Pages

Tuesday, November 22, 2011

කෙල්ලො

නෝටිට ටිකක් ඇදගෙන නාන්න සිතුනිය. අද ටොපික් එක කෙල්ලෝය. හී ගඩු පිපෙන ටොපික් එකක්ය. ඇඩෙනවාය. කදුලූ පිහිදාගෙන මම ලියයිය. උඹලා කියවයිය.


කෙල්ලෝ වනාහි පාරේ යන බස් වැනිය...
(වනාහි යනු වැනෙනවා නොවේය. මොකද කෙල්ලෝ වනන්නේ නැත පද්දනවාය. නෝටියා නැවතත් පාරේ බැස යා යුතු බැවින පද්දන්නේ පස්ස කියලා කියන්නේ නැතය.)


එය නෝටි කියපු කතාවක් නොවෙයිය. අතිතේ පඩිවරු කියපු කතාවක්ය. එහෙත් නෝටිට මෙයිට වඩා පුලූල් විග‍්‍රහයක් දිය හැකිය. එය මෙසේය.

  • කෙල්ලන් පාරේ යන බස් වැනිය. ලංකාවේ බස් වර්ග කිපයක් තියෙයිය. ප‍්‍රයිවට් සහ සිටිබීය. ප‍්‍රයිවටි නං ගොඩක් ඇත්තේය. සීටිබි සාපේක්ෂව ටිකකි.
  • නෝමල් එක. අවුලක් නැතිව ගිය හැකිය. නිතරම දකින් ඇත්තේය
  • අනිත් එක සෙමි ලක්සරි එව්වාය. මේවාත් ගොඩක් ඇත්තේය. අවුලක් ඇත්තේමත් නැත නැත්තේමත් නැත. ඔපය විතරක්ය. දෙයක් ඇත්තේ නැතිය
  • අනිත් එක ඒසීය. කියලා වැඩක් ඇත්තේම නැත්තේය. සෝබනය පමණක්මය. උඩින් ඔපේය... ඒත් යටින් හපේය...පොකැට්ටුවට කෙළම වෙනවය. දන්නෝ දනීය...
  • අනිත් එක සීටීබී බස් ය.. වැඩිය නැත. කියන්නට දෙයක් නැත්තේය... නැත්නම් කියන්නට ඇති දේ කියන්නට නොහැකිය...

වර්ග කිරිම එතනින් ඉවරයිය. තවත් කියන්න ගියොත් නෝටි ඉවරයිය.


කෙල්ලන්ට මොනවාද 64ක් තියනවා කියලා කව්දෝ කියනවා නෝටිට ඇසී ඇත. මොනවාද කියා නෝටියා දන්නේ නැත්තේය. නමුත් මොකෙක් හරි 64 පරිස්සං වෙන්න  ඕනි කියා කියනවාද අසා ඇත්තේය. ඒවා මොනවාද කියලා නොදැන කොහොම පරිස්සං වෙන්නද කියා නෝටි දන්නේ නැතිය.


මොනවා උනත් කෙල්ලන්ගෙන් පරිස්සං විය යුතුය කියලා නෝටිට නෝටිගේ මිතුරෙක්ද කීය. දවසක් ඒකා දෙකක් දාගෙන එනකොට සිගරට් එකක් පත්තු කරන්න ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ඇදපු එකෙක්ගෙන් ගිණිපෙට්ටියක් ඉල්ලා ඇත. ඌට ලැබී ඇත්තේ කනේ පාරක්ය. මගුලකි ඉල්ලා ඇත්තේ කෙල්ලකගෙන්ය. නෝටිට මෙතනදී සාධාරන තරකයක් ඇතිවෙයිය. කෙල්ලොත් කලිසං ෂර්ට් අදිනකොට කොල්ලෝ අදින්න  ඕන අහවල් එක විතරක්ද කියලය.
(අහවල් එක (අහවල් එක ජොකා යයි නොපවසමි.එසේ කලහොත් මෙය 18+ වේය.) ඇද සපත්තු මේස් දමා ටයි එක පමණක් ඇදි බුවෙකු කාරයකින් බහින දර්ශනක් සිතූ කල්හි නෝටිට ඇඩුණීය.) 
ඇදුං ගැන කියන්න ගියොත් තව මේක 18++ වෙයිය.


තවත් කියන්න ගියොත් නෝටි ඉවරෙටම ඉවරයිය.


සමහර කෙල්ලෝ උදේට යනකොට යන්නේ පාට පෙට්ටියේ ඇති පාට සේරම මූනේ උලාගෙනය. ආසාවේ බැරිය. හවස එයින් එකෙක්ව දැක්කොත් බඩ කපන් මැරෙන්න සිතෙයිය.
තවද සමහර කෙල්ලොන්ගේ එව්වා දිගය.තව සමහරුගේ කොටය. තවත් සමහරුන්ගේ කොල්ලොන්ගේ වගේය. නෝටියාට නම් කියන්නේ කොන්ඬේ කෙල්ලෙකට ආභරණයක් කියලය.


තවත් කෙල්ලෝ ගැන ලිව නොහැකිය. ලියලා ඉවර කල නොහැකිය. එසේම තව දුරටත් ලිවොත් මේක ඇඩල්ස් ඔන්ලි වෙනවය. මොනවා උනත් කොල්ලෙක්ට කෙල්ලෙක් නැතිව බැරිය. 
කෙල්ලෙක් නැති ජිවිතේ ලූණු නැති පරිප්පුව වගේය. පරිප්පුව ලූණු නැතිව කෑ නොහැකිය. ලූණු වැඩි උනද කෑ නොහැකිය. ලූණු ගානට තිබුනොත් පමණක් කෑ හැක. 
කැවද එය පරිප්පුවකි..!!


දැන් මේක ලිව්වා ඇතිය. නෝටිගේ පැතුම නං මේ ලිපිය නෝටිච්චිගේ ඇස නොගැටේවා කියලය. දැක්කොත් නෝටියාට සොරි ඩොට් කොම් ය.



චූ බර ගැනද නෝටිට මෙසේ  සිතුණිය.

18 comments:

  1. */ කෙල්ලෝ වනාහි පාරේ යන බස් වැනිය...
    එය නෝටි කියපු කතාවක් නොවෙයිය. අතිතේ පඩිවරු කියපු කතාවක්ය \*
    ඒ කාලේ කොහෙද බං අයියේ බස් තිබුනේ?

    එක එක්කෙනාට තම තමන්ට සාපේක්ෂ ලෙස සමාජය ගැන , කෙල්ලන් ගැන ලිවිය හැක..තමන්ගේ මට්ටම් තම්මට්ටම්ය.:) :) කොහොම නමුත් මේ ඔබේ විග්‍රහයය. එලය.

    මගේ ප්‍රාර්ථනය නම් මෙය නෝටිච්චි අක්කාගේ ඇස ගැටේවා යන්නය.. :P :P

    ReplyDelete
  2. "ගැණු පතන්.බස් නොපතන්"

    අතිතේ පඩිවරු කියපු කතාවක්ය..

    ReplyDelete
  3. එක වෙනසක් නම් ඇතිලුය...
    බස් වලට නගිනකොට නම් කිරි පැණිය...බහිනකොට නම් ලුණු මිරිස්ය....
    කෙල්ලෝ බස් ගැන සිතූ කල,
    නගින්නට අමාරුය බහින්නට ද අමාරුය...(සමහර කෙලි බස් හොඳේ)
    සමහර කෙලි බස් වලට නගින්නට ලේසිය බහින්නට අමාරුය...
    කෙසේ වෙතත් නැගීමේ දී බැසීමේ දී වෙනසක් ඇතිලුය....
    නෝටිච්චිගේ ඇස ගැටෙන්නට එපාලුය...මොනවා උණත් කොල්ලෙක්ගේ දුක කොල්ලෙක්ටම් තේරේවිලුය...
    අයිස් ට නොතේරේලුය.....
    මම නවතිනවලුය...නෝටි බසෙන්ම ලිව්වලුය....හැකැස්

    ReplyDelete
  4. ෂා මසුරං වටින ලිපියක්...!

    ReplyDelete
  5. අපි නම් ඕවා ගැන දන්නේ නැතිය.:)

    "අහවල් එක ඇද සපත්තු මේස් දමා ටයි එක පමණක් ඇදි බුවෙකු කාරයකින් බහින දර්ශනක් සිතූ කල්හි නෝටිට ඇඩුණීය."

    උඹ අඬනවා සිහිවී මටද ඇඬුනේය.

    ReplyDelete
  6. කෙල්ලෝ බස් වගේ නෙමේ බන් බස් ගාස්තුනම් කෙල්ලෝ වගේ..
    ( ඈයි යකෝ අද ඈහෑ දෙන කෙල්ල පහුවෙන්දට මාර ගණන්නේ )

    ReplyDelete
  7. මේක නෝටිච්චි දැකලා නෝටියාට නෙලනවා මතක් වී මටද ඇඬුනේය..

    ReplyDelete
  8. මාගේ පැතුම නෝට්ටිච්චී මේක දැක නෝටියාට හොද පරිප්පුවක් දීමය.....

    ReplyDelete
  9. @ Ice (අයේෂා කුලතුංග)
    ආ....
    උඹලා අපි දන්නැති උනාට ඒ කාලේ බස් තිබුණා...
    කෙල්ලන්ට මඩ ගැසීමට ලියුවක් නොවෙයිය...
    හුදෙක්ම කට කසන නිසා ලියුවකි...

    නෝටිචිචිගේ ඇස නොගැටේවාය....

    ReplyDelete
  10. @ ගලයා
    හප්පට සිරිය...
    විග‍්‍රහය තව දික් කරලාය..
    ඔන්න එලය..
    එල කියන්නේ එලම එලය...

    ReplyDelete
  11. @ ගෝල්ඩ් ෆිෂ්
    තැන්කූ වේවාය...
    අඬේ මචං..
    මම උඹේ අර කතාව කියෙව්වා...
    එළය.. අර යශෝධරා කතාව...

    ReplyDelete
  12. @ Kasun
    ඈහ්...
    මේන් ලේන්සුව... හොටු පිහිදගනින්...
    ඉහි ඉහි ඉහි...

    ReplyDelete
  13. @ Kiri
    ඇත්තෙම්පා
    ඒ කතාවත් ඇත්ත බං...

    ReplyDelete
  14. @ Dinesh
    ඈහ්...
    උඹට හොරර් ෆිල්ම් එකක් බලනවා වගේ තියෙන්න ඇති නේද....
    අනේ ඇත්තෙම්ප....

    ReplyDelete
  15. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    හප්පද බොල... මේන් මේකා නෝටියාට පරිප්පුව සෙට් වෙකම් බලන් ඉන්නවා... පිස්සු බම්ප් වෙනවා කිව්වලූ...

    ReplyDelete
  16. හික්ස්ස්ස්ස්ස්ස්... මේක නෝටිච්චි දකින්නමයි තිබ්බෙ...:D

    ReplyDelete
  17. ලුනු නැති වුනොත් පරිප්පු රස නැතිය එත් අමාරුවෙන් හරි කැමට හැකිය, නමුත් ලුනු වැඩිවුනොතින් කොහොමටවත් කැමට ගත නොහැකිය, එනිසා ලුනු නැතිව තියෙන පරිප්පුව හොඳය..

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...