Pages

Sunday, November 6, 2011

දෝනියි තාත්තීයි තනිඋනා



දැන් ඉතිං මොනවා කරන්නද නිරාෂා. දැන් ඉතිං පරක්කු වැඩියි...

ඔයාට එදා සුපුන් එක්ක යන්න කලියෙන් ගොඩක් දේවල් හිතන්න තිබුණා. මම ගැන නෙමෙයි අපේ පුංචි කෙලි පොඞ්ඩ ගැන හිතන්න තිබුණා. ඒකි අම්මෙක් නැතිව ජිවිතේ ගොඩනංවා ගන්නේ  කොහොමද කියලා ඔයාට හිතන්න තිබුණා. කවදා හරි ඒකි ලොකු ළමයෙක් වෙච්ච දවසට... කව්ද කෙලිව බලා ගන්නේ....

ඔයාට අමතක වෙන්න ඇති අපි ඉස්කෝලේ යන කාලේ කොයි තරම් නං ආදරෙන් හිටියද. ගෙවල් වලින් අපේ සම්බන්දෙ දැනගෙන මොන තරම් නම් ප‍්‍රශ්ණ ආවත් අපි කොයි තරම් නං ආදරෙන්ද හිටියේ. අන්තිමට ඒ හැම බාධකයක්ම දිනලා දෙමාපියන් සේරගේම ආශිර්වාදේ මැද්දේ එක වහලක් යටට උනේ මොන තරම් නං බලාපොරොත්තු කන්දරාවක් හිතේ පුරවගෙනද....

කෙලි පැටික්කී අපේ ලෝකෙට ආවායින් පස්සේ අපේ ලෝකෙ සතුට කොයි තරම් නං වැඩි උනාද. ඒ අහිංසක මූන දිහා බලාගෙන ඔයා කොහොමද ඒ අහිංසකීව දාලා පැදුරටත් හොරෙන් ගියේ. අපේ පුංචි කුරුලූ කුඩුවේ මොන අඩුවක් සම්පූර්ණ කර ගන්නද ඔයා යන්න ගියේ...

කමක් නෑ... කමක් නෑ ඔයා හොදයි නම්. දෝනිට දෝනිගේ තාත්ති ඉන්නවා.... එතකොට අත්තම්මා ඉන්නවා... එතකොට සීයත් ඉන්නවා... දෝනිට අම්මියෙක් ගේ අඩුව වහන්න බැරි උනාට ගොඩාක් ආදරෙන් දෝනිව ගුණයහපත් නෝනා කෙනෙක් කරන්න තාත්තිටයි සීයටයි අත්තම්මටයි පුලූවන්...

ඒ වගේම තවත් දෙයක්.... 
දෝනිගේ තාත්ති වත් .... දෝනි වත්.... දෝනිවයි තාත්තිවයි දාලා ගිය අම්මිට කවදාවත් ම වෛර කරන්නෑ....ඒත් දෝනි අම්මි ලගට එන්න කැමති වෙන එකක් නෑ කවමදාවත්...


ප/ලි
මේ ලිපිය සම්පූර්ණයෙන්ම නිර්මාණයක් ම පමණයි... ඒත් මේ වගේ සිද්ධින් මේ සමාජයේ කොතෙකුත් නම් වෙනවා ඇත්ද? ඒ වගේ තනිවෙච්චි කෙනෙක්ගේ සිතේ මොන වගේ හැගීම් සමුදායක් ඇත්ද? නෝටිට හිතෙන විදියට ඒ හැගිම් වචන වලට පෙරලූනේ මෙහෙමයි. කොයි තරම් සාර්ථකයිද කියලා දන්නෑ. මොකද මේ වගේ අද්දැකිමක් නෝටි ලබලා නැති නිසා. මොනවා උනත් සාර්ථක අසාර්ථකභාවය ගැන නිර්ණය ඔයාලාට භාරයි...


************************

************************

8 comments:

  1. කූඩුවේ අඩුව පුරවන්න නෙමෙයි...අළුත් කූඩුවක් හදන්න හිතෙන්න ඇති...

    ReplyDelete
  2. ඔය විදියේ හිතක් පපුවක් නැති මිනිස්සු කවදම හරි දවසක ගොඩක් අසරණ වෙනවා... තමන්ට පණ වගේ ආදරේ කරන කෙනෙක්ට ගින්දරක් දුන්නොත් ඒ ගින්දර දෙගුණ වෙලා තමයි පල දෙන්නේ...
    ලස්සනට ලියල තියෙනවා නෝටි.. :D

    ReplyDelete
  3. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    අනේ මංදා.

    ReplyDelete
  4. @ Ice (අයේෂා කුලතුංග)
    ඔයා කිව්ව කතාව හරි අයේෂා... ඔය වගේ හිතක් පපුවක් නැති මිනිස්සුන්ට කවදා හරි දවසක හොද පනිෂ්මන්ට් ලැබෙනවා... මොකද ලෝක පාලන ධර්මයක් කියලා දේකුත් තියනවානේ...

    ReplyDelete
  5. සිතුවිල්ලක්ම පමණක් උනත් මේවා අපි ගඩක් වෙලාවට අහන දකින් දේවල්... මම දන්න ඇත්තම කතාවකුත් තියෙනවා.. මං පස්සේ දවසක බ්ලොග් එකේ දාන්නම්..

    ReplyDelete
  6. @ Dinesh
    අනිවාර්යෙන්ම මචං... මෙව්වට තමයි තිත්ත ඇත්ත කියලා කියන්නේ...
    ඔයාගේ එපිසෝඩ් එකත් දානකල් බලන් ඉන්නවා... ඒකත් ඉක්මනට දාන්නකෝ...

    ReplyDelete
  7. නෝටියෝ..
    මෙව්වා නම් මේ රටට කෙසේ වෙතත් ලෝකයට නම් පොදු සුලබ ප්‍රශ්න.....
    ලස්සනට කතාව ගොතලා තියෙනවා...

    ReplyDelete
  8. @ ගලයා
    හ්ම්.... ඇත්තටම ඒවා ගැන හිතෙනකොට නම් කලකිරෙනවා බන්.ලොකු උන්ගේ වැරදි නිසා හානිය මුකුත් නොදන්න කිරිසප්පයන්ට

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...