Pages

Monday, April 30, 2012

කෙල්ලනි... පරිස්සම් වෙයල්ලා - හෙට මැයි පළවෙනිදා..


අහෝ...! දුකකි, තිතකි, ඉරකි..!


හෙට සකල ලෝක  වාසි කාන්තාවන්ගේ සෝක දිනය ය.
(ටියුබ් ලයිට් නැතිව ඇති මම හිතන්නේ.ටිටුබ් ලයිට් නම් ස්ටාටර් එකට පොදී තට්ටුවක් දාලා බලන්න.ස්ටාටර් එක ගහල ගිහිල්ල නම් සොරිම තමා..)


ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ය, එකම හේතුව හෙට "මැයි පළවෙනිදා" වීමය.


කාන්තාවන්ට සෝක දිනයක් වනවා නම් පුරුස අයටත් ඉෆෙක්ට් එකක් නැති වෙන්නට බැරිය.. ඒ නිසා "මැයි පළවෙනිදා" සැමරීමට සිතා සිටින පුරුෂෝත්තමයන් පොඩි ඉන්සූරන්ස් පාරක් ගැනීම යෙහෙකි...


සකල ලෝක වාසි කාන්තාවන්ට වගේම මැයි පළවෙනිදා වැඩකොරන ජනතාවගේ දවස කියා නම් කර ඇත්තෙහිය.(එහෙම නම් කලේ කවුද කියා නොටියා දන්නේ නැතිය.)


ලංකාව වගේ රටවල් වල සිරාවටම වැඩ කරන ජනතාව මැයි දිනේ සමරුවත් මෙහි (අමුතු ලන්තයේ) එසේ නොවන්නේහිලුය...


ලංකාවේ මැයි දින රැස්වීම් තියනකොට නම් සූ ගලා සෙනගය. ඇගිල්ලක් ගහන්න තියා ඇගිල්ලක් දිහා බලන්නවත් බැරිය..එතරම් සෙනගය.


එත් අමුතු ලන්තයේ නම් සිස්ටම් එක මැයි දින රැස්වීම් තියන ඉස්පොට් වලට බස් වලින් සෙනග අදින්නේහිය.එන උන්ට කෑම පැකට් එකයි ගතමනාවකුයි ලැබෙන්නෙහිය.එතකොට බොන්න වතුර වලට අමතරව බොන ජාතිත් (අරක්කු නෙවෙයි මටත් පැන් කියල ජාතියක්ලු දෙන්නේ.) අම්බානකට ඇත්තෙහිලුය.


ඉතින් කට්ටිය රැස්වීම් වලට යන්නේ විනෝද ගමනක් යනවා වගේය..පුල් අතල් එකේය...


අපේ ලංකාවෙනම් මැයි දින රැස්වීම් වල කතා කරන්නේ සිරාවටම වැඩ කරන, ජනතාව වෙනුවෙන්ම පෙනී සිටින "ජනතා සේවකයෝය."
එත් අමුතු ලන්තේ නම් එයද හාත්පසින්ම වෙනස් ය.


මෙහි එන්නේ ඇමති තුමන්ලා, මන්තිරි තුමන්ලා, අර සහෝදරවරු, මේ සහෝදර වරුය.බෙහෙතකට වත් සොයා ගන්න නැති උන් අම්බානකට ගිරිය පුප්පන් කියවලා කියවලා යනවලුය...ඒ ඇවිත් කියන දේවල් උන්ට වත් තේරෙන්නේ නැතිලුය... 


අපි ලංකාවේ අනන්ත වත් ඔව්වා දැක ඇත්තෙමු.
එහෙත් අමුතු ලන්තේ වගේ මැයි දින මීටිමක් බැලිය යුත්තේමය.ඇග කිලි පොලා යන අස්වාදේ උතුරනවාය.


නොටියත් හෙට අමුතු ලන්තේ සිටින මගේ මිතුරා සමග හෙට අමුතු ලන්තේ රැළියක් නැබරීමට යන්නෙහිය..එහි විස්තරද පාඨක ඔබ වෙනුවෙන් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් දැනට නවතින්නේහිය...


එහෙනම්...!!


26 comments:

  1. අමුතුලන්තෙ මරුනෙ...

    ReplyDelete
  2. අපේ රටේ විතරනෙ නෝටියෝ ඔහොම වෙන්නෙ...:D

    ReplyDelete
    Replies
    1. නෑ.. නෑ... නිසු...
      මෙහෙම වෙන්නේ අමුතු ලන්තේ..
      අපේ සිරි ලංකාව ඇවිල්ලා එළකිරි රටක්නේ

      Delete
    2. නෑ නෑ මං කිව්වෙ කාන්තාවන්ට බය වෙන්න සිද්ද වෙන එක ගැන.සිංහල තියෙන්නෙ මෙහේ විතරනෙ.

      Delete
    3. ආහ්... ඒක මිසක්...
      ඔන්න ඔහොම තේරෙන බසින් කීවානම් ගොඩනේ...

      Delete
  3. මේකනම් අමුතුම ලන්තයක්.....

    ReplyDelete
    Replies
    1. උන්ට හොරෙන් උන් විකිනෙන අමුතු රටක ඒක...

      Delete
  4. ඒ කෑම පැකට් එක දෙන්නේ වැඩකරන ජනතාවගේ කුසගින්න නිවලා මොලේ නව අදහස් වලින් පුරවන්නයි... අමුතු ලන්තේ හරිම ෂෝයි

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා...
      දැනුයි මට කම්පනාවට ආවේ...

      Delete
  5. අපි කාටද දැන් හිනා වෙන්න ඕන........:(

    ReplyDelete
  6. ම්හු... මගේ නම් ස්ටාටරෙත් ගිහිල්ලා වගේ...

    ReplyDelete
    Replies
    1. නිකම් ඉන්න එකේ තට්‍ටුවක් දාල බැලුවොත් නරකද...?

      Delete
    2. බදින්න කලින් නම් මටත් ඔය අසනීපේ තදටම තිබුනා නෝටියෝ.දැන්නම් හොදයි හොදයි වගේ.

      Delete
    3. to: Unknown
      අහෝ දුකකි..!!
      ස්ටාටරේ දැම්ම රී-නිව්‍ කරගන්ඩෝ...

      Delete
    4. to: Sarath
      තට්ටු කරන්න ගෙහුං මට්ටු වෙනවා නෙමෙයි ඔන්න

      Delete
    5. to: Sarath
      ඒ කියන්නේ දන ස්ටාටරේ හොදටම වැඩ.
      එල එල..!
      හිකිස්‌..!

      Delete
  7. මගේ ස්ටාටරේ ගැහිලා ගැහිලා යන්තම් බල්බ්1 පත්තු වුණා.... :D :D
    "මටත් පැන්" හි හී......ඒක නම් නියම අර්ථකතනයක්........ :D

    ~~~**'''දඟ මල්ල'''**~~~

    ReplyDelete
    Replies
    1. දඟ මල්ලත් නෝටි වීගෙන එනවද මන්දා...
      කමක් නෑ එතකොට "නෝටි මල්ල"

      Delete
  8. මගේ නම් ෆියුස් ගිහිල්ලා... :(((

    ReplyDelete
    Replies
    1. අනේ සොරි වෙන්ඩ ඕනි අනු... ෆියුස් දාන්න නම ට්‍රයි කරන්න එපා...
      එතකොට නෝටියා වල් නොතියා කියලා කියාවි.

      Delete
  9. මම දැක්ක ලොකු මාමා බැනර් ගහගෙන සෙනග අදිනවා අපේ පැත්තේ ඉදලා..

    හිකිස්.. "මැයි පලවෙනිදා" කාන්තා දිනය කරන්ට ඕනේ. මොකද එයාල බය නැතිව ඉන්න දවස නොවැ..

    ReplyDelete
    Replies
    1. එයාලා බය නැතුව ඉන්න දවසද..? දුකෙන් ඉන්න දවසද...?
      අද්දැකීම් ඇති උත්තමයෙක් පහදා දෙත්වා...!

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...