Pages

Saturday, May 19, 2012

ඒබරං ආතට ජම නාරං කිව්වලු..!! - අහවල් කතාවක්නෙ

නෝටියා බ්ලොග් එකට අවේ නැති දවස් ටිකට සෑහෙන්න දේවල් සිද්ද වෙලා... බ්ලොග් පතාකයෙක් වෙච්ච තරුණ හදක් ඇති සුන්දර මිනිසා බ්ලොග් ලෝකෙන් විතරක් නෙමෙයි, මේ ලෝකෙන්ම සමුගෙන... ඔබා මාමා...!
දෑසින් නොදුටු සබඳ ඔබට නිවන් සුව...!


හරි...!


ඊයේ....
දසක ගානක් ලංකාවට ඇනයක් වෙලා තිබුන වණය ලංකාවෙන් තුරන් කරලා තෙවස් පූර්ණය සමරුව...
වැඩේ නම් හොඳයි කියලා හිතෙනවා...
ඒත්...!
ඒ මෙහෙවර ඉටු කරන්න උර දුන්නු ඒ අභීත සෙන්පතියා...??


ඕව්...! ෆොන්සේකාට ඇප දෙන්නලු හදන්නේ...
මගුලයි...!
ඇප දීලා නිදහස් උනත් ඒක නිදහස් වීමක් නෙමෙයි ලු...
සමාව දීමක්ලු...!
ඒබරං ආතට ජම නාරං කිව්වලු..!!




කොහොමෙන් කොහොම හරි ඒ මනුසප්පයා නිදහස් වෙනවා නම් නොටියාට හැපි ය.


නෝටියා දන්නා අහවල් කලටිපොලයක්  නැත.
ඒත් ෆොන්සේකා කලටිපොල නමැති බලු පොරයට නොගියේ නම් කුඩුවේ කූරු ගනින්නට වෙන්නේ නැත.
සුදු කොඩි කතන්දරද නැත.
හමුදාවෙන් පැන ගිය සෙබළු අරක්සාවට තියන හිටියා කියල කතන්දරද නැත...


එහෙනම් ඔහු තාමත් යුද්ධය නිමකළ ජෙනරල් සරත් ෆොන්සේකාමය..

15 comments:

  1. Aththane bolee kathaawa! Oba hari.

    ReplyDelete
  2. Aththatama oba hari.SF mahathata "kalatipol"walata ennama onakamak thibunanam tika kalak nidahase rate thathwaya balala,thamantama sudusu mathayak goda nagagena "kalatipol" walata enna.Chanda walata baye atharaman wela inna "kalatipolos"la tika methumata dammane Anthattuwa.Auwrudu ganak hamudawe hitapu athdakim bahula senpathiyaku borukara "kalatipolos"lata ravatima ithama kanagatuya.

    ReplyDelete
    Replies
    1. Hmm...
      mehemath deyak thiyanawa,
      lankawe warthamana kalatipol sampradaye hoda manussayekuta idak bohoma aduyi...
      samahara wita aththema na...

      Delete
  3. කොහොමත් සියලුම රණවිරුවන්ට දෙශපාලන ජරා මඩ ගොහොරුව ගැලපෙන්නෙ නැත, දෙශපාලනය යනු පිඩිත ජනයාගෙ ශාප කිරිම් වලට නිතරම ලක්වෙමින්, ආරක්ශාව පිලිබදව බියෙන් සැකෙන් නිතරම ජිවත් විමට සිදුවන ‍රැකියාවකි, රණවිරුවන් යනු ජනතාවගෙ ආදරයට ගෞරවයට පාත්‍ර වෙමින් ආඩම්බරයෙන් ජිවත් විය හැකි වෘතියකි......

    ReplyDelete
    Replies
    1. මේව මහ පටු අදහස්. මිනිස්සු ‍මෙහෙම හිතන කල් හොද මිනිහෙක්ට දේශපාලනේට එන්න බැහැ මයෙ හිතේ..

      Delete
    2. Kushi
      අනිවා..
      /*කොහොමත් සියලුම රණවිරුවන්ට දෙශපාලන ජරා මඩ ගොහොරුව ගැලපෙන්නෙ නැත*/
      ok.but
      ඒත් එක තැනක් වෙනස් වෙන්න ඕනි කියලයි නෝටිට හිතෙන්නේ...
      දේශපාලනේ නෙවෙයි.. ලංකාවේ තියන දේශපාලනේ වගේ එක

      Delete
    3. sAm (සෑම්)
      හොද මිනිහෙක්ට අවතීර්ණ වෙන්න පුලූවන් දේශපාලණයක් ලංකාවේ තියනවාද කියලා ටිකක් හිතන්න වෙනවා..

      ලංකාවේ තියෙන්නේ දේශපාලනයක්ද...?
      දේශපාලණය වගේ එකක්ද..?

      Delete
  4. “ඒත් ෆොන්සේකා කලටිපොල නමැති බලු පොරයට නොගියේ නම් කුඩුවේ කූරු ගනින්නට වෙන්නේ නැත.
    සුදු කොඩි කතන්දරද නැත.
    හමුදාවෙන් පැන ගිය සෙබළු අරක්සාවට තියන හිටියා කියල කතන්දරද නැත...
    එහෙනම් ඔහු තාමත් යුද්ධය නිමකළ ජෙනරල් සරත් ෆොන්සේකාමය..“

    ඔය මනුස්සයා ඔය ටික දැන්වත් තේරුම් අරන්නම් ලොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඒක දේශපාලන පලිගැනීමක් කියල ඇ‍නෝ පිලිගන්නවා ?

      Delete
    2. Ano
      බළමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා...

      Delete
    3. sAm (සෑම්)
      අනිවාර්යෙන්ම මචං, ඒක දේශපාලන පලිගැනීමක්..!

      Delete
  5. //ඒත් ෆොන්සේකා කලටිපොල නමැති බලු පොරයට නොගියේ නම් කුඩුවේ කූරු ගනින්නට වෙන්නේ නැත.//

    හැමෝම කියන්නෙ ඕක බං. මට තරහයි ඔය සමාජ සංකල්පෙට. එතුමා දේසපාලන‍ය නොකල නම් හිරේ යන්නෙ නැහැලු.

    ඒ කියන්නේ අපේ අය හිතන්නේ හොද මිනිස්සු දේසපාලනේට ගැලපෙන්නේ නැහැ කියන පටු චේතනාව නේද..

    ජයෙන් ජය.. !

    ReplyDelete
    Replies
    1. නැහැ මචං..
      හොද මිනිස්සු තමයි දේශපාලනේට ඕනි..
      ඒත් ලංකාවේ තියන දේශාපාලණ පසුබිම තුල හොද මනුස්සයෙකුට තියන ඉඩ කඩ වැලි කැටයකටත් වඩා සුලූ ප‍්‍රමාණයක්.

      හොද මිනිහෙක් ලංකාවේ දේශපාලනේට ආවොත් වෙන්නේ...
      1. පාළනතන්ත‍්‍රය තුලින් ඔහුව රූකඩයක ස්වරූපයට පත් කිරිම...
      2. එසේ නොහැකි වුවහොත් මොනයම් ක‍්‍රමයකින් හෝ ඔහුව දේශපාලණයෙන් අතුගා දැමීම..

      උදාහරණයක් කියනවා නම්
      පේ‍්‍රමදාස මහත්තයා, විජය කුමාරතුංග, ලක්ෂ්මන් කදීර්ගාමර් වගේ අයට මොකද උනේ...?
      එක්කෝ බෝම්බයක්, නාදුනන වෙඩිකක්රුවෙක්. ස්නයිපර් කෙනෙක්..
      දැන් අන්තිමට යුද අපරාධකරුවෙක්.

      ඔන්න ඕකයි තත්වේ මචං

      Delete
  6. සහතික ඇත්ත කතාව....

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...