ඔන්න අද නෝටියා තවත් පිස්සුවක් කෙලින්නයි ලෑස්තිය. ඒක නෙමෙයි ඊට කලිං කියන්නකෝ කස්ටිය අර මෙමෝ බුක් නැත්තං අර ඔටෝග‍්‍රාෆ් ගැන දන්නවද කියලා...
ආ..න්න හරි.....................!!!
අර ඉස්කෝලේ සමුගන්න කලිං ඉන්න සනුහරේම එව්වා මෙව්වා ලියලා දෙන පොත තමයි...!!
ඔන්න ඔය පොතේ තියනවා නේද පිස්සු පිටු නැත්තං මංඤ්ඤං පිටු කියලා එව්වා ජාතියක්. අන්න ඒ මඤ්ඤං පිටු වල තියන සිගිති ආතල් පොඞ්ඩක් මතක් කර ගන්න නෝටියාට හිතුනා...
ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා......
ගොං පැටියෙක් වේවා උඹේ මුල්ම පුතා......
උඔ එනවා බලා මට වමනේ ගියා...
අමු ඉගුරු කකා මම ගෙදර ගියා.....
තොගේ ඔටෝ.... අපිට මොටෝ.........
අරකි උඹට ලව්
මම ඒකිට ලව්
ඒ මගුලත් ඉලව්
වංගු වංගු ගලනකොටයි ගගක් ලස්සන
සයිඞ් එකෙන් බලනකොටයි නෝටි ලස්සන.....
පස්ස පස්ස පස්ස
අපේ නෝටියාගේ පස්ස
අපේ නෝටියාගෙ ගේ පිටිපස්ස
සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු...
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු...
එකෙක් ලියලා තිබ්බා .."ඇද්දා ලනුව දැම්මා කොඩිය සිලෝන් එකට...සිලෝන් එකේ බස් දුවන්නේ මගේ නමට" කියලා....
ReplyDeleteඋගේ තාත්තට පරන බස් එකක් තිබ්බා.....
අපිට ලියපුවා මෙතෙන දැම්මොත් එහෙම වසලා හමාරයි අයියේ...
ReplyDeleteලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට..
ReplyDeleteඇයි බොල කලු දෙබරෝ තොට මොකටද ඒක..
සඳ මිදුලට එනවා
ReplyDeleteආපුදෙන්කො බල්ලා ලෙහනවා...
හෙහ්.. මේවා තව ප්‍රසිද්ධියේ දාන්න පුළුවන්.. අපිට ලියපුවා එහෙම දාන්න බෑ අයියේ...
ReplyDeleteමෙන්න අසූ ගනන් වල එකක්
ReplyDeleteසමරුව යැයි කියා බොරුවට පොතක් ගෙන
යන එන කොල්ලන් ලවා බොරු ලියා ගෙන
එය බල බලා සැනසෙන මේ නන්ගි ගැන
මට හරි දුකයි අනෙ නංගෝ ඔයා ගැන
@ ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteහි හි.... එළ එළ
@ prasanna86k
ReplyDeleteමේකේ මේ ලියලා තියෙන්නේ පුරසිද්ධියේ කියන්න පුලූවන් එව්වා විතරයි ඕං...
@ පිණිබිඳු...
ReplyDeleteලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට..
ඇයි බොල කලු දෙබරෝ තොට මොකටද ඒක..
නෑ මේ නිකමට--
හිකිස්
@ පිණිබිඳු...
ReplyDeleteබල්ලා බැදලාද...?
@ Dinesh
ReplyDeleteමේකේ මේ ලියලා තියෙන්නේ පුරසිද්ධියේ කියන්න පුලූවන් එව්වා විතරයි ඕං...
@ Weni
ReplyDeleteමෙව්වා ඇවිල්ලා 2005/06 වගේ ලියපු චාරයක් ඇති එව්වා..
අසල්වැසියාට වෛරකරන්න ,ඔහුගේ පුතාට ප්‍රේම කරන්න.. :P
ReplyDeleteසෙත්සිරි දෙන මහා ගුණ මුණිදානම්
දැන් නම් තත්වය හරි අවදානම්
කුස්සිය පැත්තෙන් _______ එනවානම්
පැනලා දුවපන් කරන්නම්.. :P :P
(පොතේ අන්තිමේට මෙහෙමත් ලියනවා)
පෙම්බස් දොඩයි බකමුණයි උගේ නෝනයි
අලි බොරු ලියපු පොත මෙතනින් අවසානයි. :P
@ Ice (අයේෂා කුලතුංග)
ReplyDeleteඔය තියෙන්නේ නිකං දුම දාන එව්වා...
ඩිගිසි ඩිගාරේ දාගෙන පොල් කටු මාලේ
ReplyDeleteමොකක්ද මේ පොතක් අරන් කරන විකාරේ