Pages

Saturday, March 17, 2012

විශ්මි - 03 (මෙන්න මේකි ගේමට බැහැල...)

විශ්මි හෙවත් සදලතා. ඇයගේ අහිංසක පැතුමක අන්දරය.. |සමහර විට කාගේ හරි කතාවක්..
මුල් එපිසෝඩ් එක, දෙවෙනි එපිසෝඩ් එක,  කියවපු නැති අය කියවල බලන්නකෝ.. 



මගුල් ගෙදර සැබෑ අසිරිය මතු වෙනකොට නිකන් කටට කෙලත් උනනවා අප්පා..අයෙ හොදි ඕන්නෑ. හත් ඉලව්වේ මගුලට කලින් දවසේ රැ ඉදන් මනමාලිව අන්දන්න ආව ඉටිකිරිස්‌ අම්මණ්ඩි ඩොම්පියට රජ ගේමක් දීල මුනේ තියන පැච් වහල ගත්තාම නම් නිකං මල්මද බිසෝගේ නගා වගේ..

මොකා වගේ උනත් වගේ මොකද.යකඩෝ මේ බිනුව සොයපු මල්මද බිසෝ ඇහැකින් දැක්කේ නැහැනේ එක්කන් අවට පස්සේ...

සික්... නොදෝමකින් කියල හිතෙනවා අප්පා.... හතර වටේටම ඇන්ටනාව දැම්මත් සිග්නල් එකක් වටෙන්නති හැටි...

හරිම කුජීතයි අප්පා... කිසිම කික් එකක් නෑ...

කිරි අප්පට කළු දොදොල් කිව්වලු... මෙන්න බොලේ මල් මදි බිසෝ... නෑ නෑ... මල්මද බිසෝ එනවා තවත් ඉටිකිරිසි ගැටිස්සියෝ දෙන්නෙක් එක්ක... මෙහෙම ඉදල හරියන්නෑ...  දාපන් බිනු ටෝක...





Hi binu... howdy...!!
හප්පද බොල... මෙන්න මෙකි බිනුට කලින් ගේමට බැහැල... දීපන් පුතෝ රම්පිට පොරි හැලෙන්න....

Hi..! Hi..!! Good. not bad..
දන්න දෙමලෙන්ම දුන්න කියමුකෝ...

කොහොමද... නෑදෑයෝ එක්ක හොදට එන්ජෝයි කලාද..? මේ තමයි මගේ හොදම යාළුවො දෙන්න... නිමා, සජී...


එතකොට මෙයා බිනු..!! (ලස්සනට කාඩ් වැලදුව අයෙ හෝදන්න දෙයක් නෑ..)


මෙකි මගුලක් කතා කරනවා..එන්ජෝයි කෙසේ වෙතත් මේ මගුල ඉවර වෙන්නේ කොයි වෙළෙද කියල මම බලන හිටියේ... මොනවා නැතත් මෙකි මැනර්ස් ද මොකක්ද එක දන්නවා... කියන්නත් කලින් යාලුවෝ දෙන්න අදුන්වල දුන්නා.

ෂා..හ්..!!! එන්ජෝයි කල කියන්නේ පිස්සු හැදිලා අයෙත් හැදෙනවා...
අනේ මගේ කට.

ටිකෙන් ටික කාලේ ගෙවිල යනවා කියමුකෝ... බිනුවා... සදා.. කතාව බරටම නැගලා යන අතරේ සදාගේ යාළුවා කියපු කතාවකින් තමයි බිනුවා කවදාවත් නොහිතපු පැත්තට කතාව දෝලනය උනේ...

මචං නිමා... බිනු අපේ සදාට ක්‍රෂ් වගේ...

අප්පට සිරි... ඒ කතාව ඇහුනා විතරයි සදා අතේ තිබුන බිම විදිරුවත් එතනම දමල ගහල දුවන් ගියේ... යකෝ නිකං කරකවලා අතාරියා වගේ... එත් එක්කම හුටස්‌ ගාලා ඒකීය යාලුවෝ දෙන්නත් එකී පස්සෙන් ගියා කියහංකෝ.

මුන් ටික කොහෙට චුත උනාද... කන වෙලාවත් ලං වෙලා...එත මුන් ටික නෑ... ඔන්න ටික වෙලාවක් යනකොට නිමා කියල හදුන්වල දුන්න කෙල්ල එනවා මූණ මාලගේ කරගෙන.

බිනු... අපි චුට්ටක් කතා කරමුද...?

පොඩ්ඩක් මොකද... කතා කරමුකෝ ගමකට...

විහිලු නෙමෙයි බිනු...

හරි.. හරී... කියන්නකෝ.... කෝ  සදා...

සදා ගෙදර බිනු... එයා ගැන තමයි කතා කරන්න ඕනි...

එයා... ගැන...

බිනු... ඔය ඇත්තටම සදා ගැන...

නෑ... නෑ... නිමා.... !!

හරි එහෙනම් මම කතාවක් කියන්නම්...

බිනු...
දැන් නිමාගේ වයස අවුරුදු 23.එයාට සම්පත් කියල බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා බිනු.. එත් සම්පත් ගේ ගෙදරින් පොඩි අවුලක් වෙලා සම්පත්ට සදාට කතා බහ කරන්න ලැබුනේ නෑ. ඒක සදාට ගොඩක් ඉෆෙකට් උනා... සදා හිතුවේ සම්පත් සදාට බූට්‌ තිබ්බ කියලා... 


එයාට  ඒක දරා ගන්න බැරි උනා...


ඔව්...
මට ඒක දරාගන්න බැරි උනා...
කතාව යන අතර සදා ලගට එනකම්ම දැනුන්නෑ කියහන්කෝ... ඇතිනේ ටොපිය...

ඉන්න නිමා මම ම බිනුට කියන්නම්...
මොනාද බොල මුන් මේ කියවන්න වැලි කන්නේ..

(සදාගේ කතාව සදාගේ වචනේන්න්ම)
ඔව් බිනු මට ඒක දර ගන්න බැරි උනා.මට පුදුම බයක් දැනුනා, දරා ගන්න බැරි කේන්තියක් ආව.. හැම නිතරම කේන්ති ගියා.. දරා ගෙන ඉන්න බැරිම තැන මම තීරණේ කළා සිය දිවි නසා ගන්න... 


මොකක්...!! ඔයාට පිස්සු හැදිලද...?


ඔව් බිනු... මට පිස්සු... මට පිස්සු... මම කතාව කියලා ඉවර වෙනකම් ඉන්නකෝ බිනු...


හරි. හරි... මම ඔයාට දිස්ටර්බ් කරන්නෑ... ඔය දිගටම කියන්න..


මට දරාගෙන ඉන්න බැරි තැන මම පැරසිටමොල්ට් පෙති 25 බිව්වා.. ඔව් 25 බිව්වා...
එත්...!
එත්.....!! 
මම බල පොරොත්තු උන දේ සිද්ද උනේ නෑ බිනු.. මාව බේරුනා.... හොස්පිටල් ඒකෙන හොද වෙලා ගෙදර අවට පස්සේ මාව අයෙත් කොළඹ හොස්පිටල් එකේ මානසික වාට්ටුවට දැම්මා බිනු... මට ගොඩක් එව්වා මතක නෑ... ඒකෙ මාස දෙකක් විතර හිටියා... එත් සම්පත් ඒක දවසක් වත් ආවේ නෑ මාව බලන්න... කොහොම හරි මම එහේ එලා එනකොට සම්පත්ව අමතක කළා...


මම දැන් හරිම නිදහසේ ඉන්නවා බිනු... එත් කවමදක වත් මම මගේ ජීවිතේට පිරිමියෙක්ව ගන්නෑ බිනු.... එත් ඔයා තමයි මගේ එකම පිරිමි යාළුවා...


ඔය දේවල් දැන් අපි අමතක කරලා දාමු සදා...
බිනු එහෙම කිව්වට බිනුගේ හිත ගොඩක් කලබල වෙලා තිබුනේ. ඒ කලබලේ අතරින් බිනුට හිතුනේ එකම දේයයි... ඒ සදාගේ අම්මා එක්ක සදාගේ තත්වය ගැන කතා කරන්න... අවසන් වසරේ වෙද සිසුවෙක් උන බිනුට ඒක නිතතින්ම් හැගුන දෙයක්...

බිනු ඒ තීරණේ ක්‍රියාත්මක කළා... මගුල් ගෙදර වැඩ ඉවර උන ගමන්ම කලේ බිනු සදාගේ අම්ම එක්ක කතා කල ඒක...

සදාගේ අම්මගේ කතාව.


පුතේ...
සදාගේ තාත්තා නරක මනුස්සයෙක් නෙවෙයි.. එත් හැම දෙයක්ම කණපිට පෙරලුනේ සදා ඉස්කෝලේ 2 වසරේදී වගේ.. සදාලගේ තාත්තා වැඩ කරපු කොම්පැනියේ මොකක්දෝ හේතුවකට එයාව රස්සාවෙන් දොට්ට දැම්ම...


එදා ඉදන් එයා බොන්න පුරුදු උනා... නරක යාලුවෝ ආස්සරේට වැටුනා.. ගෙදර ගැන පොඩ්ඩක් වත් බැලුවේ නෑ...කොටින්ම කියනවා නම් ගෙදර සේරම වියදම් පිරිමහුවේ මම.


සදාලගේ තාත්තා එන්න එන්නම නපුරු උනා...අඩ දබර නිතරම උනා පුතේ... පොඩි එකී හරිම බයෙන් කාලේ ගෙව්වේ.එයා බිල ඇවිල්ල හොදටම තඩි බානවා.ඉවරයක්‌ නෑ...


දවසක් සදා ටි.වී. බල බල ඉන්න කොට සදලගේ තාත්තා බීගෙන ඇවිත් සදාට ගැහුවා...එදා තමයි සදාගේ ඉවසීම නැති උනේ... සදා ටි.වී. ඒක පොලවේ ගැහුවා... එතකොට සදාගේ අප්පා කෑගැහුවා "මම තෝව මරණව යකෝ..." කියල... එතකොට සදා ඉස්කෝලේ 10 වසරේ වගේ..


එදාම මම සදාව සදාගේ නැන්දලගේ ගෙදර නැවැත්තුව...උසස් පෙළ විබාගේ කරලා ඉවරවෙලා තමයි ගෙදර එක්කන් ආවේ... ඊට ටික කාලෙකට පස්සේ තමයි පුතේ අර සිද්දිය උනේ...
මට තේරෙන්නෑ පුතේ මොනවා කරන්නද කියලා...


කදුළු අතරින් සදාගේ අම්ම කතාව කියලා ඉවර කලාම බිනුට තේරුනා සදාට මෙහෙම උනී අයෙ කියලා සදාගේ අම්මට කියලා දුන්නොත් හොදයි කියල..අනගත මානසික වෛදය වරයෙක් වන බිනුට ඒක අමාරු දෙයක් උනේ නෑ...

අම්මේ.. අම්ම මේ ගැන හිත කලබල කරගන්න ඕනි නෑ... මම කියලා දෙන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා...


පුංචි කලේ සදාගේ තාත්තගේ දරුණු හැසිරීම සදාට මානසිකවැ ගොදක්බලපාල තියනවා..ඒ වගේම සදාට තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන්න ඕනි සෙනහස්‌ රැකවරණය නෑ කියාලා සදාගේ හිතට තදින්ම කෑ වැදිලා තියනවා...


ඒක නිසා සදා පොඩි කාලේ ඉදන්ම හැදිලා තියෙන්නේ හුදෙකලාව, ආතතිය, බිය, පිරුන පරිසරයක.එනිසා තමයි සදාට එහෙම තත්වෙකට ගොදුරු වෙන්න උනේ... දැන් අම්මලට කරන්න තියෙන්නේ සදාව ගොඩක් ආදරෙන් රැකබල ගන්න ඒක.


සදාගේ අම්මත් එක්ක කතා කරලා ඉවර වෙනකොටම වගේ සදගේ යාළුවා නිමා එක්ක බිනු කතාවට වැටෙද්දී සදාගේ අම්ම තේ එකක් හදාගෙන එන්නම් කියල ඇතුලට ගිය....

කොහොමද ඉතින්... මොකද මේ පැත්තේ..? ගමේ ගියේ නැද්ද තාම...

අද හවස යනවා නිමා... සදුදා කැම්පස් යන්නත් ඕන නේ... ඔයාලා ඔයාලගේ යාළුවව හොදට බලා ගන්නද්ද...?


අනේ මන්ද බිනු.... අපිට හිතා ගන්න බෑ.... මොකක්ද බිනු සදාට වෙලා තියෙන්නේ...ඇයි සදාට එහෙම උනේ...


මෙහෙමයි නිමා...
ඕනම කෙනෙක්ගේ පුන්චි කාලේ මොලයේ වැඩිමට බලපාන සාදකයක් තමයි ආදරණීය හැගීම වලින් තොර උන කටුක කර්කශ පරිසරයක ජීවත් වෙන ඒක. එහෙම පරිසරයක හදුනා කෙනෙක්ගේ පෞරශයට ගොඩක් හානිදායක වෙන බව සොයාගෙන තියනව...
ඒ කියන්නේ එහෙම කෙනෙක් අදික කෝපය,තරහ, දරාගැනීමේ ශක්තිය අඩු කෙනෙක්.


ඔන්න ඕක තමයි තත්වය නිමා... සදා ගොදුරු වෙලා තිබුනෙත් අන්න ඒ තත්වෙට...


තැන්කු... දොස්තර මහත්තයෝ තේරුම කරලා දුන්නට...කවද හරි මමත් අසනීප උන දවසට බෙහෙත් දෙනවද...?


අනිවා බෙහෙත් දෙනවා... එත් මම නම් ප්‍රර්ථනා කරන්නේ කාටවත් මගෙන් බෙහෙත් ගන්න නොලැබේව කියන ඒක තමයි...


ආ.... ඒ මොකද ඒ... ඔයා පශු වෛදය කෙනෙක්ද...?
මේකිව කොටියම කාපියකෝ නේද...? කියන කැත කතා...

නෑ.... මම මානසික වෛදය..! මගෙනම් ආසාව, පැතුම, මේ රටේ ලෝකේ, මිනිස්සුන්ට කවමදක වත් මානසික වෛදයවරයෙක් ලගට යන්න නොලැබේවා කියල නිමා....!!






විශ්මි හෙවත් සදලතා. ඇයගේ අහිංසක පැතුමක අන්දරය.. |සමහර විට කාගේ හරි කතාවක්..  
මේ විදියට නැවතීමේ තිත තියනවා.


එත් හිතන්න දෙයක් ඉතුරු කරනවා... 
කොතනද වරද තියෙන්නේ...?


1) සදාගේ තත්තගේද...?
2) නැත්නම් අරක්කු වලද...?
3) නරක මිතුරන් අශ්‍රයේද?
4) එහෙමත් නැත්නම් සදා කොල්ලෙක් එක්ක යාලු වෙච්ච එකේද...?


ළමා කාලය ඕනෑම කෙනෙක්ගේ කැඩපත... ඒ නිසා දරුවාට දැනෙන්න ආදරය කරන්න...






========================================================== 
තවත් "සමහර විට කාගේ හරි කතාව" කින් හමුවෙනකන් ආයුබෝවන්.!
========================================================== 



12 comments:

  1. කාගේ වැ‍රැද්ද උනත් අහිංසක අරක්කු වලට නං මොකුත් කියන්න එපා....

    ReplyDelete
    Replies
    1. පික්සු හැදෙයි..!
      අනිවා...

      Delete
  2. මේ සිරාවටම උඹ සදාට ට්‍රයි නේ....

    ReplyDelete
  3. හ්ම්ම්ම්.... ලස්සන කතාව.. ඉතින් ඉවරද? ආයෙත් කතාවක් ලියන්ඩෝ....

    ReplyDelete
    Replies
    1. තැන්කු... ශානියෝ....
      ඉවරයක්‌ නැති නිමාවක්...!!

      Delete
  4. ) සදාගේ තත්තගේද...?
    2) නැත්නම් අරක්කු වලද...?
    3) නරක මිතුරන් අශ්‍රයේද?

    කියන තුනේ ම තමයි සහෝ... හැමදේම එක හා සමාන විදියට බලපෑම් කරලා තියෙනවා! කතාවකින් කියලා තියෙනවා ලස්සනට ඒ දේවල්. ඵල!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ලහිරු.
      ඔය සාදක තුන වගේම දෙමාපියන් දරුවන්ට පුංචි කාලයේ දක්වන ආදරය සෙනෙහස කියන සාධකත් බලපානවා...

      Delete
  5. අප්පා....හිතුවෙවත් නැති විදිහකටනෙ කතාව ඉවර වෙලා තියෙන්නෙ.හැබැයි හොද දේවල් ටික දෙන්න පුල්වන් වෙලා. හුගක් හොදයි මල්ලි....:)))

    ReplyDelete
    Replies
    1. හිතන්නේ නැති විදියට කොයි තරම් නම් දේවල් සිද්ධ වෙනවද නිසු මේ ලෝකේ...

      සැබෑ ලෝකේ වෙන හුගක් දෙනෙක්හේ ඇස නොගැටෙන දෙයක් ලිවේ.
      ඒ වගේම තැන්ක්ස් නිසු..

      Delete
  6. මට නම් හිතෙන්නේ මෙහෙමයි...අරක්කු නිසා පවුලේ තිබුනු සමගිය නැතිවෙලා දෙමාපිය ආදරෙ රැකවරණය නැතිවුනු නිසා සදා ඉක්මනින් කිපෙන කෙල්ලෙක් බවට පත්වෙන්න ඇති...කොල්ලෙක් එක්ක යාළුවුනත් ඒ කොල්ලත් එක්කත් අඩ දබර කරගන්න නැතිව ඇති කියලා හිතන්න අමාරුයි ඉතින් එහෙම උනාම ජීවිතේ කලකිරෙන එක අහන්න දෙයක් නෙමෙයිනේ....මටත් මීට සමාන ගෑණු ලමයෙක් හම්බුවෙලා ඉන්නේ සෑහෙන්න පීඩනයකින් දුකින් ඉන්න...ඒගොල්ලන් බලාපොරොත්තුවෙන්නේ අසීමිත ආදරයක්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...
      මත පැන් නිසා ෆැමිලි වල වෙන ප්‍රශ්න අනන්තයි... ඒ වගේම හැම ගැටළුවකටම මත පැන් හේතු වෙනවමයි කියලත් කියන්න බෑ.
      ඒ වගේම සමහරක් වෙලාවට දෙමපියන්හේ නොදැනුවත් බව වගේ තවත් සාධක බලපාන්න පුළුවනි..

      ඒ වගේම විශේෂයෙන්ම ගැමියා මලේ ඔය වගේ කෙනෙක් හමු වෙලා ඉන්නවා නම් කරන්න තියන හොදම වගේම් නිවැරදි දේ තමයි ඒ කෙනාව නිසි ප්‍රතිකාර සඳහා යොමු කරන එක...

      ඒක කල යුතුම දෙයක්..!!

      Delete
  7. කාලෙකට පස්සේ නියම කතාවක් කියෙවුවා!!!

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...