Pages

Tuesday, November 1, 2011

ඇයි මම එහෙම කලේ...?



ඔක්තෝබර් මාසයේ අන්තිම ඉරිදා දවස. එදා මම ටිකක් උදේ පාන්දරින් කොළඹ එන්න පිටත් උනේ හදිසි වැඩ වගයක් කර ගන්න තිබුණ නිසා. මම පාරට ඇවිත් ටික වෙලාවක් යනකොට ම ආව අර්ධ සුඛෝපභෝගි බස් එකට නැග්ගේ වාඩි වෙන්න සිටි තිබුණ නිසා. මම වාඩි උනේ ද්විත්ව අසුනක. ෂටර් එක ළගම සිට් එකේ වාඩි උන නිසා මගේ අනිත් පැත්තේ සිට් එක හිස් වෙලයි තිබුනේ. බස් එක කලූතර හරිය පහු කල ගමන් වගේ බස් එකට නැග්ග කෙල්ලෙක් වාඩි උනා මගේ අනිත් පැත්තේ සිට් එකේ.ටික වෙලාවකින් කන්ඞ්ක්ටර් ටිකට් කඩන්න ආවා අර ගර්ල්ගෙන්.

කොහොම හරි ඒ ගර්ල් මොකක් හරි අපහුසුතාවයකින් ඇඹරෙනවා වගේ තේරුණ නිසා මම ඒ ගර්ල් දිහා බැලූවාම ඒ ගර්ල් පන දාගෙන බෑග් එක අවුස්සනවා. බෑග් එක අවුස්සලා අවුස්සලා මේකි කන්ඩක්ටර්ට ටිකට් එකේ සල්ලිත් දුන්නා. මට වැඬේ මීටර් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ... බොලේ කෙල්ල පර්ස් එක අමතක වෙලා ඇවිල්ලා...

දැන් මේකි ඉහින් කනින් දාඩිය දාගෙන කල්පනා කරනවා. ඇත්තටම මට පව් කියලා හිතුනා. ඒත් ඒ ගර්ල්ට උදව්වක්  ඕනිද කියලා අහන්න නෝටිට පුලූවන් කමක් තිබුන්නෑ. ඇත්තම කිව්වෝතින් නෝටිගේ හිතට හයියක් තිබුන්නෑ ඒ ගර්ල් ගෙන් වචනයක් කතා කරලා කරන්න පුලූවන් උදව්වක් කරන්න. ඒ ඇයි කියලා දන්නේ නෑ..ඒත් එතන ගර්ල් කෙනෙක් නැතිව බෝයි කෙනෙක් හිටියා නම් නෝට් උදව් කරලා හැරෙන තැපෑලෙන්.ඒත් ගර්ල් කෙනෙක් නිසා වෙන්න ඇති නෝටිගේ හිත පසුබැස්සා. ඒත් හිතට නිකං මොකක්ද වගේ උදව්වක් කරන්න පුලූවන් කම තියෙද්දිත් නෝටිගේ තියන අහංකාර කම නිසා ඒ උදව්ව කරගන්න බැරි වෙච්ච එක ගැන.

සමහර විට ඒකිටත් තේරෙන්න ඇති මට තේරුම් යන්න ඇති ඒකිට වෙච්ච අලකලංචිය මමත් ගෙස් කලා කියලා. ඒත් ඒකි කොහොමද කටක් ඇරලා ඒක කොහේවත් ඉන්න මට කියන්නේ.කොහොම හරි බස් එක කොළඹට ලං වෙනකොට කන්ඩක්ටර් සීට් එක ලගට ඇවිත් අර ගර්ල්ගෙන් ගත්ත බස් ෆෙයර් එක ආයෙමත් දුන්නා.මෑන්ස්ටත් වැඬේ මීටර් වෙලා. එතකොට ඒකිගේ මුනේ තිබුණේ වචනෙන් විස්තර කරන්න බැරි අහිංසක හිනාවක්. ඇත්තටම මගේ හිතට පුංචි සැනසීමක් ආවා ඒකෙන්. ඒත් හිතේ තිබුණ පසුතැවීම නම් නැති වෙන එකක් නෑ.

සමහර විට ඒ ගර්ල් අයි ටී ෆීල්ඞ් එකේ ජොබ් එකක් කරන ගර්ල් කෙනෙක් වෙන්න ඇති. මොකද අයි ටී ෆර්ම්ස් තියන පැත්තට තමයි ඒ ගර්ල් ගියේ. කොයිම විදියකින් හරි නෝටිගේ බ්ලොගිය ඒ ගර්ල්ට දකින්න ලැබුනොත් පුංචි වචනයක් කියලා ම නවතින්නම්

සමාවෙන්න කෙල්ලේ... ඇත්තටම සමාවෙන්න උදව්වක් කරන්න හොදාකාවම උවමනාව තිබුණත් හිතට කොහේදෝ ඉදලා ආව අහන්කාරකමක් නිසා ඒ අදහස යටපත් උනා.

9 comments:

  1. නෝටී දුක් වෙවී හිතද්දී පෙරහැර ගිහින් ඉවරයි...මොකට ලැජ්ජ වෙනවද ලව් කරන්න අහන්න ගියා නෙමේනෙ...නිකමට ඇහුවා නම්...සමහට විට ඒ ගර්ල් නොර්ටිටත් වඩා ලැජ්ජාවෙන් ඉන්න ඇති කොල්ලෙක්ගෙන් සල්ලි ඉල්ලන්න....

    ReplyDelete
  2. හපෝ නෝටියා...මොන නෝටි වැඩක්ද ඒ.....
    දැන් ඉතිං සමාව ඉල්ලලා වැඩක් නැ‍තෝ.........මම ඔතන හිටියනං මම පැනලා උදව් කරන්නේ...මොනා උණත් කෙල්ල ඒ වෙලාවේ අසරණයි නේ....
    ලජ්ජයි...

    ReplyDelete
  3. oya e welawe man diha balan hitiya wedihata mata baya hituna ane ekai man nokiwe
    shammi kaluthara

    ReplyDelete
  4. @ දිල්
    මොනවා කරන්නද දිල්...

    ReplyDelete
  5. @ ගලයා
    හ්ම්...ඒක නම් ඇත්ත ගලයෝ..මොනවා කොරන්නච ඉතින් ටූ ලේට්.
    ඇත්තටම ඒ කෙල්ල වගේම නෝටියත් අසරණ උනා කිව්වොත් හරි.

    ReplyDelete
  6. @ Anonymous
    අනේ බන් ඇනොනිමසෝ... මාව තම්බන්න උඹ ලග තියන ලුණු ගොරකා මදී බන්...
    I think you'll try to cheat me. you ca....n't do it buddy
    Hiks, :D

    ReplyDelete
  7. මගේ අදහසත් නොටිට එවෙලේ ඒ කෙල්ලට උදව් කරන්න තිබුනා... ඒත් දැන් ඒ ගැන හිතන්න කාලාය නෙමෙයි...

    ReplyDelete
  8. @ Dinesh
    හ්ම්...ගිය නුවණ ඇත්තු 1000 දාලා වත් ඇදලා ගන්න බෑ කියලා කියනවනේ...

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...