Pages

Monday, November 7, 2011

ලව් ඉලව්



මුලින්ම කියන්  ඕනි මේක මගේ අයිඩියාවක් නං නෙමෙයි. මේක ඇවිල්ලා මගේ මිත්තරයෙක් වෙච්ච කා කියපු කතාවක්. මම මතක තියන විදියට මෑන්ස් ගේ වචන වලිංම කියන්නං. සිද්ධිය උනේ මේ අවුරුද්දේ (2011) අපේ ග‍්‍රැජුවිෂන් එකට කලින් අපේ බෝඞ්න් සෙට් එක තියපු සුට්ටං පාටියකදී....


ඇඩෝව්... උඹලා දන්නවාද උම්ඹලා නැට්ට කඩන් ලව් කරන කෙල්ලෝ උම්බලාට ෂිරාවටම ලව් කොරනවද කියලා. ඈහ්... උන් කියාවි බොලාට....
මම පණටත් වඩා ආ....ද...රෙයි කියලා...


පුහ් ආච්චිගේ රෙද්ද. උම්බලාට බලා ගන්න පුලූවං ඒක් එහෙමද නැද්ද කියලා. හෙබ්බැයි ඊට කලින් උම්බලා ලයිෆ් ඉන්සූරන්ස් එකක් දාගනිල්ලා බොලාට.


දැං මේකයි කොරන්න තීන්නේ... 


හොයා ගනිං හොද දෙපැත්ත කැපෙන පිහියක්. දැං දෙන්නත් එක්ක හොස්පිට්ල් එකක් කිට්ටුව තියන නිදහස් තැනකට සෙට් වෙන්න  ඕනි. අනිවා හොස්පිට්ල් එකක් ලග තියෙන්න  ඕනි. 


හරි...........


දැං වැඬේ ෂෙට්. දැං කෙල්ලට කියෆන් උම්බ මට ෂිරා ලව් නං මේ පිහියෙන් ඇණ ගනිං කියලා.


කෙල්ල ඒකිට පිහියෙන් ඇණ ගත්තොත් උම්බට ඒකි ෂිරා ලව්.ඒ නිෂා ඉක්මනට හොෂ්පිටල් ඇඞ්ම්ට් කොරහන්. එත් ඒකි ළගට ලං උනොත්  උඹේ මදර්බෝඞ් එකට කෙලවෙනවා බුදු ෂුවර්.ඒ නිෂා අතේ දුරින් ඈ.... 


ඒකි උම්බට ෂිරා ලව් නැත්තං උම්බට බඩු බනිෂ්. ඉගහට දුවපන් උලමෝ...

10 comments:

  1. හප්පේ දැංනං පරක්කු වැඩියි ඕක කරලා බලන්න......

    ReplyDelete
  2. සැ.යු.- අත්හදා බැලීමෙන් වලකින්න :-P

    ReplyDelete
  3. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    ප‍්‍රමාදය පසු තැවීමට හේතු වේ කියලා කව්ද මංදා කියලා තියනවාලූ නේද?

    ReplyDelete
  4. @ විසිතුරු | visituru
    හික් හික් හික් හික්.....

    ReplyDelete
  5. මරු තියරු එක... විසිතුරු කිවුවත් වගේ අත්හදා බැලීමෙන් වලකින්න...

    ReplyDelete
  6. ඕක අත්හද බැලුවොත්
    මිනීමැරීමේ චොදනාවට හිරේ යන්ට වෙයි...
    අත්හදා බැලීමෙන් වළකින්න
    හැක්ස්..!

    ReplyDelete
  7. නොටියා කොහෙ හොස්පිටල් එක ලඟද ඕක ට්‍රයි කරේ??

    ReplyDelete
  8. @ Dinesh
    හිකිස්... අත්හදා බලන්න... ප‍්‍රමාදය පසුතෑවීමට හේතු විය හැකිය

    ReplyDelete
  9. @ ගලයා
    ප‍්‍රමාදය පසුතෑවීමට හේතු විය හැකිය

    ReplyDelete
  10. @ තාරක Dilsh@n
    දැරණියගල
    හිකිස්....
    ඇත්ටම දැරණියගල හොස්පිට්ල් එකක් තියනවද බන්ස්...

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...