Pages

Wednesday, December 28, 2011

සොදුරු මිනිසා... ඇත්තමට ඒ ඔහු.

ඕනම කෙනෙක්ගේ ජිවිත වල වීරයෙක් කියලා කෙනෙක් ඉන්නවනේ. අවිවාදයෙන්ම ඒ තාත්තා. තාත්තා ඇරුණාම.....  ඕනිතරම් කට්ටිය ඉන්නවා.. ඒත් ඒ අය අපේ ජිවිත වල සදාකාලික වීරයෝ වෙනවද...?එතන නම් පුංචි කොස්සක් තියනවානේ.

ඒත් නෝටිගේ ජිවිතේ එහෙම නොවෙනස් සදාකාලික වීරයෙක් ඉන්නවා... අද නෝටියා එයා ගැන තමයි ලියන්න හදන්නේ....

මේ සොදුරු මිනිසා නෝටියාට හම්බුවෙන්නේ හරිම අහම්බෙන්.ඒ 2003 අවුරුද්දේ. අපි 10 වසර ඉන්නකොට.මෙහෙමයි කතාව.

නෝටියා ඉස්කෝලේ 10වසර වෙනකොට සාමාන්‍යයෙන් දක්ෂ කොල්ලෙක්. ඒත් එක විශයක් තිබුණා නෝටිට වහ කදුරු වගේ වෙච්ච. කොට්න්ම කිවොත් ඒ විෂය ට නෝටියා මැටිම මෝලෙක්. ඔව් ඒ විෂය තමයි ගණිතය. ඉස්කෝලේ වාර විභාග වලදි ලකූණු 50ට වඩා තිබුණ නම් ඒක ලෝක පුදුමයක්. අනිත් විෂයන් වලට 80-90 වගේ තියනකොට ගණිතයට ලකුණු 35-40. ඕලෙවල් ගණං අනාගනිවි කියලා නෝටියාට ගණං උගන්නපු මැඩම් දෙමාපිය රැස්විමකදි අම්මි එක්ක පවා කිවා. ඒ හේතු නිසා ගණිතය උගන්වපු මැඩම් පවා නෝටියාව අතෑරලාම දාලා තිබුණා කිවොත් වරදක් නෑ. නෝටියාට කොයි තරම් ගණිතය වහ වෙලා තිබුණද කිවොත් නෝටියා වාර විභාග වල ගණිතය පේපර් එකත් කට් කලා.

ඔය අතර තමයි නෝටියාගේ ඉස්කෝලේ යාලූවගේ අයියාකාරයා සත්තම දාන්නේ....
තෝ ඔහොම ගියොත් අනාගන්නවා  ඕලෙවල්. තාම උඹලා 10 වසර නිසා කල් තියනවා. මම කියනවට උඹ අපේ සර්ගේ ගණං පංතියට දවසක් ඇවිල්ලා බලපන්. අපේ සර් අලූත් උනාට උඹට ගණං පොවාවි.

නෝටියා කෝකටත් කියලා ගියා පංතියට. සූගාලා ළමයි 20ක් විතර හිටියා. නෝටියත් ඉතින් ක්ලාස් එකට ගිය නිසා අන්තිම පේලියේ වාඩි උනා. ටික වෙලාවක් ගියා.... අත්කොට ෂර්ට් එකක් ඇදලා ෂර්ට් එක කලූ කලිසමට යට කරලා කෙට්ටු අවුරුදු 26 විතර වෙන කොල්ලෙක් ආවා පන්තිය ඉස්සරහට.

පුතේ මගේ පංතියේ පිටිපස්ස පේලි නැති වෙනවා නම් මම හරිම ආසයි.... ඒනිසා ඔය පිටිපස්සේ පේලියේ ඉන්න දරුවා එන්න මේ ඉස්සරහා ඉඩතියන පේලියට...

කියලා ටකරන් වොයිස් එකකින් කිවම නෝටියා නිකං කරකවලා ඇතෑරියා වගේ. මොනවා කරන්නද ඉතිං හිත හදාගෙනම ගියා ආයෙත් මේ ක්ලාස් එකට එන්නෑ කියලා හිතන් ඉස්සරහා පේලියට. හැබැයි නෝටියාට නිකමට ඒ වෙලාවේ හිතුනේ නෑ ඒ ටකරන් වොයිස් එකට නෝටියාගේ ජිවිතේ ගොඩක් වෙනසක් කරන්න පුලූවන් වෙයි කියලා.

කිසිම වෙනසක් නැතිව ක්ලාස් එක කරගෙන ගියා. ගණන් කියලා දුන්නා. ගණන් හැදෙව්වා.... සර්ම හැමෝගෙම පොත් බැලූවා... කොහොම හරි ක්ලාස් එක ඉවර වෙන වෙලාවත් ආවා. ඊලග දවසේ ක්ලාස් එකේදිි හම්බුවෙමු කියලා සර් ස්ටේජ් එකෙන් බැස්සා. ඒතකොට ළමයි ටික ක්ලාස් එකෙන් එළියට යනවා වෙනුවට පේලියක් හැදිලා සර් ඉන්න තැනට ගිහින් සර්ට වදින එකයි කලේ. හැමෝම සර්ට වැදලා තමයි එළියට ගියේ.... නෝටියාත් දණ ගහලා වැන්දා සර්ට...

බුදුසරණයි පුතේ.... බය වෙන්න එපා මම උඹව ගොඩදානවා.. දිගටම ක්ලාස් එන්න.

ඒ වචන ටික තමයි නෝටියා ගේ හිතට පුංචි දෛර්යක් ගෙනාවේ. ආයේ ඒ ක්ලාස් එකට යන්නෑ කියලා හිතාගෙන ඉස්සරහා පේලියට ගිය නෝටි ආයේත් ඒ ක්ලාස් එකට යනවා කියලා හිතාගෙන ගෙදර ආවා.
ටික කාලයක් යනකොට නොදැනුවත්වම ගණිතය කියන විශයට ආදරේ කරන්න පටන් අරන් තිබුණා. ඒ දේට වගකිවයුත්තා උනේ ඒ සොදුරු මිනිසා. කොයි තරම් නම් ගණිතයට ආචරේ කරවන්න ඒ සොදුරු මිනිසාට පුලූවන් උනාද කියනවා නම් උදේ 6ට සර්ගේ ගණං පන්තියට ගිහිල්ල ඉස්කොලේ ගිය දවස් අන්නතයි.

ඔය අතරේ සර්ගේ ක්ලාස් එකේ ළමයි ගානත් වැඩි උනා. හිස් වෙලා තිබුණු ඩෙස්ක් පේලි උතුරලා ගියා. ඒවගේ ප‍්‍රථීඵලයක් විදියට තමයි සර්ට නොයෙකුත් මඩ ප‍්‍රචාර යන්න පටන් ගත්තේ. ඒත් ඒ හැම දේටම ඔහුගේ පිළිතුර උනේ..........

පදනම් විරහිත චෝදනාවටත්...
අහේතුක සිත් රිදවීම් වලටත්...
සුදුසුම පිළිතුර...
ගෞරවණිය නිෂ්ශබ්ධතාවයයි....

ඔව් ඒ සොදුරු මිනිසා ඒ සේරම ඉවසගෙන අපිව අපේ ඉලක්කයට එක්කන් ගියා... අපේ ජිවිත වල් වැදෙන්න නොදි අපිව ඒ ඉලක්කයට එක්කන් ගියා... ඇත්තම කිවොත් ඒ සොදුරු මිනිසා නෝටියාගේ ජිවිතේ පොරක් උනා.



පේපර්...
ස්පොට් ටෙස්ටි...
ටියුට්...
සෙමිනා...
මේ සේරගෙන්ම
ගණං පෙව්වා...
ඔව්...
ගණිතය අපිට කසාද බන්දලා දුන්නා...
සත්තකින්ම
ඒ සොදුරු මිනිසා
ජිවිතේට ආලෝකය ලබලා දුන්නා...
ඒ ඔහු...
අපේම ආදරණිය මංජු සර්...
දිනේෂ් මංජුල...




මංජු සර්...
සර් නිසා නෝටියා ජිවිතේ ගොඩක් දිනුවා. 
එදා සර් ගේ පංතියට වැරදිලා වත් මම ආවේ නැත්නම්,
අද නෝටියා ජිවිතේ ගොඩක් වැරදුන කෙනෙක් වෙන්න ඉඩ තිබුණා. 
ඒත් 
සර් එදා ගණිතයට ඇති කල ආදරය නිසා පටන් ගත්තු ගමන
අද වෙබ් ඉංජිනේරුවෙක්
සර් නෝටියා ජිවිතේ අලූත් කඩයිමකට ලෑස්ති වෙමිනුයි ඉන්නේ.
ලබන අලූත් අවුරුද්දේ නෝටියා ලංකාවෙන් පියාඹනවා....
ඒ අලූත් ලෝකෙට පියාඹන්න කලියෙන්,
සර්ගේ පංතියේ වාඩි වෙලා ගාණක් හදන්න...
දෙන අවවාද ටික අහන් ඉන්න...
ආයෙමත් සර්ගේ කකුල් දෙක අල්ලා වදින්න...
නෝටියා එනවා සර්ගේ ක්ලාස් එකට...
ඔව් නෝටියා එනවා 
සර්ගේ කකුල් දෙක අල්ලා වැදලා ආශිර්වාදෙ අරන් යන්න.


මම...
සර්ගේ 2003-04 අම්බලන්ගොඩ ක්ලාස් එකේ හිටපු කොලූගැටයෙක්.


ප.ලි.
සර්ගේ ක්ලාස් යන නංගියෙක් මල්ලියෙක් එහෙම ඉන්නවා නම් මට කියනවද ගාල්ලේ සර් ක්ලාස් කරන දවසක් වෙලාවක්...

3 comments:

  1. ඇත්තටම එහෙම ගුරුවරුන්ට නම් මල් තියල වඳින්න ඕනේ.. මගේ ජීවිතෙත් ඉන්නවා මේ වගේ පූජිත ජීවිත කීපයක්.. :D

    ReplyDelete
  2. නොටි මමත් මේ සර්ගෙ පන්තියට ගියා එකම එක දවසක්. හැබැයි බොරු කියන්න ඔන නෑ මට සර්ව එපා උනා එදායින්ම....
    එකම එක හෙතුව සර් O/L පේපර් එක දෙනවා කියලා ගිය ප්‍රචාරය. මම හිතුවෙ හරියට උගන්වනවනම් එහෙම පපෙර් එකෙ ලමයින්ට දෙන්න ඔන නෑ කියලා. මගේ යාලුවො ගොඩක් ගියා පේපර් එක ගන්නම. ඉගෙන ගත්තෙ නෑ. අන්තිම ද්වසෙ කියා දෙන පෙපර් එක බලාගෙන හිටියා. එත් මට මතක විදියට ස්‍ර් දුන්න පේපර් එකක් නෑ. සමහර අයනම් ගොඩ ගියා. සමහරු නම් අනාගත්තා...

    ReplyDelete
  3. ගුරු පියාණන්ට මගෙත් නමස්කාරය... අයේෂා නංගි කිවා වගේම මල් තියල වැන්දාට පවු නෑ....

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...