහැ තැබීමය... ලංකාවේද අවුරුදු උත්සව වල අලියාට ඇහැ තබා තෑගී දිනා ඇති නිසා මාද මිත්තරයා සමග අලියාට ඇහැ තියන්න සේටාර් උනෙමු..

අප්පට සිරිය... අලියාට ඇහැ තියන්න දාර පෝලිමකි... කෝම හරිය තිලාම යමු කියලා මිත්තරයා කියපු නිසා අපිද පෝලිමට එන්ටර් උනෙමු...

ගම්බාර දෙයියන්නේ ආනුභාවයෙන් මගේ චන්ස් එක ආවෙහිය...

ඇස තබන්න කලින් බෝඩ එකේ ඇද ඇති අලියා දෙස බැලුවෙමි..

මට හුස්ම පොද රැඳෙ ගිහිය... එහි ඇති අලියෙක නැත... කවුදෝ මන්ද ඩයල් එකක පින්තුරයක් අලවා ඇත..මම ඇස තියන්න අලියා කෝ කියා අසූ විට කොලු ගැටයෙක් අර පිතුරය පෙන්නා ඇස බැද ගිහින් තියන්න යයි කීවෙහිය...

දත කට පූට්ටු කරන් මා ගොස් ඇසක් තබුවෙහිය...

මට දෙලෝ රථ විය.. එතන හිටි කොලුවා මෙන්න අයියා තියපු ඇහැ කියලා රූපයේ පස්ස පැත්තට කිට්ටුව තියන ඩොට් එකක් පෙන්නුවෙහිය...
ලජ්ජාවත් අතින් වහගෙන මා එතනින් මාරු විය...
(පසුව දන ගත පරිදි දැන් අමුතු ලන්තේ අලි උන්ට ඇස තබනාවාට වඩා ඇස තැබීමට සුදුසු අලි සිටිනවා කියා පිකටින් කර ඇත. එදා සිත අවුරුදු උත්සව වල ඇහැ තියන්නේ මේ අලියාටය.)


***

ඊලග මෙව්වා එක උනේ කඹ ඇදීමයි... කවදාවත් කඹ ඇද නැති නිසා එය බැලීමට ගියෙමුය...

කණ්ඩායම දෙකකි... එකක් රාජපස්ස කණ්ඩායමය... අනික ජහමනයාගේ කණ්ඩායමය...

සේරම ලැස්ති වූ පසුව කණ්ඩායම් දෙක කොන දෙක අල්ලාගෙන ඇදීමට සුදානම් වුහ... විනිස්ස කාරයා නලාව පිම්බා විතරය... ජහමනයාගේ කන්දායන රාජපස්ස කණ්ඩායම ඇද තිබුනිය.. ජහමනයාගේ කන්දායාම උස්සලා පොලවේ ගැහුවා වගේ උන දේ හිතා ගන්න බැරුව ඊ ලග ඇදීමට දෙපැත්ත මාරු විය..

විනිස්ස කාරයා පිම්බෙහිය... පිම්බ පරක්කුව විතරය.. ජහමනයා හුලන් පොදක් වගේ රාජපස්ස පැත්තට ආදී ආවේය... තරගය 3ට 2ක් විදියට රාජපස්ස කණ්ඩායම දින්නේහිය...

ලංකාවේ නම් කණ්ඩායම් දෙන්නා දෙපැත්තට අදිමින් වැඩි සත්තිය තියන එව්වෝ ජය ගන්නේහිය. මෙහි ගේමක් නැතුවම තරගේ ඉවර උනෙහිය. මෙහි දෙන්න දෙපැත්තට ඇද්දේ නැතිය...අදින්න කලින්ම ජහමනයාගේ කණ්ඩායමට ගිහින්ය

***

ඊලග මෙව්වා එක බනිස් කෑමය...සුට්ටන් බඩගින්නක් දැනුන නිසා මාද බනිස් කෑම සදහා නම දාන්න ගිහිය... මම එතන උන් කොලුවාට මටත් බනිස් කන්න ඕන කිය රුපියල් 10ක්  දුන් විට රුපියල් 100ක දී නම දාන්න දැන් 10ට වඩයක් වත් ගන්න බැහැ යයි කිවෙහිය.. බනිස් කන්න 100ක ඕනද ඇසු විට ඌ කෝචෝක් සිනාවක් දමා කිවේ මේක අමුතු ලන්තය කියාය

ගෙදර ආවම බනිස් කනවා කියා සිතා මා එතනින් මාරු උනෙමි.

***

එව්වා මෙව්වා තරග අත්රේ මා කෙල හල හල බලන හිටිය අවුරුදු කුමාරි තරගේ පටන් ගන්නවා කියා යකඩ කටෙන් කියනවා ඇසුණු නිසා මම මිත්තරයා සමග ඉස්ටෙජ් එක ලගටි ගියෙමුය.

තරේගේ වට තුනකින් තියනවලුය....

මුල් වටේ පටන් ගත්තෙහිය... එය මෙසේය..


මුල් වටයෙන් අමන්දානන්දයට පත වූ මා දෙවැනි වටය පටන් ගන්න තුරු නොඉවසිල්ලෙන් බලන් සිටියෙහිය...

දෙවැනි වටයද පටන් ගත්තෙහිය... එය මෙසේය...


දෙඅනි වටය දුටු මට උන් හිටි තැනද අමතක විය... මා හෝන්දු මාන්දු වී කොපමණ වෙලා සිටියා දැයි මට මතක නැත.. 
එවිටම වාගේ තෙවන වටයත තව නිමේසයකින් පටන් ගන්නා බව කියනවා මට ඇසුනිය


පලවන වටය මෙසේ වීනම්

දෙවන වටය මෙසේ වීනම්

තෙවැනි වටය.......??????
මට තුම්මුල්ලෙන් දාඩිය අවෙහිය...
මා ලජ්ජා බයට හැදුන එකෙක් නිසා මිත්තරයා සමග මා හනික අවුරුදු උත්සවය තියන පොට් එකෙන් මාරු විය




නෝටි
සුවාධීන වාර්තාකරු
අමුතු ලන්තේ සිට.


10 comments:

  1. හොද වෙලාවට තුන් වෙනි වටේ වෙනකන් හිටියේ නැත්තේ..

    ReplyDelete
    Replies
    1. නොටියා ලජ්ජා බයට හැදිච්චි එකානේ බං

      Delete
  2. කාලෙකට පස්සේ හැදිච්ච දරුවෙක් අදුන ගන්න ලැබුනා.හෙහ්..හෙහ්

    ReplyDelete
    Replies
    1. අයෙත් අහලා...
      තවම සූප්පුවෙන් උක්කුං බොන්නේ.

      Delete
  3. කාලෙකට පස්සේ හැදිච්ච දරුවෙක් අදුන ගන්න ලැබුනා.හෙහ්..හෙහ්

    ReplyDelete
    Replies
    1. අයෙත් අහලා...
      තවම සූප්පුවෙන් උක්කුං බොන්නේ.

      මේ ඉසව්වට අලුතෙන් වගේ...
      වෙල්කම් කිව්වා එහෙනම්.

      Delete
  4. අපරාදේ හොදම හරිය මිස් කොරගෙන නොවැ.. මාත් දැම්‍මා ලක් දෙරනේ ගල් එලියේ සීන් එකක්.. :)

    //මට තුම්මුල්ලෙන් දාඩිය අවෙහිය..// කිව්වේ ?????? මුලු තුන මොනාද බං :)

    ReplyDelete
    Replies
    1. උඹ තුං මුල්ල දන්නෙම නෑ...
      උඹ බබා...?

      Delete
  5. අපරාදේ කියන්න බෑ, හොඳ ලැජ්ජ බය ට හැදිච්ච කොල්ලෙක්....... :P :D

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. අනිවා...
      ලැජ්ජ බය ට හැදිච්ච කොල්ලෙක්..

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...