Pages

Friday, April 6, 2012

හෙලුව සැපයි, පෝලිම දැක්කම...(අවුරුදු චාරිකා 01)

අවුරුදු කුමරාගේ වශීකෘත වූද.., කඩ කාරයාගේ අවලන්කෘත වූද..., බැල්ම වැටි ඇති බක් මහේ ලක්දිවට ගොඩ බැහීමට ලැබුනේ පූරුවේ පිනකටද, පවකටද,  යයි නෝටිය තවම සිතන්නේහිය...

මුළු ලංකාවම එක කෙළියට සිංහල හින්දු දෙමළ ( යුද්දේ දිනන්න කලියෙන් සිංහල හින්දු අලුත් අවුරුද්ද කියා කීවද යුද්දේ දිනුවට පස්සේ එය අපිටද නොදැනීම සිංහල දෙමළ අලුත් අවුරුද්ද විය. ) අවුරුදු කන්න ලැස්ති වෙන්නේහිය.

ඕන පු...ක් දෙකයි පනහයි කියලා නෝටියද අවුරුදු සිරි විදගන්නට එලියට බැස්සෙහිය...

හුටස්‌..ය,
ටවුමේ දාර පෝලිමකි... කිසිත් නොදන්නා මාද පෝලිමට ලංකර එතන උන්නු බවලතියකට වදනක් දා බැලුවෙහිය.
මගුලකි..!
එය ඇදුම් සාප්පුවකට යන්න තියන පෝලිමකි.නෝටියට කලන්තේ නොහැදුනා විතරය... හරියට ලංකාවේ මිනිස්සු  අවුරුද්දකම හෙළුවෙන් ඉදලා වගේය...
ඒ තරමටම ඇදුම් ගන්න පොරකනවාය...

උඩු රාවණා ගේ මෙව්වා ඒකෙන ඉස්සුවේ

මෙච්චර පෝලිමක ඉද අදුම අදිනවට වඩා හෙළුවෙන් ඉන්න එක දාහෙන් සම්පතක් කියා මගේ ටිකිරි මොලේට වැටුන නිසා මා එතනින් මාරු විය. (බන්දුල මාමාගේ තුනටම 7500 ඇති මෙව්වා එකත් එක්ක බැලුවාම අනාගතේදී හෙළුවෙන් ඉන්න වෙන එක එතරම් ගැටළුවක් නොවෙයි කියා දැන් දැන් නෝටියට සිතෙන්නේහිය)

දැමු දාඩිය පොල්ලත් පිහිදමින් ටවුමේ ඇතුලට එන්න ආවේමිය...

අඩ මේ....!! අඩ මේ...!! 
බුවෙක් ගිරිය කඩන කෑ ගසන්නේහිය... මාද එතනට කිට්ටු කර බැලුවෙහිය...
පිස්සු කොරය...
මෑන්ස් විකුනන්නේ රතිඥ්ඥා ය..!
මාද රුපියල් 50ක් දුන්නෙහිය... ඒ ආදයම ගානේ චීන පටස් 10ක් වත ලැබේවි යයි සිතාය... කිරි අප්පට $@#%$#@%#@ කිව්වලු...
අරු මට දෝත බදලා චීන පටස් දෙකක් දුන්නෙහිය...

මෑන්ස්ට වැරදුනා වත්ද යයි සිතා "අය්යියා මම ඔයාට රුපියල් 50ක් දුන්නානේ..." යයි කිව්වෙහිය...
"හෙහ් මල්ලි එකක් 25යි, 50ට ක් දෙන්න මෙව්වා සීනි බෝල කියල හිතුවද...?" යයි කියා අවලං හිනාවක්‌ දම්මේහිය...

අවුරුදු සිරි එපා වූ මා රතිඥ්ඥා දෙකත් රැගෙන ගෙදර ආවේ රතිඥ්ඥා දෙක වත පත්තු කර සැනසෙනවා කියා සිතාය...

නොදෝමකින්ය...!!

පත්තු කරන්න හදනකොට එකක නුල ගැලවිණි...
අනික පත්තු විය...
කන් දෙක වහගන්න හදනකොටම චුස්‌..! ගෑවේය...

තවම ඒ රතිඥ්ඥා විකුණන එකාට හචිං යනවා බුදු සුවර්ය....



ප.ලි.
නොටිච්චි අවුරුද්දට සොපින් කරන්න යන්න ඕනි කියා නහයෙන් අඩන්නේහිය... දැන් ඉතින් තෙවන ලෝක යුද්දෙට ලැස්ති විය යුතුය...
අර කිරිකට් ගහන අය අධි ආරක්‍ෂිත කලාපය ආරක්සා කර ගන්න දාන වගේ ගැජට් එකක් වහාම ගත යුතුය... 
ගූගල් දෙයියා තම පිතුරේ සොයලා දුන්නේ...
සොපින් කොරන්න යනවා වගේ නෙවෙයි දාර පෝලින් වල පොරකන්න ගිහිල්ල තියන ගැජමැටික් වලට හානි කරගන්න කවුද අප්පා කැමති.

18 comments:

  1. ආශ්චර්යයට තව පොඩ්ඩයි :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා...තව සුට්ටම සුට්ටයි..

      Delete
  2. නෝටිච්චි පහර දෙන තැන භයානකය.

    ඇයි බං එතෙන්ටම ගහන්නේ?? ඒච්චරට බයද?

    අන්න ඔබ නොදුටු ලොවක් අයියා දාල තිබ්බ‍ උණ වෙඩි තුවක්කු හදන හැටි ඒකක් හදන් පත්තු කරපං.. ඥ))

    ReplyDelete
    Replies
    1. සික්... බෝගේ කැත හිත... නෝටිච්චි පහර දෙනවා නෙවෙඉ බෝල...
      අර දාර පෝලිමක පොරකන්න ගිහින් මොකක හරි වෙයි කියලා...

      Delete
  3. එහෙනං සුභ නව වසරක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා කතන්දර...

      Delete
  4. I wish u all the best
    happy new year


    Thanks.
    TimmBlog

    .

    ReplyDelete
    Replies
    1. Thanks a lot Timm and wish you the same...
      Very very happy new year..!

      Delete
  5. එළ එළ නෝටියෝ සුභ අළුත් අවුරුද්දක්ම වේවා සිය පවුලටම...22 එනවනේ එහෙනං....

    ReplyDelete
    Replies
    1. හී... හී...
      ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

      22 එන්න ෆුල් ට්‍රයි..ඊට කලින් ආයෙත් යන්න වෙන සයිස් එකක් තියෙන්නේ...

      Delete
  6. හි හි මරු ඈ මොනා උනත් අන්තිමට තියෙන පින්තූරේ ගොඩාක් වැදගත්....

    ReplyDelete
    Replies
    1. හී... හී...
      අනිවා අනිවා... පරම්පරාව රැක ගන්න ඕනිනේ...

      Delete
  7. ඔන්න එහෙනම් මාත් ආවෝ ආවට කමක් නැද්ද මංදා?

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වෙල්කම්....
      සාදරයෙන් පිලි ගන්නවා...

      Delete
  8. අපේ මිනිස්සුන්ගෙ වැඩ දැක්කහම ඇ‍ඬෙනව...

    ReplyDelete
    Replies
    1. ඇඩනවා කියන්නේ ඇස් දෙකටම අඩනවා...

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...