ඔන්න නෝටියා රැග් එක ගැන දෙවනි පෝස්ට් එකයි ලියන්න හදන්නේ... නෝටියාට දකින්න හම්බුණා බ්ලොග් අවකාසේ බොහෝ දෙනෙක් තමන්ට ලැබුණු රැග් එකේ මතක සටහන් ගොඩාරියක් ලියලා තියනවා... නෝටිට හිතෙනවා තමන්ගේ රැග් එක වගේම සුන්දර දෙයක් තමයි අපු ජුනියර් බැජ් එකට දෙන රැග් එක. කව්රුවත් ඒක ලියලා තියනවා දැක්කේ නැති නිසා නෝටි හිතුවා ඒ ගැන පොඞ්ඩක් ලියන්න.
ඇත්තම කිව්වොත් ජුනියර් බැජ් එකට දෙන රැග් එකට දැන් ඉන්න බැජ් එක රෙඩි වෙන්නේ මාස ගානක් කලින් ඉදලා. ඇයි හත් දෙයියනේ අලූතෙන් එන උන්ට වෙල්කම් පාටි එතකොට ෆ්‍රෙෂර්ස් නයිට් එව්වා මෙවිවා කරන්න කොයින හත් ඉලව්වේ සල්ලි.... ඔන්න ඉතිං එව්වා සම්පාදනේ කරන්න ස්ටිකර් බහිනවා... නැත්නම් කැටයක් බහිනවා.... ආතල් එක වගේම කන්න වෙන කට්ටත් කෝටියයි.
ඔන්න ඉතිං ජුන්නො ටිකත් ආවයි කියමුකෝ.... උන් පිළිගන්න දවසට කලින් දවසේ... කට්ට කාගෙන එළි වෙනකල් නයිට ඇදලා උන්ව පිළිගන්න ඒරියා එක රි-ක්රියේට් කරනවා... මුකුත් නෑ සුපිරියටම කරනවා. ඊට පස්සේ ආයෙමත් උදේ 6 විතර වෙනකොට හැදපැළදගෙන එනවා ෆැකල්ටියට. ඔන්න වල්කම් පාටි එක දෙනවා අලූත් උන්ට... ඕක අවසානේ ආව දෙමව්පියන්වත් කොහේට හරි ෂේප් කොරවලා දානවා අලූත් උන්ට තෙලක් රිදෙන්න...
ඔන්න පහුවෙනිදා... ජුන්නොන්ට 7 වෙනකොට ෆැකල්ටියට එන්න කිව්ව නිසා සින්නෝ පරක්කු වෙලා ගිහින් පජාත වෙන්න බැරි නිසා සින්නොන්ට අඩුම තරමේ 6.30 වෙනකොට වත් ෆැකල්ටියේ ඉන්න ඕත... එතකොට අලූතෙන් එන උන්ට කෑම බිම හරියට සකස් වෙනවද කියලා බලන්න ඕන. එතකොට අලූත් උන්ගේ මොනවා හරි ප‍්‍රශ්ණ අපහසුතා තියන් උන් ඉන්නවාද කියලා අදුන ගන්න ඕන.
ඔව් ඔව් කොක්කක් නැති උන් කොක්කක් සෙට් කරගන්න ඕනි
ඇයි හත් ඉල්වේ ඔය දේවල් සේරම අතරේ අපේ ඇකඩම්ක්. එව්වත් මිස් නොකර කරගන්න එපාය.තව මෙකි නොකි වැඩ ගොඩයි....
ඇත්තටම හිතලා බැලූවොත් රැග් එක කන උන් නෙමෙයි රැග් වෙන්නේ රැග් එක දෙන උන් ටික.
ඊලගට බලමු මොකක් බලාගෙනද මේ රැග් එක දෙන්නේ කියලා....
ඔන්න ඕනිම කෙනෙක් රැග් එකට මුලටම මූණ දෙන දවසේ රැග් එක හදුන්වලා දෙන්නේ නවක සිසුන් හදුනා ගැනීමේ වැඩ පිළිවෙල කියලානේ. ඔය වැඩ පිළීවෙලේ මූලික අරමුණ විදියට හදුන්වන්නේ තමන්ගේ බැජ් එකේ ඉන්න උනගේ ගැන අදුනා ගැනිම. තව එකක් තමයි ෆැකල්ටියේ තියන උප සංස්කෘතියට අනුව හැඩ ගැස්සවීම සහ බැජ් ෆිට් එක වර්ධනය කිරිම.
ඔන්න ඔය විදියේ දේවල් තමයි කියන්නේ.... ඒත් ඔය දේවල් අතරේ හැංගිලා තියන තවත් දෙයක් තියනවා කියලා තමයි නෝටිට හිතෙන්නේ... (මෙව්වා කිවා කියලා නෝටියාව උස්සන්න සුදු වෑන් එවයිද දන්නෑ) ඒ තමයි ජූනියර් සීනියර් ඩිෆරන්ට් එක සෑදිම.
අම්මියෝ.... දැන් ඒ ගැන ලිවා ඇති වගේ.තව ලිවොත් සොයන් ඇවිල්ලා නෝටියාව රැග් කොරාවි.
ඔන්න දැන් නෝටියා කියන් හදන්නේ රැග් එක දෙනකොට නෝටියාට උන අපහසුතා ගැන.
- මුලම එක තමයි.... වෙනදට වඩා ටිකක් උදෙන් නැගිටින්න වෙච්ච එක
- ජුන්නොන්ට කෑගහන එක (ඇයි හත් ඉලව්වේ මුංට කැගැහුවා වගේ නෙමෙයි රැුග ඉවර වෙලා මුංගේ මූණු බලලා කතා කරන්නත් එපාය)
- ඇයි හත් ඉලව්වේ කැගැහුවා වගේ නෙමෙයි පහුවෙනිදය එන උගුරේ රිදිල්ල.
- සමහර කෙල්ලො ඇඩුවනේ... ඒකත් නෝටියට බලන් ඉන්න බැරි දෙයක් උනා. ඒත් ඉතිං ඒක ඒ වෙලාවේ පෙන්නන්නැතිව රාක්ෂ වේෂයෙන් තමයි හිටියේ. (ඔය අතරේ ඇඩුව කොල්ලොත් හිටියා උන්ව දකිනකොට නම් හැමෝන්ටම පනින්නේ මල් පොකුරු පොකුරු)
දැන් ඒ ටිකත් ඇති වගේ... දැන් ලියන්න ඕනි නෝටිට තියන රස කතා දෙකතුනක්....
ඔන්න මුලම එක.... ඔන්න දවසක් ජුන්නොන්ගේ උදේ කෑම කන අතරේ එක කෙල්ලෙක් එනවා නෝටි ලගට. ඒ වෙලාවේ නොටි හිටියේ බැජාලා 2ක්ටයි බැජියෙක්ටයි සුට්ටං කුප්පියක් දාන ගමං ප‍්‍රැක්ටිකල් අසයින්මන්ට් එකකට. ඔන්න ඉතිං අර ආව ජුන්නි නොටිගේ පිටිපස්සේ ඉන්වා කැම පිගානකුත් උස්සගෙන. නෝටිත් ඉතිං නෝමල් එකේ ඇහුවා ඇයි මෙතනට වෙලා මොකද කරන්නේ කියලා (සර කලේම නෑ)
ඔන්න ඒකි කයනවා.... උදේ පාන්දර ජේෂ්ඨ උත්තමයා නොකා ඉන්න එකට දුක හිතුනා ඒකයි කවන්න ආවේ කියලා...(අපේ එවුන්ම තමයි පුරුදු කරලා එවලා තියෙන්නේ) අඬේ කට කපලා එකයි ෂතුට.
හොදම දේ උනේ එදා දවල්. ඔය සින් එක නිසා නෝටි හිතා ගන්තා ලන්ච් ටයිම් එකේදි මේකිව පොඞ්ඩක් මඩවන්න ඕනි කියලා.
ඔන්න ඉතිං ලන්ච් ටයිම් එකේ මගේ එළ බොක්කක් වෙච්ච කා එක්ක ගියා අර ජුන්නිව මැඩවිමේ මිෂන් එකට. ඔන්න ඒකි කැම කනවා.ඉතිං නෝටියත් කා එක්ක එතනට ගිහින් අර ජුන්නිට කිවා...
අඬේ කෙල්ල උඹ මට උදේ කැම කවන්න ආවනේ.... මම තාම දවල්ටත් කාලා නෑ. උඹ මට දැන් කවනවද කියලා.... (නෝටියායි කා යි හිතුවේ මේකි ලැජ්ජාබර වෙලා ගල්ටික් වෙයි කියලා) මෙන්න එතකොට ඒකි කියාපි....
උදේ ජේෂ්ඨ උත්තමයට කවන්න ආවේ අපේ නංගි... (කෙලා තාප්පෙට මේකි නිවුන්නු)
ඔන්න තව එකක්....
ඔන්න තවත් දවසක් නෝටියා ගෙදර ඉදන් ෆැකල්ටියට එනවා... ඔන්න මගින් බස් එකට අපේ ජුන්ඩෙක් නැග්ගා. මේකා මාව දැක්කා විතයි...
සුභ උදෑසන්ක් වේවා ජේෂ්ඨ උත්තමයාණෙනි....
රස වෑහෙන ඬේන්ටි ටොපියක් (බස් එකෙන් එළියේ හිටපු උන්ටත් ඇහුණද මංදා)
තවත් දවසක.... නෝටියා ජුන්නියෙක්ව අල්ලං බයිට් කොරන්නයි ලැස්තිය... (ඔන්න ඉතිං පුරුදු විදියටම නෝටියා හිටියේ කා එක්ක) කෙල්ලට කතා කලාම ඒකිත් ළගට ආවා...
ඔන්න ඉතිං නෝටියත් පැණි හිනාවක් දාලා ඇහුවා
උඹේ නම මොකක්ද...?
ම්හු... කෙල්ල මායි කා යි දිහා බලන් ඉන්නවා නෝ කතා නෝ සිනා... ඔන්න ඒ ගමන කා ටිකක් සද්දේ දාලා ඇහුවා
අනේ ඔයාගේ නම කියන්නකෝ... කියලා අලීම ආදරෙන් ඇහුවා... (අනේ මොනවටද මගේ කට...*
ඒත් නෝ කතා නෝ සිනා....
ඔන්න ඉතින් නෝටිගේ පුෂ්පෙ විකසිත උනා....
ඈ බොල බීප්...... බීප්..... බීප්..... බීප්... බී....ප්........
මෙන්න බොලේ ඒ ගමන ඒකි ඇස්වල කදුලූත් පුරවන් කියනවා....
අන්නා.... සිංගල තෙරියුමා අන්නා... එන්නෛ මන්නිද්දු කොල්ලවුම්... නාන් ඉරුක්කිරේන් යාල්පානම් (අයියා සිංහල දන්නෑ අයියා.මට සමා වෙන්න.මම යාපනේ)
(හුටා කෙලා කෙල්ල ජැෆ්නා)
ඇත්තටම ඒ වෙලාවේ නෝටියාටයි කා ටයි පොලව පලාගෙන යන්න හිතුනා වගේම ඇත්තටම එකසිය ගානට දුකත් හිතුනා.... ඊට පස්සේ කවදාවත් ඒ ගර්ල්ව බයිට් කලේ නෑ අපි දෙන්නා.
රැග් එක ඉවර උනාමත් මමයි කායි ඒ නංගිට ගොඩක් උදව් කලා පුලූ පුලූවන් විදියට සෙහෝදරියෙක්ට වගේ. සමහර වෙලාවට මමයි කායි අපි ගෙදර ගිහිල්ලා එනකොට මොනවා හරි කැමක් ගේනවා නම් ඒ නංගිටත් එක්ක ගේන්න තරම් පුරුද්දක් ඇති උනා. මොකද ඒ නංගි ගෙදර යන්නේ මාස 4කට 5කට විතර පස්සේ. හැබැයි ඒක අපේ උන් දැනන් හිටියේ නම් නෑ අපේ රූම් පාට්නර්ස්ලා හැර. ඒකි මාවයි කා වයි සැලකුවේ එයාගේම අයියලා දෙන්නෙක් වගේ. අපේ ගොයින් ඩවුන් පාටි එක ඉවර වෙන මොහොතේ ඒකි ඇවිල්ලා නෝටියාටයි කා ටයි දණ ගහලා වැන්දේ නොහිතපු විදියට. ඇත්තටම නෝටියා ඒ වෙලාවේ ඇඩුවා.
රස කතා ඇති.නෝටිගේ හිත ආයෙමත් සහෝදර පේ‍්‍රමයෙන් පිරුණා. නෝටි දැන් යනවා තංගච්චිට කෝල් එකක් ගන්න.
නොටි අද උදේ පරණ ගොනෙක් ගැන කතාවක් පබ්ලිස් කොලා... දැක්කේ නැත්නම් බලලා එන්ට
රැග් එක දෙනවා කියන්නෙ ජුන්නො ඉස්සරහ සින්නො චාටර් වෙනවා කියන එක. (සමහර වෙලාවට)
ReplyDeleteඅපේ යාලුවෙක්ට බිල්ඩිමක් පෙන්නලා ඒකෙ පඩිපෙලේ පඩි කියක් තියෙනවාද කියලා ගනන් කරන්න කියලා. මූ එක තට්ටුවක පඩිපෙලේ පඩි ගනන් කරලා ඒක තට්ටු ගානෙන් වැඩිකරලා උත්තරේ කියලා. පස්සෙ සින්නෙක් ඇවිත් මූට පඩි ගනන් කරන හැටි කියලා දෙන්න මූ එක්කම බිල්ඩිමේ උඩම තට්ටුවට යනකම් පඩි ගනන් කරලා.
@ Roshan Herath
ReplyDeleteනොටිත් ඔය වගේ වැඩක් කලා රැග් වෙන කාලේ.ජේෂ්ඨ උත්තමයෙක් නෝටිට කිව්වනේ අර ඩොට්ස් තියන සෙරෙප්පු දෙකක් දාන් ගිහිල්ලා අහුවෙලා ගනන් කරපිය කියලා ඩොට්ස්.නෝටි එකක ගනන් කරලා දෙකෙන් වැඩි කලා.
නොටිය ගොඩක් සංවේදී කෙනෙක් නේ.
ReplyDelete"උදේ ජේෂ්ඨ උත්තමයට කවන්න ආවේ අපේ නංගි.."
මේ සිද්දිය නම් නියමයි.
වෙලාවට අපි ඕවට නොගියේ......
ReplyDeleteඅපෝ...නෝටියත් හරි නෝටි වැඩ නේ කරලා තියෙන්නේ....අන්තිමටනම් හොඳ වැඩක කරලා...:)
ReplyDeleteනෝටියා හිතුවට වඩා සංවේදි කෙනෙක්නේ.. රැග් එක දෙන කට්ටිය මෙච්චර කට්ටක් කනවා කියලා මං දැනගත්තේ දැන්නේ...
ReplyDeleteමාර ලස්සන අතීතයක්නේ...
ReplyDeleteරැග් කනවට වඩා රැග් දෙන එක අමාරුයි කියලා ගොඩක් අය කියනවා
ReplyDeleteවැඩි විස්තර ලියපු නැති එක හොඳයි!දැන් පොලිස් මාමලා කුදලගෙන යනවනේ නැත්නම්!
ReplyDeleteහි හි... මරු පොස්ට් එක... ගොඩක් අය තමන්ට කන්න වුණු රැග් සහ තමන් අනුන්ට දුන්නු රැග් ගැන ලියනවා නේ.. ඒත් අනුන්ට රැග් කරන්න ගිහින් තමන් රැග් වෙච්ච කතා ටිකක් මේ කියෙව්වමද කොහෙද... :P :)
ReplyDelete@ නලින්-සමනලුන්ට වෙඩිතියන්න
ReplyDeleteඒ වෙලාවේ නං වලක් හාරන් වැලලෙන්න හිතුනා... කට කපලා එකයි නෝන්ඩිය
@ ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteඇයි එහෙම කියන්නේ....අලූතෙන් එන අයව පිළිගන්නේ බුලතුත් දීලා..
@ සයුරි
ReplyDeleteනෝටියා ඒ උනාට හිතන තරම් නෝටි නෑ... නෝටි උනත් නයිස්...
හී.... හී.... හී..........
@ Deinesh
ReplyDeleteසිරාවටම මචං රැග් එක කනවාට වඩා අමාරුයි රැග් එක දෙන එක.ඇත්තම කිව්වොත් රැග් වෙන්නේ රැග් එක දෙන අපි.
@ ගෝල්ඩ් ෆිෂ්
ReplyDeleteඅනිවා... ඒ අවුරුදු 4 නම් හැම කෙනෙක්ටම සුන්දර අතිතයක් වෙනවා... ඒත් අතිතය් හැම දෙයක්ම සුනදර නෑ මචං.
@ අකීකරු හිත
ReplyDeleteඅනිවාරයෙන්ම අමාරු දෙයක් අකීකරු ඒක. අර මම කලිනුත් කිව්වා වගේ රැග් වෙන්නේ රැග් එක දෙන අපි.
@ Sabith
ReplyDeleteහ්ම් ඒක නම් ඇත්ත.ඒක තමයි නෝටියා දිග දුර කල්පනා කරලා සූටියට ලිව්වේ.. අනික තමියි ඔය විස්තර සේරම එළියට දැම්මොත් අලූතෙන් රැුග් වෙන එකෙක් මේක වැරදිලා වත් දැක්කොත් සෝ... සොරි නේ
@ Ice (අයේෂා කුලතුංග)
ReplyDeleteහී... හී.... නෝටියා එහෙමයි. ඇත්තටම නෝටියා ඒ දේවල් අදත් රස විදිනවා.ඇත්තම කියනවා නම් කොයි තරම් අද්දැකිම් කන්දරාවක් එකතු වෙනවද අපේ ජිවිත වලට ඒ මාස කිපය තුල. හුගක් අය ජෙනරලි පුරුදු වෙලා ඉන්නේ රැුග් එකක කොන්ස් ගැන බලන්න විතරයි... ඒත් ප්‍රෝස් කියලා දේකුත් තියනවා හැම දේකම..නේද?
නෝටියා මේ ඔයාද නෝටියා
ReplyDeleteමම මේ සයිට් එක අද දවසේම කියෙව්වා. මට ෂුවර් මේ ඔයා තමයි නෝටියා.මේ ටැමිල් ගර්ල් ගේ කතාව නිසා ඒක මම සැකයක් නැතිව විශ්වාස කරනවා නෝටියා. මම දන්නවා නෝටියා ඔයා අර දේ ලියාවි කියලා. මමත් ඒ දේ ලියනකම් බලන් ඉන්නවා නෝටියෝ.
ඔයා ලංකාවෙන් යන්නේ කවද්ද කියලා පුලූවන් නම් විතරක් කියන්න.
ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා මම ප‍්‍රාර්ථනා කරනවා නෝටියා...
දෙවි පිහිටයි නෝටියෝ
පැරදුණු පව්කාරියෙක්
හප්පේ..... රැවුලත් එක පැත්තක් විතරක් කපලා....රබර් සෙරෙප්පු දාගෙන.බස් හෝල්ට් එක ලග ඇබරෙන උන්ව මම ඕනේ තරං දැකලා තියෙනවා කටුබැද්දේ හංදියේ .....
ReplyDeleteබලන් යද්දි ජේශ්ට උත්තමයොත් රැග් වෙනවනේ.... බස් එකේ සිද්දිය නම් පට්ට
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteපික්සු හැදෙනවා බන් ඒ කාලෙට.ලැජ්ජාව වහගෙන අපි අපි නෙවෙයි වගේ යන්න වෙන්නේ....
@ පිස්සා පලාමල්ල
ReplyDeleteආයෙත් අහලා... පහළ බාලාංසේ බූරු බූරියොන්ට වඩා රැුග් වෙන්නේ ජේෂ්ඨ උත්තමයෝ කියලා තේරෙන්නේ අපිත් රැුගක් දෙනකොට
අඩේ උඹේ ෆැකල්ටි එක කියාපිය නෝටියෝ....
ReplyDeleteහොඳ වැඩේ රැග් දෙනවට...
මොනවා කොරයිද දන්නේ නෑ අපිටත්..
මම ත් රැග් කන්ට බලං ඉන්නේ ...
නෝටියාගේ ෆැකල්ටියේ මද දන්නේ නැ
@ ගලයා
ReplyDeleteහොද හොද එව්ව කොරයි බන් උඹලගේ ජේෂ්ඨ උත්තමයෝ ටික... නෝටියා ඇවිල්ලා අයි ටි.
අර කතාවකුත් තියනවානේ හොදි නොගා හදන හොද්දයි ගුටි නොකා හැදෙන කොල්ලගෙයි වෙනසක් නෑ කියලා.... ඒ වගේ තමයි
රැුග් නොවි කැම්පස් එකේ ජිවිතේ මෙලෝ රහක් නෑ...
සින්නෝ වුණාම කටුත් තියෙනවා. කොහොම වුනත් නියම කත සැට් එක. අර ජුන්නා නම් බස් එකේදී ගුඩ් මෝර්නින් පාර දැම්මේ උඹව බයිට් කරන්නම තමා :))
ReplyDelete