Pages

Saturday, November 19, 2011

සොදුරු අතීතයේ (රැග් එක & ෆැකල්ටි ලයිෆ් එක)

ෆැකල්ටියේ නෝටිට හිටිය හොදම බොක්කක් තමයි කා. මෑන්ස් ගැන කියනවා නම් කියන්න කතන්දර තියනවා අම්බානකට. මෑන්ස්ට නෝටිගේ මෙව්වා එක ඇස නොගැටේවා කියලා හිතලා ලියනවා කා ගේ කතන්දර ටිකක්...


ඔන්න දවසක් නෝටි, කා ඇන්ඞ් නෝටිගේ බෝඞ්න් සෙට් එක සෙට් උනා කියමුකෝ හීනියට අඩියක් පුඩියක් ගහලා ආතල් එකක් ගන්න. කෝමින් කෝම හරි හීනියට හවස 6ට විතර පටාන් ගත්ත වැඬේ ? 11.30 විතර වෙනකම් තිබුණා...  ඕං ඉතිං අපි පස්දෙනාගේ සොමිය කෝටියයි. කට තෙමා ගත්තට පස්සේ අපේ චූන් අපිට චූන් තමයි. එකෙක් දෙන්නෙක් කබරෙකුත් දාලා වැඩි උන්ව ඇදන් වලටත් දාලා නිදා ගත්තා. ඔන්න ඊලග දවසේ උදේ ලෙකචර්ස් යනකොටත් අපේ කාට නිකං ඩෝප් ඩෝප් වගේ.  ඕං ඉතිං සෙට් එකම හුගක් දවසකට පස්සේ පිටිපස්සේම වාඩි උනා. ඔන්න ලෙක්චර් එකත් යනවා. අපිත් ඉන්නවා. ඔය අතරේ තමයි කා ට චූ බරක් එන්නේ. මෙන්න එක සැරේම මේකා නැගිටලා යනවා. ප්‍රොපාත් නිකං අන්දුං. මේකා ගිහිල්ලා ප්‍රොපාට කියනවා....

එක්ස්සියුස් මී ඩොක්.... ඉස්මනට සූ සූට්ටක් දාලා එන්නම්......... කියලා..


හම්බේ හිනා කාලා පන නෑ. කා  ඕක ඩොකාට කියනකොට ඩොකාගේ එෆ් එම් මයික් එක  ඕන් එකේ තිබිලා තියෙන්නේ...




කතා අංක 2
මේ සීන් එක උනේ අපේ ජුන්නොන්ගේ රැග් එක දෙන කාලේ. ඒ කියන්නේ උංගේ රැුග් එක පටන් ගත්ත 3 වෙනි දවස. උදේ වරුවේ අපේ රැුග තිබ්බේ කැන්ටිං ඒරියා එකේ.  ඕං ඉතිං රැග යනවා මමයි කායි තෙල් බැම්ම ලග ඉදන් සිකුරුටි ජොබ කරනවා.  ඕං ඔය අතරේ එනවා කිව්ව වෙලාවට පරක්කු වෙලා කෙල්ලෝ දෙන්නෙක්. ආයේ ඉතිං ඒ වෙලාවට උන් දෙන්නාට වෙන දේ අහන්න දෙයක් නෑනේ. කතා කලා උන් දෙන්නට.
උන් දෙන්නත් ගැහි ගැහී අහන එව්වට උත්තර දෙනවා. ඔය අතරේ මෙන්න බොලේ අපේ අරින්න රත්තරන් තුමා එනවා (AR)


කාලා වරෙන්කෝ.... ඔන්න අපේ කා ට පහල වෙනවා ගණදෙව් නුවණ. ඌ අර ජන්නියෝ දෙන්නට කියනවා...


තොපි දෙන්නා AR යනකං අපි දෙන්නගේ කෙල්ලෝ දෙන්නා වගේ හිටපන් නැත්තම් තොපි දෙන්නව %#@$%#$@%


ඕං ඉතිං මගේ ළගින් කෙල්ලෙක් ඉන්දේදී අනික් කෙල්ල කා එක්ක කතාව. මමත් අනිත් කෙල්ල එක්ක තෙල් බැම්ම උඩ ඉදන් ඒකි අතේ තියන පොතක් පෙරලන් පොත බලනවා වගේ හිටියා.  ඕං ඒ. ආර් අපිව පහු කරන් ගිය. අරුං දෙන්න ලගින් යනකොට කියන් යනවා...


මේ ළමයි කැම්පස් ආවත් දන්නෑනේ උදේ අව්වේ විටමින් ඞී (Vitamin D) තියනවා කියලා....


අනේ නිදකිං... මුං දෙන්නා තෙල් බැම්ම උඩ වාඩි වෙලා කුඬේ ඉහලගෙන. ඒ ජුන්නිට දාපු කාඞ් එකත් විටමින් ඞී.
(විටම්න් නගෝ උඹ මේක දැක්කොත් තරහා අවසර ඈ...)

14 comments:

  1. මට පොඩි සැකයක් තියෙනවා අර මුල් සීන් එකේ සූ දාන්න ගියේ අයියාවත්ද කියලා...

    ReplyDelete
  2. පට්ට කතා දෙක තුන. අපෙත් රැග් සීසන් එකේ වුණු සෙල්ලම් මතක් වෙනවා. කොහොම නමුත් කැම්පස් ගියා නම් මතක් කරන්න තියෙන එක දෙයක් තමා රැග් එක. සමහරු ඒකෙන් ලෙස්සලා ගිහින් අන්තිමට කියන දෙයක්වත් නැහැ. රැග් වෙද්දී මරනවා වගේ වුණාට පස්සේ කාලේ ඒක මතක් කරන ඒක තරම් ෆන් දෙයක් තියෙනවාද ???

    ReplyDelete
  3. @ prasanna86k
    ඔන්න ඔව්වා තමයි රොන් මඩ කියන්නේ...

    ReplyDelete
  4. @ Hasitha
    අනිවාර්යෙන්ම මචං.ඒ ගැන කියනවා නම් තව පෝස්ට් බර ගානක්ම දාන්න පුලූවන්... අල වෙන උන් ඉතිං අලම තමයි.

    ReplyDelete
  5. මේ දන්නේ නැති නිසා අහන්නේ.. කවුද AR කියන්නේ??

    ReplyDelete
  6. දාපන් බන් දාපන්... :D

    ReplyDelete
  7. නෝටිගේ කැම්පස් කාඩ් එකත් නෝටිම ද? :D

    ReplyDelete
  8. @ තාරක Dilsh@n
    හ්ම්... නෝටිගේ බැජෙක් උන කා ගැන කතන්දර ටිකක් දාන්න හිතාන ඉන්නේ...

    ReplyDelete
  9. @ Ice (අයේෂා කුලතුංග)
    මගේ අම්මියෝ නෑ... නෝටි කියන්නේ නෝටිගේ අරයා දාපු නමක්නේ. දැන් ඒක ගෙදරත් රෙජිස්ටර් වෙලා ඉවරයි..
    ෆැකල්ටියේ කාඩ් එක නම් කියන්නැතෝ...
    හිකිස්...
    ඒක කිවෝත් නෝටි කියන්නේ කවුද කියලා ගොඩක් දෙනෙක් දැනගන්නවා... ඒක දැන්ම නොවිය යුතු දෙයක් අප්පා.. දවසක් ඒවි... නෝටි කාඩ් එකෙනුයි ඇත්ත නාමයෙනුයි කරලියට එනවා...

    ReplyDelete
  10. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    හික් හික් හික් ....

    ReplyDelete
  11. මම ඒ දවස එනක්ං මග බලාගෙන..
    ඇත්ත නමකින් එනකං
    නෝටියා කැලණි යුනියේ..
    තෙල් බැම්ම

    ReplyDelete
  12. @ ගලයා
    හිකිස්...
    නෝටියාට ඇත්ත නමින් ඉක්මනට එන්න පුලූවන් වෙයි වගේ..
    නෑ බොල කැළණියේ නෙමෙයි...

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...