Pages

Thursday, November 24, 2011

මාරයාගේ හෝරාව - ස්තූතියි


ඒ අතීතය

නෝටියා වෙච්ච මම හැමදාම එක එක විකාර ලියනවා. ලියනවා වගේම කියවනවා. අද නෝටිට ගොඩක් හිතට වැදුන ලිපියක් කියවන්න පුලූවන් උනා. ඒ අපි කවුරුත් දන්න මාරයාගේ අපේත් කතාවක් ඇත කියන පෝස්ට් එක. නෝටියාගේ තියන ලෙඩක් තමයි බ්ලොග් කියෙව්වට එව්වට කමෙන්ට් කරන්නැති එක. එහෙම කරන්නේ හිතලා මතලා නෙමෙයි. හුගක් වෙලාවට ඒ ලිපි කියෙව්වාම එන හැගීම වචන වලට හරවන්න බැරි නිසා.

ඒත් අර මම කලින් කිව්ව මාර අයියාගේ අපෙත් කතාවක් ඇත කියන පෝස්ට් එක කියෙව්වායින් පස්සේ නෝටිටත් ගොඩාරියක් දේවල් මතක් උනා. නෝටි මාර අයියාටත් ස්තූති කරන ගමන්ම නෝටිත් අතීතයක් ගැන ලියනවා. ඒ හුදෙක්ම නෝටිගේ අතීතාවර්ජනයට විතරයි. මොකද කියවන අයට බෝරින් වෙයිද දන්නැ.

නෝටි මේ ලෝකෙට එන්නේ මීට අවුරුදු 24 මාස 09 කට කලින් පෙබරවාරි 10 වෙනිදා දවසක. ඒත් නෝටිට මතක තියෙන්නේ නෝටිට මොන්ටිසෝරි යන කාලේ වගේ මතකයන් විතරයි. ඒ කාලේ නෝටිලාට ගෙයක් තිබුනේ නෑ. නෝටි හිටියේ අත්තම්මලෑ ගෙදර. ගෙදර කිව්වත් ඇත්තටම ගෙදර නෙමෙයි.  ඒ ගෙදර එක කාමරේක. නෝටියි නෝටිගේ අම්මි තාත්ති.... අපි තුන්දෙනාම හිටියේ ඒ පුංචි කාමරේ. අපි තුන්දෙනා විතරක් නෙමෙයි.... අල්මාරිය... කණ්නාඩිමේසේ... ටවල් රැුක්... පුංචි ටේබල් එකක්... ඇයි අපි තුන්දෙනා නිදා ගත්තු ඩබල් ඇද... මේ ඔක්කෝම තිබුනේ මේ කාමරේ... ඉතින් අපිට කාමරේ ඇතුලේ හැරෙන්න වත් ඉඩක් තිබුනේ නැ. අපිට ඒ කාමරේට කොටු වෙන්න උනා. අපිට ඒ කාමරේට කොටු වෙන්න උනේ නැන්නදම්මා ලේලි වලි නිසා. වලි කිව්වට ඒවා වලි නෙමෙයි. ඒක පාර්ශවික වලි. මොකද අත්තම්මා අම්මිට පලූ යන්න බනිනවා. අම්මි කට පියන් ඉන්නවා. ඒත් අම්මි ඒ හැම දෙයක්ම ඉවසන් ඉන්නවා. නොටිට තේරුමක් නෑ... නෝටි පොඩි එකා. නෝටි කරන්නේ අඩන එක. මොන තරම් වලි තිබුණත් නෝටිව බලා ගත්තේ අත්තම්මා දවල් කාලේ. මොකද නෝටිගේ අම්මි වැඩට යන නිසා. සෞඛ්‍ය දෙපාර්ථමේන්තුවේ. මාතර. අම්මි උදේ පාන්දර 3ට විතර යන්නේ. ඉතින් මාව බලා ගන්නේ අත්තම්මලා. (අම්මි කලූතරට මාරුවක් අරන් ආවම නම් අම්මිට ටිකක් නිදහස තිබූණා...)

කොහොම හරි නෝටිගේ අම්මිට ගොඩාක් වෙනස්කම් කලා අත්තම්මලා. ඒත් ඒ හැම දෙයක්ම අම්මි ඉවසන් හිටියා මම නිසා. අම්මිට ඒවා ඉවසන් ඉන්න ලොකු හයියකුත් තිබුණා. මොකද කියනවා නම් අම්මි උස්මහත් උනේ දෙමාපියන් නැතිව. නෝටිගේ අම්මිගේ අම්මිලා නැති වෙලා තියෙන්නේ අම්මිලා පුංචි කාලේදිම.අම්මියි මාමියි හැදුනේ පුංචි අම්මලා ලග. ඉතින් අපේ අම්මිට ඉවසිම කියන එක  ඕනවාටත් වඩා තියනවා. අර මම කලින් කිව්ව නැන්දම්මා ලේලි ගැටුම් නිසා අම්මි ගොඩක් දුක් වින්දා. මමත් ගොඩක් දුක් වින්දා. සමහර දවස් වලට අම්මි කන්න කෑම පවා තිබිලා නෑ. ඔය ගොඩාක් හේතු නිසා තාත්ති රට ඉදන් ආවාම අපි වෙනම පුංචි කුස්සි කැල්ලක් හැදුවා.එදායින් පස්සේ අම්මි හැමදාම වැඩට ගිහින් ඇවිත් උයලා අපි දෙන්නා කාලා අර පුංචි කාමරේට වෙලා නිදා ගන්නවා.

අපේ තාත්තිට කවදාවත් පුලූවන් කමක් තිබුන්නෑ නැන්දම්මා ලේලි ගැටුමට මැදිහත් වෙන්න. ඒ හේතුව නම් නෝටිට තාම තේරෙන්නෑ. තාත්ති වැඩිමලා 6 දෙනෙකුගේ පවුලේ. තාත්තී රට ඉදන් ආවාම අපි පුංචි ඉඩමක් ගත්තා පර්චස් 9ක. ඒක අරන්දාලා තාත්ති ආයෙම රට ගියා. අම්මි කලේ අවුරුදු 4 ලෝන් එක ගත්ත එක ඩිපාට්මන්ට් එකෙන්. ඒ ලෝන් එක ඇරන් තමයි අපිට තියන එකම භෞතික වතකමේ අපි දැන් ඉන්න ගේ හදන්න පටන් ගත්තේ. නෝටිව කාමරේකට විතරක් හිර කරලා තියන්න බැරි නිසා තමයි අපි අපේ අලූත් ගෙයි යට තට්ටුව විතරක් ඉන්න පුලූවන් විදියට හදාගෙන පදිංචියට ආවේ. එතකොට නෝටි ඉස්කෝලේ 6 වසර විතර ඇති. නෝටිට ගොඩාක් ලොකු නිදහසක් දැනුනේ අපේ අලූත් ගෙදර පදිංචියට ආවට පස්සේ තමයි. ඇත්තම කිවොත් අතපය දිහ ඇරලා නිදා ගත්තේ ඊට පස්සේ. තාත්ති ලංකාවට එන්නත් කලින්ම අපි අලූත් ගෙදර පදිංචියට ආවේ ඒ නිදහස නෝටිට ලබා දෙන්න නෝටිගේ අම්මිට  ඕනි උන නිසා.

කෝමහරි නෝටි අම්මි තාත්ති නිසා හොදට ඉගන ගත්තා. උසස් පෙලත් පාස් වෙලා අයි ටි වලින් ෆැකල්ටි සිලෙක්ට් උනා. කැම්පස් ඉන්න කාලේ තාත්ති කරපු බිස්නස් එකේ පාඩු වෙන්න පටන් ගත්තේ නොහිතපු විදියට. සෑහෙන්න දියුණුවකට ආව අපේ පවුලට ඒක ලොකු පහරක් උනා. මිලියන ගානක පාඩුවක් උනා 2007. ඒ පාඩු පියවන්න ගොඩාක් වෙහෙසෙන්න උනා. ඒ හේතුව නිසා තාත්ති ආයේම රට ගියා. මේ වෙනකොටත් තාත්ති ලංකාවෙන් පිට. මේ හැම දෙයක්ම වෙනකොට නෑදෑයෝ කියන කට්ටිය අපිව දාලා ගියා. අපි තනි උනා. තාත්තිගේ පවුලේ 6ක් ඉදලත් අපි තනි උනා. ඒ වෙලාවේ අපේ තනියට හිටියේ නැන්දි විතරයි.තාත්තිගේ නංගි. එයා අම්ිමිට ඉස්සර මොන තරම් වෙනස්කම් කලත් එයා අපිට ගොඩක් හිතවත් උනා. එයා බැංකු මැනේජර් කෙනෙක් උනා කියලා කවදාවත් ලොකුකම් පෙන්නුවේ නෑ... අපිට පිහිට උනා. ඇත්තටම නෝටිට නෝටිගේ දෙවනි අම්මි තමයි නැන්දි. නෝටිගේ ලොකු හීනයක් තමයි කවදා හරි එයාලට බැරි වෙච්ච දවසක... ඒ කියන්නේ නැන්දියි මාමියි ගොඩක් වයසට ගිය දවසට නෝටිගේ අම්මි තාත්ති වගේ ඒ දෙන්නාවත් බලා ගන්න එක. මම හොස්ටල් එකේ ඉන්නකොට අම්මිගේ තනියට නැන්දි තමයි ඇවිත් හිටියේ ගෙදර. සති අන්තේ මම ගෙදර ආවාම නැන්දි යනවා අත්තම්මලාගේ ගෙදර.

අද නැන්දි ඉන්නේ අපිත් එක්ක.අපේම ගෙදර. නැන්දි ගිය අවුරුද්දේ තමයි මැරි කලේ. එදා ඉදන් එයා අපේ ගෙදර තමයි පදිංචියි. මේ වෙනකොට අපේ පවුල තමයි අම්මි තාත්ති මාමි නැන්දි මම. අපේ පුංචි පවුල. මේවා ලියනකොට නෝටිගේ ඇස් තෙත් වෙනවා වගේ තේරෙන්නේ ඇයිද කියලා නෝටිට තේරෙන්නෑ.

මොන ප‍්‍රශ්නේ තිබුණත් නෝටිගේ අම්මි තාත්ති වගේම විශේෂයෙන්ම නැන්දි නෝටිට උගන්වන්න ගොඩක් දුක් වින්දා. ඒ තුන්දෙනා ගොඩක් දුක් වින්දා. නෝටිගේ ඇගේ දුවන හැම ලේ බිංදුවක්ම අම්මිට තාත්තිට නැන්දිට ණයයි. හැම ලේ බිංදුවක්ම. නෝටිට පුලූවන් කම ලැබුණා එයාලාගේ බලාපොරොත්තුව වෙච්ච නෝටිට හොද අධ්‍යාපණයක් ලබා දීමේ හීනේ හැබෑ කරන්න පුලූවන් වෙච්ච එක ගැන. ඒත් නෝටිට ඒක මදි එයාලාගේ ණය ගෙවන්න. ආත්ම 100ක් ඉපදුනත් මදි.

නෝටි හැම වෙලාවෙම පතන එක දෙයක් තියනවා... ඒ තමයි නෝටිගේ අම්මි (සීතා) තාත්ති (සුනිල්) හැම ආත්මෙකම නෝටිගේ වෙලාම ඉපදෙන්න කියලා වගේම නැන්දි (දමයන්ති)... නැන්දිත් මගේම නැන්දි වෙලාම ඉපදෙන්න කියලා. ඒ වගේම ඒ ආත්මගත පැුතුමට ලගදී තවත් කෙනෙක් එකතු උනානේ. ඒ තමයි නෝටිච්චි (රුවන්ති)...

ඔන්න ඔය විදියට නෝටිට අතීතය ගැන අකුරු කෙරුණා. ගොඩක් කෙටියෙන්. ඒ වගේම නෝටිගේ අම්මි තාත්ති නැන්දි ඒ වගේම නෝටිච්චි ගැනත් වෙන වෙනම ලියනවා.

අවසාන වශයෙන් මාරයා අයියේ... උඹ නිසා මේ මොහොතේ නෝටිට ඒ දුක් වින්ද අතීතේ මතක් උනා. ඇත්තටම උඹට ගොඩක් ස්තූතියි බන්.

17 comments:

  1. හ්ම්.. දුක හිතුණා.. ඒත් ජීවිතේ හැමදාම දුක් වෙවී ඉන්න වෙන්නෙත් නෑනේ... ඒ නිසා දැන් නෝටි අයියා සතුටෙන් ඇති කියල හිතනවා.. :) :)

    **/අපේ තාත්තිට කවදාවත් පුලූවන් කමක් තිබුන්නෑ නැන්දම්මා ලේලි ගැටුමට මැදිහත් වෙන්න. ඒ හේතුව නම් නෝටිට තාම තේරෙන්නෑ.\**

    මට හිතෙන හැටියට දෙයක් කියන්නම්.. ඔය නැන්දම්මා - ලේලි ගැටුමේදී වැඩියෙන්ම අසරණවෙන්නේ පිරිමියා කියලයි මන් හිතන්නේ.. කාගේ පැත්ත ගත්තත් වැරදිනේ .. ඒ නිසා නෝටිගේ තාත්ති පවු..

    ReplyDelete
  2. ජීවිතේ ඔහොම තමයි නෝටි.. දුක් විඳින්න දුක් විඳින්න මුවහත් වෙනවා වැඩී..

    ReplyDelete
  3. ඇත්තමයි මාරේ අයියගේ පෝස්ට් එක මාමත් මගේ අතීටෙට අරන් ගියා... මගෙත් පුන්චි කාලේ මේ වගේ තමයි නෝටියෝ...

    ReplyDelete
  4. ජිවිතේ ගොඩාක් දුක් ගොඩාක් කියන එක මමත් පිලිගන්නවා.. ඔන්න හැබැයි ආයේත් බ්ලොග් ‍ෆිල්ඩ් එකේ කාලයක් තමන්ගේ ආදර කතාව කියන ට්‍රේන්ඩ් එකක් හැදුනා වගේම තමන් විදපු දුක කියන විදිහේ ට්‍රෙන්ඩ් එකක් හැදෙනවාද මන්දා... මම තව බ්ලොග් කිහිපයක දැක්කා... ඔන්න දේවා නම් ඒවා කියවන්න කැමතියි... ඒවාගෙන් ගන්න පාඩම් ගොඩායි අපිට

    ReplyDelete
  5. දුක ලඟ සැප කිව්වලු නෝටියා..ගනං ගන්නට එපා....ජය ....

    ReplyDelete
  6. ubata dan aurudu 26 k witara wenawa neda?

    ReplyDelete
  7. අතීතය මතක එකාට වර්තමානය සුන්දරයි නෝටියෝ... කට්ට කාපු එකා තමා මස් වල රහ දන්නේ !!!

    ReplyDelete
  8. @ Weni
    අනිවාර්යෙන්ම සහෝ...

    ReplyDelete
  9. ම්ම්ම්ම්ම්ම්.මදයි මෙහාට අඅවෙ..කවුද මේ නෝටියා බලන්න...:)

    දුක හිතුනා...මොනා වුනත් දැන් වෙද්දි නෝටි අයියා ජීවිතේ හුගාක් දිනලානෙ ඉන්නෙ. ඉතිරිටික දිනාගන්නත් ජය ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
  10. @ Ice (අයේෂා කුලතුංග)
    හ්ම්.. දැන් ගොඩාරියක් සතුටෙන්... ඒ දේවල් මතක් වෙනකොටත් හරිම පුදුමයි...

    ReplyDelete
  11. @ Dinesh
    අනිවාර්යෙන්ම මචං...

    ReplyDelete
  12. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    අතීතය මත වර්ථමානය ශක්තිමත්ව ගොඩනැගිලා තියනවා...

    ReplyDelete
  13. @ Chathuranga Perera
    අනිවාර්යෙන්ම මචං...

    ReplyDelete
  14. @ කතන්දර Kathandara
    තැන්කූ කතන්දර..

    ReplyDelete
  15. @ හිතුවක්කාරි
    සාදරයෙන් පිලිගන්නවා නෝටියාගේ අලකලංචියට...
    ඔව් නංගා... ඇත්තටම දැන් ඒ අතිතය මතක් වෙනකො හීනයක් වගේ....

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...