අම්මප මේක නම් අමුතු ලන්තයක්මය...
වෙන්නෙම පිස්සු ඩබල් හරි මොංගල් කේස්මය...
ලොක්කෝ කියලා ජාතියක් ඇත්තෙහිය..
තවද සොක්කෝ කියලාද ජාතියක් ඇත්තෙහිය...
ලොක්කෝ හැම එකෙන්ම ආරස්සා විය යුතුය...
සොක්කෝ ලොක්කන්ගේ ආරස්සවා වෙනුවෙන් අදෝමුඛය දිය යුතුය...
නොදෙන්නේ නම් බලෙන්ම ගන්නවාය..
රටේ නීතියක් කියා දෙයක් ඇත්තෙහිය...
නමුත් එය මහා අමුතු එකකි...
බලපුලුවන් කාරයාට එක නීතියකි,
අහිංසක පොඩි මිනිහාට තවත් නීතියකි...
වෙන්නෙම පිස්සු ඩබල් හරි මොංගල් කේස්මය...

තවද සොක්කෝ කියලාද ජාතියක් ඇත්තෙහිය...
ලොක්කෝ හැම එකෙන්ම ආරස්සා විය යුතුය...
සොක්කෝ ලොක්කන්ගේ ආරස්සවා වෙනුවෙන් අදෝමුඛය දිය යුතුය...
නොදෙන්නේ නම් බලෙන්ම ගන්නවාය..
රටේ නීතියක් කියා දෙයක් ඇත්තෙහිය...
නමුත් එය මහා අමුතු එකකි...
බලපුලුවන් කාරයාට එක නීතියකි,
අහිංසක පොඩි මිනිහාට තවත් නීතියකි...
වැරදිලා වත් වාහනේ එලවනකොට ඉර කපුනොත් බඩු බනිස්ය...
අඩුම ගානේ 500 කට කෙල වෙන්නේහිය...
නමුත්..,
නීතිය පසිඳලීමට ඇති පොලිසියට නීතියක බලපෑමක් ඇත්තෙම නැත්තා සේය...
ඉර කපුනාට අවුලක් නැත,
ඩබල් ඉර කපාගෙන වංගුවකදී ඕවර් ටේක් කලත් අවුලක් නැත...
යමක් මතකෙට නැගෙන්නේහිය..
පසු වූ සිංහල හින්දු අවුරුදු දිනයන්හි මාද නෝටිච්චිද නුවර ගියෙමුය... සිටියේ බසයේ පිටුපස අසුනෙහිය.යමෙකුට අසුන ලබා දී මා නොටිච්චි අසලින් සිටගෙන පිටුපස වීදුරුවෙන් පාර දෙස බලා බලා සිටින කල මා දුටුවේ පිටුපසින් පැමිණෙන පොලිස් ජීප් රථයකි...ඩබල් ලයින්ද නොතකා දැඩි වංගුවකදී පොලිස් රථය බසයට ඕවර්ටෙක් කර පිඹගෙන ගියෙහිය.රථය කිනම් පොලිසියට අයිති රථයක දැයි නොකියන නමුත් මෙය සිදුවුයේ කඩුගන්නාව කන්ද නගින විටදීය...
- වෙනත් අහින්සක රියදුරෙකුගේ අතින් ඔය වරද සිදු වුයේ නම්...,
- අන්තරයකාරී ලෙස රිය පැදවීම..,
- වංගු සහිත ස්ථාන වලදී රිය ඉස්සර කිරීම..,
යනාදී ලොවෙත් නැති කරුණු කියා සෑහෙන්න ගානක දඩ කොලයක් දෙනවාමය...
- ද්විත්ව රේඛා නොසලකා රිය ඉස්සර කිරීම...
නමුත් ඔවුන්ට අවුලක් නැත්තෙහිය...
මන්ද යත් දෙකම හාංදුරුවන්ගේය...
අදෝමයි...
එකෙක් Z score එකෙන් සොමිය ගන්නවාය...
එකෙකු 2500කින් ආතල් ගන්නවය...
තවකෙක් ඇමරිකන් වර්ජනයකය... (අවුලක් නැත්තේමය, එහෙත් සත්‍යට මුණ දිය යුතුය...)
බහුතරයක් බොර දියේ මාලුවා නාවනවාය...
අපි බලන් ඉන්නෙහිය....
පුල්ම ආතල්ය...
තව දුරටත් ලීවොත් මාද දේශ ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසිය හැකිය...
මගේ බ්ලොගේටත් කෙලවිය හැකිය...
ඒ නිසා මේක ලීවා ඇති වගේය...
නමුත් තවමත් කට කසනවා කසනවා වගේය...
එතුරු ටික පස්සේ කසා ගන්නෙමිය..
අතකන් කීමට ඇත්තේ...
මෙව්වා දැකලා පන පලයන් පෙරේදා....
කියලාය.
කට කහනවට හරි ලියන්න ඕන. එතකොටයි වෙනසක් ඇතිවෙන්නෙ.
ReplyDeleteහ්ම්ම්... එකත ඇත්ත.. ඔන්න ඔහේ ලියනවා...
Deleteනෑ රාජ් නෝටියට කියමු අත කහනවට වගේ ලියන්න කියලා. ෆස්ට.
ReplyDeleteහිකිස්..
Deleteටැන්කෝ... ;)
නඩුයි, බඩුයි, ලමයිනුයි ඔක්කොම හාමුදුවනුගෙලු බං... :/
ReplyDeleteහප්පට සිලි...
Deleteළමයිනුත්...??
එදා සෑමා සයිබර් උලෙලට ආවේය. ඒ උදේ 11ටය. එදා සෑමා උදේම ගියේ වැල්ලවත්තට නොවැ මොරටුවටය. දඩ කොලයක් ගෙවන්නටය. එහෙව් ගියේ කහ ඉරේ නැවැත්තුවේ නැහැ කියා දඩ ගැසූ නිසාය. සෑමා සමගම කාර්,ප්රොඩෝ ඉදිරියට ඇදෙද්දී සෑමා කහ ඉරේ ස්ලෝ කලේය. එවිට පාර පනින්නට සිටි අංකල් කෙනෙක් සෑමාට හිස සලා කීවේ යන්න කියාය. එවිට සෑමා කහ ඉර නෙතකා සෙමින් ඉදිරියට ගියේය.
ReplyDeleteපොලිස් මාමලා පිටිපස්සෙන් ආවෝය. දඩ ගැසීය. හිස සැලූ අංකල්ද නොනැවැත්වූ ප්‍රාඩෝද නැත.
මහ එකාලට සල්ලි නැති නිසා පොඩි එකාලා බයිට්ය.
ජයෙන් ජය නෝටියෝ !
කතා කර වැඩක් ඇත්තෙම නැතිය...
Deleteඋබේ කතාව අමුලික ඇත්තය..
පහත් තැනින් යයි ජලා ගලේ.. ය..
නඩුයි, බඩුයි,හොරුයි ඔක්කොම ලොකු හාමුගෙ එකනෙ ඉතිං අපිට තියෙන්නෙ බලන් ඉන්න....
ReplyDeleteහ්ම්ම්....
Deleteමට අයෙමත් කියන්න තියෙන්නේ...
පහත් තැනින් යයි ජලා ගලේ.. කියලාය...
ලංකාවෙ ගොඩක් ආයතන හෙන උත්තරීතර තැන් බං....පොලීසිය මුල් 5 අතරෙ ඉන්න එක අපේම වාසනාවක්.....
ReplyDeleteහනේ... වාසනාවන්....!!
Deleteහප්පෝ...ඕවා ඔහොම නේන්නම්...
ReplyDeleteහ්ම්ම්...
Deleteආසියාවේ ආශ්චර්ය..
මෙන්නෝ...
සුදු වෑන් එනවෝ...
Hale manda mehemath lanthayak....!!!!
ReplyDelete//මෙව්වා දැකලා පන පලයන් පෙරේදා....//
~~**Daga Malla**~~~