Pages

Saturday, June 30, 2012

මගේ වසන්තය උදා විය - 3 (අදුරු වලාවේ රිදී රේඛාවක්...?)


මේ වෙනකම් කතාව...

"දැන් ගොඩක් හවස් වෙලා, ඒ නිසා පුළුවන් නම් ගෝල්ෆේස් එකේ යන්නැතුව පරිස්සමට ඉක්මනින් ගෙදර යන්න

...ඔව්, එදා නෝටියා ගෝල්ෆේස් එකේ පරක්කු වෙන්නැතුව වෙනදා වගේම ගෙදර ගියා.



****

අද මෙතැන ඉඳන්...

කාලය කියන ඒක ගලාගෙන යන්නේ විදුලි වේගයෙන්ලුනේ. මට නම් හිතෙන්නේ ඊටත් වැඩි වේගයෙන් කාලය ගලාගෙන යනවා. ඔය කාලය ගලාගෙන යන අතරතුරේ රුවන්ති එක්ක කරන කතා බහ වැඩි වෙලා තිබුනේ අපි දෙන්නට වත් නොදැනී. මොනවා කතා කරනවද කියලා ඒ වෙනකොට අපිට වැදගත් වෙලා තිබුනේ නෑ. ඔහේ හිතට එන කතා කතා කරන අතරේ ෆැමිලි ගැන, පෞද්ගලික දේවල් ගැන කතාත් කළා...

ඔය දවස් වල තමයි නෝටියා ඔෆිස් එකේ පර්මනන්ට් උනේ. ඉතින් නෝටියට කරන්න තියන වැඩ වැඩියි. ඒත් ඉතින් පුළුවන් හැම වෙලාවකම texts, calls එහෙම කරන්නත් අමතක උනේ නෑ.

දවසක් දවල් කෑම වෙලාව ලං වෙනකොට... 

"දැන් ලන්ච් වලටත් වෙලාව හරි නේද නෝටි..?, ලන්ච් අරගෙන මට කෝල් එකක් හරි මෙසේජ් එකක් හරි දෙනවද..?"

... කියලා නොටිගේ ෆෝන් එකට text එකක්, නෝටිට තේරුම් ගන්න බෑ වගේ මොකක්ද ඒ රුවන්ති අරගෙන තියන වගකීම කියලා. ඒත් ඒ text එක දැක්කම නෝටිගේ ඇස් දෙකට කඳුළු ආවා නෝටිට අද වගේ මතකයි.නෝටි කෑම කාලා reply කළා.

"මම දැන් කාලා අවා, ඔයා කෑවද"

...කියලා. වැඩි වෙලාවක් ගියේ නෑ.උපරිම විනාඩි දෙකක් යන්න ඇති. reply එකක් ආවා.

"තවම කෑවේ නෑ."

...දෙයියනේ මට lunch ගන්න මතක කරලා එයා තවම lunch අරගෙන නෑ.හිතට මොනවද වෙනවා වගේ දැනුනත් නෝටියා reply කළා අයෙත්,

"මට lunch මතක කරලා ඇයි තවම ඔයා lunch නොගත්තේ"

...කියලා. sms එක delivered වෙලා විනාඩියකින් විතර ආවා reply එක.

"ඔයා lunch ගත්ත කියලා කියනකම් හිටියේ, මම දැන් කන්නම්." 

නෝටිට මොනවා කියලා reply කරන්නද කියලා හිතා ගන්න බැරි උනා. මොකද නෝටිට lunch එක ගන්න මතක් කලෙත්, නෝටි lunch ගත්තා කියලා confirm උනාම  lunch ගත්තෙත් ඒ වෙනකොට නෝටිගේ අම්මි විතරක් නිසා.


****


වසක් උදේ නෝටියා ඔෆිස් එකට යනකනුත් රුවන්ති ගෙන් call එකක් වත් sms එකක් වත් නෑ. ඒ මදිවට phone එකත් වැඩ කරන්නෑ. නෝටියාගේ හිත ඒ වෙලාවේ කොයි තරම් නම් නොසන්සුන් වෙලා තිබුනද කියලා අද වෙනකම් වත් (මේ post එක ලියන වෙලාව) එයා දන්නෑ. ඔෆිස් එකෙත් හරියට වැඩක් කර ගන්න පුළුවන් උනේ නෑ.

මොනවා උනත් office එකේ වැඩ ටික කරන්න ඕනි නිසා වැඩ ටික කරන්න ගත්තා රූම් එකට ගිහින්, 10 වගේ විතර වෙනකොට ඔෆිස් phone එකට එනවා call එකක්. බැලින්නම් boss.

"නෝටි, මොකක්ද දරුවෝ කේස් එක. අද උදේ ඉඳම්ම මූණ නිකම් මල ගේ වගේ. අද මම රූම් එකට යනවා වත් උඹ දැක්කේ නෑ"

"නෑ boss,එහෙම අවුලක් නෑ..."

"නැති වෙන්න බෑ. office එකේ මොකක් හරි මට කියන්න බැරි ගැටළුවක්ද..?, නැත්නම් personal problem එකක් ද...?"

"නෑ boss, එහෙම ප්‍රශ්නයක් නෑ..උදේ ඉඳං මගේ හිස ටිකක් කැක්කුමයි වගේ"

"හරි හරි අවුලක් නැතිනම් කමක් නෑ, ඒත් ඔය වයසේ අයට එන හිසේ කැක්කුම් ගැන නම් ටිකක් හිතන්න වෙනවා, අපේ කේස් පැහුනෙත් ඉඩෝරෙට නෙවෙයිනේ දරුවෝ, මොකක් හරි අවුලක් තිබුනොත් කියන්නකෝ, අමාරු නම් මොනා හරි බීලා එන්න "

"Ok sir, thanks..!"
(Boss ගැනත් වචනයක් කියන්න ඕනි කියලා හිතෙනවා. ඇත්තටම boss කියන්නේ office එකේ වැඩ කරන සුළු සේවකයාට පවා කරුණාවෙන් සලකපු මනුස්සයෙක්.IT field එකේ ලෙසියකින් දකින්න නැති කෙනෙක්, සරලවම කිවොත් office එකේ හැමෝන්ටම තාත්තා කෙනෙක් වෙලා හිටියේ)

office එකේ නොටියගේ රූම් එකයි, boss ගේ රූම් එකයි තිබුනේ face to face, room partition කරලා තියෙන්නේත්  fixed glass වලින් නිසා boss ගේ රූම් එකට නෝටියගේ රූම් එක හොඳට පේනවා. වෙනදා boss එනවා දැක්කම seat ඒකෙන් නැගිටලා "Good Morning Sir..!" කිවත්, එදා නෝටියා එහෙම කරන්න බැරි උන නිසා නෝටියා වෙනදා වගේ නෙමෙයි මොකක් හරි අවුලකින් ඉන්නේ කියලා ඔෆිස් එකේ boss ට click වෙලා ඒ වෙලාවේම.

ඉතින් නෝටියා එලියට අවා මොනාවා හරි බොන්න කියලා හිතාගෙන.office එක ළඟ තිබුන කඩේට ගිහින් coke එකකුයි gold lief එකකුයි අරන් කඩේ පිටිපස්සට ගියා.
(නෝටියා කවමදාකවත් office time එකේදී cigarettes බීවේ නෑ, ඒත් එදා එහෙම උනේ ඇයි කියලා නෝටියට තේරෙන්නෑ. ඒ වගේම එයා මගේ ජීවිතේට ආව දවසේම ඒ පුරුදු සේරම නෝටියා කැළණි ගඟේ පාකරලා යැව්වා.).
Coke එකෙන් උගුරක්‌ බීලා gold lief එක පත්තු කරන්න හදනකොටම වගේ නෝටියගේ  mobile phone එකට එනවා call එකක්. land line එකකින්, 036******* නෝටියා දන්නා අංකයක් නෙවෙයි. සාමාන්‍යයෙන් නෝටියා නොදන්නා අංක වලින් එන calls වලට answer කරන්නේ නෑ. ඒත් නෝටියා answer කලා. 

"Hello... good morning නෝටි.."

...නෝටියගේ අතේ තිබුන Cigarette එක අතින් බිමට වැටුනේ නොටියටත් නොතේරී.හරියට ඇග දිගේ විදුලියක් ගලාගෙන ගියා වගේ උනා.

"Hello, Good morning, රුවන්ති නේද...?"

...හිත සන්සුන් කර ගන්න පුළුවන් උන මුල්ම මොහොතේදී නෝටි ඇහුවා.

"අනේ බලන්නකෝ නෝටි, මෙහෙට හොඳටම වැස්ස. වහින වෙලාවට මේ ෆෝන් වැඩ කරන්නෑ..ඒ මදිවට නායත් යනවා.ඔයා පරිස්සමෙන් ආවා නේද office, මම මේ උදේ ඉදන් දගලලා දගලලා දැන් තමයි land phone එකෙනුත් ගත්තේ..."

...කියලා කිවාගෙන කියවගෙන ගියේ හරියට වැරද්දක් කරලා අහු උන පොඩි එකෙක් ඒක කියනවා වගේ.ඒ කියවීමත් එක්ක නෝටිගේ හිතේ තිබුන නොසන්සු කම මැකිලා ගියේ හිතන්නත් කලින්. රුවන්ති එක්ක විනාඩි 5ක් විතර කතා කරලා office එකට ගියා. හිතට දැනුනේ පුදුම සැහැල්ලුවක්.

office එකට ගිහින් ආයේ වැඩ කරනකොට boss, office visit (මේක තමයි මම හිතන්නේ ඒ ආයතනයේ තියන විශේෂත්වය, පුළුවන් හැම දවසකම උදේට boss, hrm එක්ක office එකේ හැම section එකකටම ගිහිල්ල ඒ අයත් එක්ක වචනයක් දෙකක් කතා කරලා එනවා, boss ගේ room ඒක ඉස්සරහම නෝටියගේ room ඒක තියන නිසා නෝටියා ගේ room එකට තමා අන්තිමට එන්නේ) එක ගිහිල්ලා වෙනදා වගේම අන්තිමටම නෝටියගේ රූම් එකටත් ආවා.

ආ... දැන්නම් කොල්ලගේ අසනීප හොඳයි වගේ.මලානික පාට නැතිවෙලා. මොකද කතා කලාද..?

...ඒ වෙලාවේ නෝටියට හිනා වෙනවා හැර කරන්න වෙන දෙයක් තිබුනේ නෑ.පුරුදු විදියටම boss කතාබහ කරලා ගියේ "දරුවෝ මූණ කියන්නේ ඕනෑම කෙනෙක්ගේ හදවතේ කැඩපත" කියලත් කියාගෙන.




****

මටත් හොරෙන්,
මගේ හිතටත් හොරෙන්,
ඇවිල්ලා...
ඔයා මගේ ජීවිතේ භාර අරන්ද...?
මගේ ජීවිතේ ඔයාගේ කරගෙනද...?
මගේ...
ලියා නොනිමි
ජීවන කවිය ලියන්න..?


****

14 comments:

  1. ayyage welawata office eke boss hodai.nattam itin ayya iwarai.

    ReplyDelete
  2. අයිති කරන් වගේ හිත :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඒ දවස් වල නම්, දැන් නම් සිනක්කරේටම අරන්.

      Delete
  3. U knw wt bro aththatama kadulu awa ban...

    ReplyDelete
  4. **"දරුවෝ මූණ කියන්නේ ඕනෑම කෙනෙක්ගේ හදවතේ කැඩපත"**

    ReplyDelete
  5. එහෙනම් කොල්ලටත් ජය සිරි මංගලම්..!

    ReplyDelete
  6. එහෙනම් කොල්ලටත් ජය සිරි මංගලම්..!

    ReplyDelete
  7. Hafoi, 64 tama ahuwela, galaweemak natha!!!!!!!!!

    ReplyDelete
  8. ජය සිරි මංගලම් කිව්වළු. ඇත්තටම මේ අනිත් එක්කෙනා කන කල් කන්න බෑ වගේ හිතෙන, කතා නොකළොත් දාහක් දේවල් හිතෙන එක ආදරේ පොදු සාධකයක්ද මන්දා! :)

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...