Pages

Monday, April 9, 2012

අමුතු ලන්තේ සිට ("අල්ලනවා, ගන්නවා")

සිංහල අවුරුද්දේ මෙව්වා එක ඇගට පතට දැනෙනකොට අග පොපියනාවය...
කටට කෙල උනනාවය...
බඩේ පනුවෝ බඩ පිනුං ගසනවාය....
එහෙව් එකේ මාද අවුරුදු කෑ යුතුය., අවුරුදු සිරි විදිය යුතුය, චාරිත්තර කල යුතුය... (නමුදු මා දැන් සිටින්නේ ලංකාවේ නොව.."අමුතු ලන්තයේය")

නෝටියා නම් කෙල හල හල බලන ඉන්නේ "වැඩ ඇල්ලීම අහාර අනුභවය හා ගණු දෙණු කිරීම" මෙව්වා එකටය.
දෙයියනේ කියලා කුඩා බඩවැල් කීං ගාන්න කිරිබත් ගිල අන්තිමට ගානකුත් අතට ලැබෙන්නෙහිය.ඉතින් බඩට වගේම සාක්කුවටත් බුදු පිට් ය...

ලංකාව් අවුරුදු කැවිලි මේසයක්.කන්න බැරි නිසා බලා සැනසෙත්වා
එළ කිරි වගේ එළකිරි.කොම් ඒකෙන් පින්තුරේ ඉස්සුවා
එය ලංකාවේ අවුරුද්දය....

නෝටියා දැන් සිටින්නේ අමුතු ලන්තයේය... මෙහි ද අවුරුදු ඇත්තේය... නමුත් චාරිත්තර වාරිත්තර, අවුරුදු සිරිය පට්ට වෙනස්ය...නෝටියගේ ඒකායන අරමුණ වනුයේ එව්වා ලංකාවේ සිටින අපේ උන්ට කියා දෙන්නය...

අමුතු ලන්තයේ ද අවුරුදු අපේ වගේම 12,13, දවස් වලය... ඒත් විසේස වෙනස්කම් නහුතෙකි..(නහුතයක් කිව නොහැක... ඒ නිසා ටිකක් කියමි.)

මෙහි මුලින්ම සිදු කරන්නේ වැඩ ඇල්ලීම සහ ගණු දෙනූ කිරීමය.. ඒ අමුතු ලන්තේ පොලිස් මාමාලය... එයද හරි අපුරු විදියකි...
කෙළගෙන එක වාහනයක් නවත්වති, දඩ කොලයක් ලියන්න වගේ පෙන්නති(ඒත් දඩ නොලියති), ගොඩින් බෙර ගන්න ඕන නම් ගණු දෙනුවක් කල යුතුය(ඇත්තටම එය ගණු විතරය)... 500  කොලයක් දුන් විට වැඩේ ගොඩය...(ලංකාවේ නම් කතා දෙකක් නැත, දඩ ලියනවාමය), කොටින්ම කිවොත් "අල්ලනවා, ගන්නවා" ය.

අපේ රටේ නම් අවුරුද්දට දින දෙක තුනකට පෙර බාර් වසනවාය.මෙහිද  එසේමය...එහෙත් වසන්නේ ඉස්සරහ දොර විතරය.පස්ස දොර ඇරලාය. 1000 බෝතලේ 1800 ට දෙනවාය.(ලංකාවේ එසේ නොමැති බව ඔබලා දන්නෙහිය.වැසුවොත් වැසුවාමය.)

තවද අවුරුද්දට (ලංකාවේ නම්) අපේ අම්මලා ගෙදර කැවිලි හදනවාය. දොදොල් හදනවාය.. එක කෙලියක්ය..
එහෙත් ඇමතු ලන්තේදී නම් ඒ විදියට දවස් ගානක ඉදන් චාටර් විය යුතු නැත.. මෙහි "පුස් සිටි" කියා එකක් තියනවාය... එකේ නැති මගුලක් නැත.. මෙහේ ගෑණු අවුරුද්දට පුස් සිටි ඒකෙන් බදු ගන්නවාය. වැඩේ ගොඩය..

අපේ රටේ නම් කිරි උතුරවන්නේ නැකතටය.ඒ අවුරුදු නැකත චාරිත්තර කොලේ බලානය..අමුතු ලන්තය එකේන්ද ලංකාවට වඩා ඉදිරියෙන් හිති... මොවුන් කරන්නේ රූප පෙට්ටිය බලාගෙනය..රූප පෙට්ටියේ අමුතු ලන්තේ මහ පුරවැසිය ගේ ගෙදර මෙව්වා කරනවා පෙන්නවාය. අනිත් උන එව්වා රූප පෙට්ටියෙන් බලාන කරනවාය...(වැරදිලාවත් විදුලි බලේට ඇනයක් හිට්ටෝත් කෙලම වෙනවාය)

අවුරුද්ද මතක වෙනකොට අපිට අමතක නොවෙන එකකි අවුරුදු උත්සව. මෙහේද අවුරුදු උත්සව ඇත්තේය.. ලංකාවේ එව්වා වගේ නෙවෙයිය... මෙහේ අවුරුදු උත්සය දකින්න නම් පින් කර තියෙන්නම ඕනය... එය මේ විදියට සුළුවට ලියන්නටද බැරිය...

බැරිය කියන්නේ කොහෙත්ම බැරිය... ඊලග මෙව්වා ඒකෙන් අමුතු ලන්තේ අවුරුදු උත්සව ගැන ලියන්නේහිය.. එතකන් මතු සම්බන්දයි ය.

බලාපොරොත්තු වන්න අමුතු ලන්තේ අවුරුදු අත්සව අසිරිය..>>




නෝටි
සුවාධීන වාර්තාකරු
අමුතු ලන්තේ සිට.


12 comments:

  1. එල එල නෝටි..... හැබැයි පරිස්සමින්... ඔය අමුතුලන්තේ සුදු වෑන් එහෙම නැතෙයි?

    ReplyDelete
    Replies
    1. ඩොල්ෆින් එව්වද හයි ඒස එව්වද..?

      Delete
  2. නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete
  3. ලංකාවේ නම් එකම නැකතකට හැම දේම කරනවාය.. අමුතු ලංතයේ නම් නැකත ගැනත් ලොකු ලොකු ජොතිස කාරයෝ කෙල ගන්නවාය...

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි... අමුතු ලන්තේ වාසියෙක්ද කොහෙද.. නැත්නම් සුවර් එකටම ටුවර් එකක් යන්න ඇති අමුතු ලන්තෙට නදුන් උයන

      Delete
  4. හරි! අමුතුලන්නෙ අවුරුදු කොහොමද කියල කියපංකො.

    ReplyDelete
  5. හොඳ වෙලාවට ලංකාවේ නෙවි නේ. :P

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ලංකාව නෙවි.
      අමුතු ලන්තේ බං

      Delete
  6. අද මට 550/-ක්. අවුරුද්දට දිපු නඩුව යන්තම් දඩ කොලේකට දා ගත්ත.

    කොහොම වැරදි කියනවද මන්ද බං. කහ ඉරේ නැවැත්තුවෙ නැතිලු. පාර පයින්න එවුන් නැතිව ඇයි කහඉරේ නවත්තන්නේ ?

    ReplyDelete
    Replies
    1. හොදට ඇස් දෙක පිහිදලා වට පිට බලපන් සෑමෝ...
      සුවර් එකටම උබටත් නොදැනීම උබ අමුතු ලන්තේට ඇවිත් වගේ...

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...